Wednesday, February 5, 2014

කැඩුණු බිදුණු හදවත් ... !!!

කව්රුත් කැමති සතුටින් ඉන්නලු.. ඒත් ඒ සතුට ඇති වෙන්නේ නැති වෙන්නේ මහ පුදුම විදිහකට. සමහරකුට සතුටක් වෙන දෙයක් සමහරකුට දුකක් . ගොඩක් අය නම් කියන්නේ ඒක එයාගේ choices එක කියලා. ඒ උනාට ඔය කතාව ආදරය කියන මාතෘකාවදී වෙනස් වෙනවා. ඒත් කතාව පිළිගන්නේ නම් අඩු පිරිසක් .Choices එකට ගැලපෙන කෙනාව හොයාගෙන එයාට ආදරය කරන එක choices එක නෙවෙයි නම් වෙන මොකක්ද කියලයි ගොඩක් අය අහන්නේ.. අද මගේ කතාව ආදරයවත් choices ගැනවත් නෙවෙයි. අද කතාව ආදරයේ බිද වැටීම ගැනයි .


ආදරය කිරීම එකක් .. ආදරය ලැබීම තව එකක් .. ආදරය ජය ගැනීම තව එකක් .. ආදරයෙන් වේලීම තව එකක් .. ඔය ඔක්කොම අද සමාජයේ තියනවා . ඒත් ගොඩක්ම තියෙන්නේ ආදරයෙන් අන්ධ වෙන සිදුවීම්. ආදරය ලබලා ආදරය කරලා ඇති ඔයාල හැමෝම . ඒක පාර්ශික ආදරනම් හැමෝගාවම. එතනිනුත් කෙනෙක් හොයාගෙන ආදරය කරලා විවාහය දක්වා යන්නේ කීයෙන් කී දෙනාද? ආදරෙන් බැදලා විවාහය අසාර්ථක වෙන අයත් නැත්තේම නෑ. පාසල් කාලේදී ගොඩක් අය ආදරය කරනවා ආදරය ලබනවා. සමහර අය ඒවා දිගටම පවත්වාගෙන යනවා. බහුතරයක් නැති වෙනවා.. ඒවාට කියන වචනය අපි කව්රුත් දන්නවා. BOOT.  ඒ කාලේට boot කෑම සාමාන්‍ය දෙයක් වෙනවා .. කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනසක් නෑ boot තියන්නත් පැකිලෙන්නේ නෑ. ඒ උනත් සමහර වෙලාවට ඔය කතාව හැම කෙනාටම කියන්න අමාරුයි. මොකද මාසයක දෙකක . අවුරුද්දක ආදරයක් නම් ඒක කියන එක ලේසි .. ඒත් අවුරුදු 4ක් 5ක් පැවතුනු එකකට එහෙම කියන එක නම් සාදාරණ නැති වෙයි. මගේ යාලුවෙක් එයා කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා . AL කාලේ යාලු උනේ. කෙල්ල මොනවා කලත් යාලුවෝ එපා කිව්වත් ඒක ගණන් ගන්න උවමණාවක් තිබුනේ නෑ. මොකද කෙල්ලත් මෙයාට ආදරය කල නිසා. අවුරුදු ගෙවුණා. විභාග පාස් වෙලා කෙල්ලට Campus යන්න ආවා. ඒත් මගේ යාලුවට නම් යන්න බැරි උනා. Campus ගියත් සම්බන්දය කාලයක් තිබුණා. මේ කෙල්ල සෙට් උනේ දුර තිබුණු campus එකකට. එක්ක යන වැඩ, එක්ක එන වැඩ සේරම මෙයා කලත් අන්තිමට මේ කෙල්ල වෙන කෙනෙක් දිහාවට හැරුනා.. එක දවසක එක සිදුවීමයි . අවුරුදු 4ක සම්බන්දයක් ඉවරයි..යාලුවෝ සහෝදර සහෝදරියෝ , දෙමව්පියෝ සේරම දැනගෙන උන්නු සම්බන්දයක් . ඒක විනාසයි . එතකොට ඒක බූට් එකක්ද ? . ඔව් එක පැත්තකින් එහෙම තමයි . එහෙම නැත්නම් වැරදි වටහා ගැනීමක්ද ? මම හිතන්නේ නෑ . අවුරුදු 4ක් එකිනෙකා ඇදුනා ගන්න බැරි උනා කියලා . ඒක බූට් එකක් නම් ඒක කොහොම දැනෙනවා ඇතිද? . ඒක දැනෙන්නේ එයාට විතරයි. ආදරයෙන් සමුගන්න ඕනේ කියලා කලින් පිපියක් ලිව්වා. ඒත් ඒක හැමෝටම කරන්න බෑ. ඒක දන්නේ ඒ කෙනා විතරයි තුවාලේ වේදනාව දන්නේ ඒක තියන එකාලු.


