Tuesday, February 18, 2014

ලෝකෙට පේන්න කරන උදව්....


හොද කාලයක් වගේම නරක කාලයක් කාටත් තියනවා. එකෙක්ට හොද කාලයක් ලබනකොට තව කෙනෙක් නරක කාලයක් ලබනවා. ඒක ලෝක ස්වභාවය. අපිට උදව්වක් ඕනේ වෙලාවට උදව් කරන්නේ කීයෙන් කී දෙනාද. එහෙම කාල වලදි ගොඩක් අය කරන්නේ අහක බලාගෙන ඉන්න එක. ඒ වගේ උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ.කෙනෙක්ගේ සතුටක ඉදලා දුකකදී අහක බලාගෙන ඉන්න උන් ගැන නම් කතා කරන එක අපරාදයක්.


කොහොම උනත් එකා මොකා උනත් ඌත් මනුස්සයෙක් . උටත් උදව් ඕනේ වෙලාවල් එනවා. මොනවා උනත් සමහර අය උදව්වට එනවා. එහෙම අය ඉන්න එකත් වාසනාවක්.සමහර වෙලාවට ඒ උදව්ව සුළුපටු එකක් නොවෙන්න පුළුවන්. ඒත් තවත් සමහර අය උදවුවක් කරන්න එන්නේ උදවුවක් බලාගෙන.අර කතාවටත් කියන්නේ 'මීයක් කඩන්නේ අත ලෙව කන්න ද' කියලා.අන්න එහෙම උන්ගෙනුත් පරිස්සම් වෙන්න ඕනේ.

කරදරයක වැටිලා ඉන්න එකා උදවුවක් කරන්න එන කෙනා ගැන 100%ක්ම විස්වාස කරන නිසා අනිවාර්යෙන්ම උදව් ගන්නවා.ඊට පස්සේ කරදර කාලේ ඉවර උනාට පස්සේ උදවු කරපු එකා හදන්නේ මූගෙන් තමන්ට කරගන්න පුලුවන් වැඩ කරගන්න.ඇත්තම කතාව අද වෙනකොට කෙනෙක් උදව් කරන්නේ නම් ඒ උදව් කරන එකාගෙන් මොනවා හරි බලා පොරොත්තුවෙන්මයි. එහෙම නොවෙන අයත් නැතුවම නෙවෙයි. ඒත් කතාව සරලයි, මොකෙක් හරි කරදයක නම් මුලින්ම බලන්නේ අමාරුවේ වැටුන එකා මොන තත්වෙකද කියලා. එකා හිගන්නෙක් නම් සමහර විට පේන්නෙත් නෑ. අද වෙනකොට උදව්ව බල්ලට ගිහින්.  සාමාන්‍යයෙන් කෙල්ලන්ට වඩා කොල්ලෝ උදව් කරනවා වැඩි. එක මම දැකල තියන දෙයක්. ඔයාලත් දන්නවා ඇති . කෙල්ලෝ කියන්නේ නම් ඔකේ අනිත් පැත්ත. ඒ උනාට සමහර වෙලාවට එයාලම ඕක පිලිගන්නවා. කොල්ලෝ උදව් කරන්න කැමති තමයි. හැබැයි වැඩියම උදව් කරන්නෙත් කෙල්ලන්ටමයි.. ලැබෙන කෙහෙම්මලකුත් නෑ .. උන් උදව්ව අරන් යන්න යනවා. කෙල්ලන්ට උදව් කරන්න ගිහින් කොල්ලන්ට කෙළවෙන වෙලාවල් ඕනේ තරම්. උදව්වට ගිහින් හරියන වෙලාවලුත් නැත්තේම නෑ.
 
උදව්වට එන අයගෙන් සමහරු යාලුවෝ සමහරු නෑදෑයෝ, සමහරු හිතවත් අය. ඔය කව්රු උදව් කලත් ඔතනින් වටිනාම පිරිසකුත් ඉන්නවා. ඒ තමයි අපි කවදාවත් ඇදුනාගෙන නැති අය.  සමහර අය ඉන්නවා කරදරයක් උන කෙනෙක් දැක්ක ගමන් උදව් කරන. එයාලට අර කරදරයට වැටුන කෙනාගේ තත්වේවත් එකාගේ රූපයවත් වැඩක් නෑ. එයාට පෙන්නේ මෙයාට උදව්වක් ඕනේ කියලා විතරයි. සමහර වෙලාවට සමහර අයට උදව්වට එන්නේ එයාල හලලා දාපු පුද්ගලයෝමයි. ඒ වෙලාවට අරයට ඉතුරු වෙන්නේ පසුතැවිල්ලක්ම විතරයි.  

