Monday, November 19, 2012

DEFINITION නැති ආදරේ ...


කාලයක් තිබුන “ ආදරේ කියන්නේ මොකක්ද මොනවගේ දෙයක් ද? ” කියන ප්‍රශ්නය තුබුණු. ඔය කියන ප්‍රශ්නය  තමන්ගේ කොල්ලට තුරුලුවෙලා ඉන්න කෙල්ලෙක් ඇහුවොත් ඒ කොල්ල වැටෙන්නේ සුළුපටු අමාරුවක නෙමෙයි. (මම මෙතන කෙල්ලෙක් අහනවා කියල දැම්මේ මුකුත් නෙමෙයි , ඔය වගේ ප්‍රශ්න අහන්නේ කෙල්ලෝ නිසා ) හැබැයි ටිකක් හිතන පතන කොල්ලෝ දන්නවා ඒ වගේ ප්‍රර්ශනෙකට කෙල්ලගේ හිත සතුටු වෙන විදිහේ උත්තර දහසකතුත් දෙන්න පුළුවන් කියන එක. “ ආදරේ කියන්නේ අහස වගේ දෙයක්” , “ආදරේ කියන්නේ මහා පොලොව වගේ දෙයක්”, “ඒක හරියට මුහුද වගේ ඉමක් කොනක් පෙන්නේ නෑ” ඔය වගේ රටේ නැති කතා ආදරේ ගැන තියනවා. තවත් දෙයක් , නිර්මාණශීලි හැකියාවන් එක්ක ආදරේ කරන්න පුළුවන් කොල්ලෙක්ට  “ආදරය මොනවගේද” කියන ප්‍රශ්නෙට ගොඩක් සුන්දර , රැඩිකල් , කෙල්ල කවදාවත් බලාපොරොත්තු නොවුණු උත්තරයක් දෙන්න පුළුවන් වෙයි.


ආදරය කියන්නේ මින්ස්සු මුණ දීල තියන් අසීරුම ප්‍රශ්න වලින් එකක්. එක අතකට ඊට වඩා ලේසියෙන්ම උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයකුත් නෑ වගේ. එක වෙලාවක  ආදරය කියන්නේ ගලාගෙන යන ගගක් . අමතක කරන්න එපා පරණ කතාවකුත් තියනවනේ ඔයාලට එකම ගගකට දෙපාරක් බහින්න බෑ කියල. ඕනෙම නම් තව කෙනෙක් කියයි ආදරේ හරියට “උල්කාපාතයක්” වගේ කියල .මුලදී හරි ලස්සනට උල්කාව පහතට එනවා . හැබැයි පහලට  එකකොට හුළං !!. මුකුත් නෑ. කව්රුහරි කිව්වොත් ආදරේ කියන්නේ සෙනග පිරුණු බස්එකක් කියල , මම පුදුම වෙන්නත් නෑ . සමහර වෙලාවට ආදරේ කියන්නේ රෑට බක! බක! ගාන ගෙම්බෙක් වෙන්නත් පුළුවන්. J


තමන්ගේ හිත ගත්තු කෙල්ලට හරි කොල්ලට හරි ආදරේ ප්‍රකාශ කලට පස්සේ දැනෙන හැගීම් හරිම තිවුරයිලු. මම නම් ඕව දන්නේ නෑ ,ඔයාල තමයි දන්නේ .ඒ දවසින් පස්සේ දැනෙන රොමැන්ටික් උත්තේජනය , කවදාවත්  අමතක නොවෙන රසය , ආදර සම්බන්දතාවයක් ආරම්භ උනාට පස්සේ ඇතිවෙන අතුරු ආබාධ නම් එමටයි. ඒ අතරට නින්ද නොයාම . හැම ගහක් ගලකම ඔහු හෝ ඇය පෙනීමට පටන් ගැනීම, ඔහු හෝ ඇය සමග කතා නොකරන විනාඩියක් අවුරුදු ගණනක් සේ දැනීම . ලෝකේ තියන  හැම ගීතයක්ම ලියවිලා තියෙන්නේ තමන් දෙන්නා ගැනයි කියමින් සිතීම , මේවා  ආදරයේ ඇති classic side Effects.සැන්දෑවක උද්‍යානයක එක බැංකුවක වාඩිවෙලා කතා නැතිව නිහඩතාවය රසවිදින, අවුරුදු  70 පහු කරපු ආදරවන්තියෝ ආදරවන්තියෝ ඉන්නේ චිත්‍රපටි වල විතරක් නෙමෙයි.ඒගොල්ලන්ට ආදරය ගැන පැහිදිලි අදහසක් නැති වෙන්න පුළුවන්, ඒත් ඔවුන් අවුරුදු 40ක් 50ක් එකට ඉදිමින් ඒ ආදරය විදිනවා. දැන් ඔයාල දන්නවා “ආදරය කියන්නේ මොන වගේ දෙයක්ද?” කියන ප්‍රශ්නෙට ඇත්තටම උත්තර නෑ කියලා. ඒ කියන්නේ මේ දෙපැත්තක් ඇති තේරුමක් නැති අකුරු තුනේ අමුතු වචනෙට  NO DEFINITION !!

2 comments:

  1. ආදරේ DEFINITION එක තෙරුම් ගන්න අපි පොඩි වැඩී..... ආදරේ කියන්නේ කෙල්ලෙක් කොල්ලෙක් ලව් කරන එකට වඩා ගොඩක් දුර තියන දෙයක්...

    ReplyDelete
  2. ම්ම්ම්ම් ඔකට කවදාවත්ම කටවත්ම DEFINITION එකක් දෙන්න හම්බෙන්න නැ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...