සමහර අය ආදරයට ආදරය කරනවා. සමහර අය ආදරය පරිත්‍යාග කරනවා. සමහරු ආදරය නිසා විනාශ වෙනවා. සමහරු ආදරයට වෛර කරනවා. ඒකටත් හේතුවක් තියනවා. සමහර විට එයාලා ඒකෙ වටිනාකම දන්නේ නෑ. සමහර විට එයාගේ ආදරේට හරි වටිනාකමක් ලැබිලා නෑ. එයාව රවටලා. කෙනෙක්ව රවටලා ගන්න පුළුවන් සේරම දේවල් අරන්, දාලා කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම අද ඉන්නවා .. ඒත් එයාල කවදා හරි ඇත්තටම ආදරයක් කරන්න ගත්තාම පරණ දේට සමාවක් ලැබෙන්නේ හරි කලාතුරකින්. ආදරය කියන්නෙ බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනෙ හැඟීමක්. ඇත්තටම කියනව නම් හරියට දෙපැත්ත කැපෙන පිහියක් වගේ. කෙල්ල වැඩේ අතෑරියොත් කොල්ල ඉවරයි. ඒ වගේම කොල්ල අතෑරියොත් කෙල්ල ඉවරයි.ඒත් තව සමහර පොරවල් ඉන්නව අර නැව ගිලුනත් බෑන්ඩ් චූන්. ඇත්තටම ඒ වගේ ඉන්න එක නම් හොඳයි. ඒත් පොඩි කොස්සක් තියෙනව! ඒ තමයි උන්ට ආදරේ හරියට තේරෙනවද කියල දන්නෙ දෙයියො තමයි. හැබැයි බූට් එකකදි හොඳටම මූණ දෙන්නෙ නම් මේ කොට්ටාෂයෙ කට්ටිය තමයි.බූට් වැදිච්ච උන් කොච්චර හිටියත් අපි කවදාවත් බූට් වලට හේතු මොනවද කියල නිකමටවත් හිතනවද? නෑ නෙ! ඕක තමයි ලොකුම අවුල. තව දෙයක් අමතක වුනා. එක අතකට බූට් එකක් වදින එක හොඳයි. මොකද ඔක්කොම අමතක කරල එක වහලක් යටට ආවට පස්සෙ එහෙම දෙන්න ගැලපෙන්නෙ නෑ කියල මොකද වෙන්නෙ? සෙනෙහසේ නවාතැන යකාගෙ නවාතැනක් වෙනවමයි. ඒකයි බූට් එක වැඩිය හොඳයි කිවුවෙ. දෙන්න කොච්චර ආදරෙන් හිටියත් අර මොකක්ද අන්නෝන්‍ය අවබෝදෙ (දෙන්න හොඳම දෙන්න ගැන දැනගන්න එක) කියන එක  නැත්නං ඉතින් වැඩක් වෙන්නෙ නෑ.

කොහොම හරි මට කියන්න නම් තියෙන්නෙ බඳින්න ඉස්සෙල්ල අනිත් කෙනාව හොඳට අධ්‍යයනය කරන්න. ගොඩක් වෙලාවට තමන් ඉදිරියෙ ඉන්න කෙනාගෙ ඇතුලාන්තය ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ආදරයෙන් අන්ධ වුනොත් අපිට ගොඩක් දේවල් මඟහැරිල තමන්ගෙ ආදරවන්තයගෙ හරි වන්තියගෙ ‍හොඳ විතරක් දකීවි. ඒ අන්ධ බව ජීවිත කාලෙම තියා ගත්තොත් නම් හරි.(කරුමෙට එහෙම කරන්න හරි අමාරුයි). ඒක නිසා ආදරයටත් සිමාවක් තියා ගන්න. හොඳට හඳුනනව නම් ඒ දෙන්න වෙන් කරන්න බොහොම අමාරුයි. ඔය සංසාරික බැඳුම් කියල කියන්නෙත් ඒවටම තමා.ඔයාලත් සුන්දර සංසාරික ආදරයක් ලැබේවා.

5 comments:

  1. අව්‍යාජ ගති නැතුව ලව් කලා නම්.. ඒ කාලෙ අභයන්තරයක් බලන්න දෙයක් නැහැ...

    බය නැතුව බඳින්න තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. උඹ නං කියාවි සෑමෝ.. හැක්.

      Delete
  2. සුංදර සංසාරික ආදරයක් හැමෝටම ලැබෙන්නෙත් නෑ බං.. එක්කෝ ලැබෙන්න පරක්කු වෙනවා.. එතකන් ඉතින් හම්බුවෙන අයගේ ඔය කිවුව දේවල් ගැන හිතද්දී කාලය හරි..

    ReplyDelete
  3. පිස්සු සිදියක් නේ................

    ReplyDelete
  4. ooka thama aththaa..anna edaata serama dewal mathakayak pamanai....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...