උදව් කිව්වම පරිත්‍යාගය කියන්නෙත් නොකියම බැරි වචනයක්. උදව්වක් කිව්වත් පරිත්‍යාගයක් කිව්වත් කමක් නෑ කියන තරමට එක සම්බන්දයි කියල මට හිතෙනවා.. කොහොම උනත් ගොඩක් අය උදව් කරනවා කියලා කරන්නේ පරිත්‍යාග කරන එක තමයි. සල්ලි වලින් , ශ්‍රමයෙන් , විවිධ බාන්ඩ වලින් , ලේ වලින් , ශරීර අවයව වලින් , සමහර විට ජිවිතයෙන් පවා පරිත්‍යාග කරන මිනිස්සු ලෝකයේ ඕනේ තරම් . අවංකවම පරිත්‍යාග කරන කෙනා දන්නවා එකේ තියන වටිනාකම ඒක නිසා පරිත්‍යාගය ලෝකේ තියන හොදම දේ කියලත් ඒ අය විස්වාස කරනවා. ඒ නිසා එයා නිතරම පරිත්‍යාග කරනවා. ඒත් පරිත්‍යාගය පරිත්‍යාගයක් විදිහට පරිත්‍යාග කරන මිනිස්සු අඩුයි. “ ලෝකට පරකාසේ ගෙදරට මරගාතේ  ” කියලා පරිත්‍යාග කරන බොහෝ දෙනෙක් පරිත්‍යාග කරනවා වගේ පෙන්නුවට ඒ අය පරිත්‍යාග කරන්නේ නෑ. මේකට හොද උදාහරණයක් එක වැඩසටහනක කිව්වා .. “ ඔය පරිත්‍යාගය ගැන ලෝකෙට පම්පෝරි ගහන හුග දෙනෙක් හචිමක් වත් එලියට යවන්නේ නෑ. ඒකත් අතට යවලා ඔලුවේ ගා ගන්නවා  ” කතාව නම් සහතික ඇත්ත. ඔය පරිත්‍යාග ගැන කතා කරන ගොඩක් අය කියන තරම් දේවල් ලෝකෙට දෙන්නේ නෑනේ. උන් එල්ලෙන්න ඕනේ උනත් කඹේ හොයන්නේ ලාබෙට ගන්න .. සමහරු නම් උදව්ත් කරනවා, පරිත්‍යාගත් කරනවා . ඒත් වැඩක් නෑ. මොකද ඒ අය ඒ දේ කරන්නේ යමක් බලා ගන්න බලාගෙන. බයිබලයේ තියෙනවා මෙහෙම කතාවක් .අපි උදවුවක් කරන්න ඕනේ අපට ප්‍රති උදවුවක් කරන්න බැරි කෙනෙක්ට ලූ. එතකොටලු ඒ උදව්ව නියම උදවුවක් වෙන්නේ.

 

සමහරු උදව් ගන්නවා සමහරු උදව් කරනවා. උදව් ගන්න හැම එකාටම ඔය උදව්ව මතකත් නෑ ඇත්තම කතාව.  කරපු උදව්වක්  මතක තියෙන්නේ කී දෙනාටද .. ඉස්සර රණ විරුවා අද හමුදා කාරයා.. එක කතාවක් තියනවා සිංහලයට මතක තියන්නේ සති 2යි ලු ඊට පස්සේ නෑ.. උදව්වට උදව්වක් බලාපොරොත්තු වෙන එක නම් හොද නෑ තමයි ඒත් උදව්ව මතක තියන එක නම් වෙන්න ඕනේ . සමහරුන්ට මුල මතක නෑ . උන් හිතන්නේ එක පාරම ගෙම්බා පොලේ ගැහුවා වගේ මේ ලෝකෙට ආවා කියල. අම්ම තාත්තා මතක නැති කාලයක්.කොහොම උනත් උදව්වට උදව්වක් කිරීම අපේ යුතුකමක් . නමුත් උදව්වට උදව්වක් බලාපොරොත්තු වීම එක අතකින් නොවිය යුතු දෙයක් තව අතකින් මෝඩ කමක්.

 



1 comment:

  1. මොන විදියෙන් හරි උදව් කිරීමට සැදී පැහැදි සීටිමත් එයින් ආත්ම තෘප්තියක් ලැබීමත් හොදම දෙයලු..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...