Wednesday, October 17, 2012

අශ්වයා හා බුරුවා ....


අපි අතරේ ගොඩක් වෙනස් අය ඉන්නවා .එකිනෙකට වෙන අදහස් තියන යාලුවෝ නෑදෑයෝ ඕනෑතරම් .එකම කුලයේ  ඒ කියන්නේ එකම පවුලේ සහෝදර සහෝදරියන්  අතරේ වූනත් විවිධ අදහස් තියන අය ඉන්නවා .ඒ සහෝදර සහෝදරියන්  අතරේ හොද,  නරක කියන අදහස් දෙකම තියන අය ඉන්න පුළුවන්.එක්කෙනෙක් දක්ෂ වෙනකොට අනික අදක්ෂ වෙනවා .කෙනෙක් බුද්දිමත් වෙනකොට අනෙකා මෝඩ කෙනෙක් වෙනවා.එක්කෙනෙක් නපුරු වෙනකොට අනෙකා හොද ගතිගුණ තියන නිහතමානී කෙනෙක් වෙන තැන් ඔයාල දැකල ඇති. සමහර විට ඔයාලගේ ගෙදරම වෙන්නත් පුළුවන් .


            ඇත්තටම අශ්වයා කියන්නෙත් බුරුවා  කියන්නෙත් ඒ වගේම ජෝඩුවක් තමයි .අශ්වයා ගොඩක් වෙලාවට යොදා ගන්නේ ප්‍රභූ වැඩවලට .එත් බුරුවා නම් යොදා ගන්නේ බර අදින්න .අශ්වයා කියන්නේ ඉතාමත් බුද්දිමත් සතෙක් .ඒ වගේම හරිම ශක්තිමත් සතෙක් .ඌ තමන්ගේ ස්වාමියට ගොඩක් ගරු කරනවා .ඒ වගේම එයාට අවනතයි ,ආදරෙයි .බුරුවා ඊට ටිකක් වෙනස් චරිතයක් . ඌත් තමන්ගේ ස්වාමියට ගරු කරනවා ඒත් හැමවෙලේම නොවෙයි , .බුරුවා තමන්ගේ පිට මත ඕනෙම දෙයක් තියාගෙ න යන්න ලෑස්තියි .එයා එච්චර ඒ ගැන හිතන්නේ නෑ .එනෙම දෙයක් අදිනවා .ඒත් බුරුවා සෘණාත්මක සතෙක් .ඌ කොයිම වෙලාවකවත් මට මේ  දේ පුළුවන් කොහොම හරි කරනවා කියන මතයේ නෑ .බැරි වෙලාවත් බුරුවට ගොඩක් බර පැටවුවොත් ඌ බිම දිගාවෙලා නිදාගන්නවා . එතනින් එහාට එක අඩියක් තියන්නේ නෑ . ඒ උගේ තියන සෘණ සිතුවිලි නිසා .ඒත් අශ්වයාගේ සිතුවිලි එයට හාත්පසින්ම වෙනස්. ඌ කවදාවත් ඌව  නාවන .පිට වලිගය බ්‍රෂ් කරන , තමාට සාත්තු කරන සේවකයාට තමන්ගේ කරට නගින්න දෙන්නේ නෑ .ඒ ඌ දන්නව මේ තමන්ගේ ස්වාමියාගේ සේවකයෙක් බවත් . ඒ සේවකයාගේ තත්වයත් .ඒ තරමටම ඌ බුද්ධිමත් .ඒ වගේම ආඩම්බරකාර සතෙක් .අශ්වයාගේ පිටට කොතරම් බර එකතු කලත් ඌ බර දරන්න බෑ  කියලා බුරුවා වගේ බිම ඇද වැටෙන්නේ  නෑ .කොහොම හරි ඇවිදිනවා. ඒ උගේ තියන ධනාත්මක බව නිසා .බැරිවෙලාවත් දරාගන්නම බැරි බරක් දැනුනොත් ඌ කරන්නේ පස්ස ගාත් දෙකෙන් හිටගෙන පිටේ තියන් දේවල් බිම දැමීම .


හැමෝම දැකල ඇති මේ දෙන්නගේ කන් පිහිටලතියන විදිය .බුරුවගේ කන් ටිකක් ලොකුවට තිබුනට ඌ එවහරවාගෙන ඉන්නේ පිටිපසට ඌ හැමවෙලේම පසුපසින් එන දේවල් ගැන තමයි සැලකිලිමත් වෙන්නේ .ඒ කියන්නේ පසුපසට ගිය දේවල් , අතීතය ගැන තමයි  ඌ කන් යොමාගෙන ඉන්නේ . ඒත් අශ්වයා හැමවිලේම කන් යොමාගෙන ඉන්නේ ඉදිරියට ඒ කියන්නේ අනාගතයට .ඌ හැමවෙලේම ඉදිරියෙන් එන දේවල් ගැන විමසිල්ලෙන් ඉන්නේ .හැමවිලේම ඌ අලුත් දෙයක් බලාපොරොත්තුවෙනවා .ඒවට සුදානමින් තමයි ඌ ගමන් කරන්නේ . අශ්වයාත් බුරුවත් එකම කුලයේ සතුන් වුනත් එකිනෙකට වෙනස් පරස්පර ගති තියන සතුන් දෙන්නෙක් .


අපි අතරෙත් මෙහෙම අය ඉන්නවා කියල මම කලිනුත් කිව්වා,  ඔයාලත් දන්නවා .අපි අතරෙත් ඉන්නවා බුරුවා වගේ අත්තියට කන් යොමුකරගෙන ඉන්න අය .එයාලට අනාගතය ගැන කිසිම අදහසක් නෑ .අත්තිතයේ  වූන අතපසුවීම්  ගැන දුක් වෙමින් ජීවත් වෙනවා .ඇත්තටම ඒවායින් වැඩක් නෑ .මොකද දුක් උනා කියල ඒ වැරැද්ද හරි ගස්සන්න බෑනේ .වැරැද්ද හදුනා ගැනීම විතරයි කරන්න පුළුවන් .අශ්වයෙක් වගේ අනාගතයට කන් යොමාගෙන හිටියොත් ආයේ වැරැද්ද වෙන එකක් නෑ . ඒක නිසා අශ්වයෙක් වෙනවද බුරුවෙක් වෙනවද කියල ඔයාලම තීරණය කරන්න ..

5 comments:

  1. අඩේ කොටළුව ගැනත් ලියපං.. හි හි

    ( මඩක් ගහන්න තිබ්බ මූ ටිකක් ෆිට් උනානම් .. )

    ReplyDelete
  2. මම අස්සයෙක්ලු ඈ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. අඩේ මේ දෙකම තියෙන උන්නේ වැඩිපුර ඉන්නේ

    ReplyDelete
  4. මාර ලියවිල්ල! ජයම වේවා!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...