Monday, January 13, 2014

Birthday Party සමග සෙරෙප්පු හොරු ...

උපන්දින නම් කාටත් එන්නේය .. ඒවාට party ගන්නද වෙනම පිරිසක් සිටියි. හොද තැනකට ගොස් හොදට කාබී උගේ උපන්දිනය කවදාවත් අමතක නොවන ලෙස ඌට හොද බිලක් තැබීම හොද මිතුරන්ගේ විශේෂත්වයයි.. කොච්චර උපන් දින ආවත් යාළුවන් තුනකගේ උපන් දින එක ලග වැටෙන්නේ කළාතුරකින්ය. අපිටත් එවැනි දුර්ලබ අවස්ථාවක් ලැබුනේය.

දැන් party යට  දින නියම කරයි . මුලින්ම කිවේ 12 වෙනිදා කිරිබත්ගොඩ KFC යාමටය. ඔන්න කට්ටිය ඇගිලි ගනිමින් ඉන්නේ 12 KFC යන්නය .. ටික දවසකින් අයෙත් SMS එකෙක්. “ 12 නෙවෙයි මචන් 11 කොළඹට වරෙන් fun එකකුත් ගන්න පුළුවන් ” ඔන්න දැන් 12 , 11 වී ඇත . ආයේ දවසක තව SMS එකක් . “ මචන් 11 බැරිලු 12 KFC ආයේ 11 , 12 විය .. 11 වෙනිදා ආයෙත් SMS එකක්  “ KFC නෙවෙයි යන්නේ ඉබුල්ගොඩ තැනකට  ” දැන් KFC යන ගමනත් නැත .. යකෝ මුන් අහිකුණ්ඨක වගේ තැන මාරු කරනවනේ .. කොහොම කොහොම හරි අන්තිමට KFC එකෙන්ම ගමන කෙලවර විය.. දැන් කෑම කන්නට හැමෝම සුදානම් ය .. ඒත් කෑම නැත. උපන්දින කාරයන්ගෙන් එකෙක් ඇවිත් නැත.. ඉතින් එකා එනකම් අල කුරූ (potato chips) ටිකක් ගත්තේය . එතනද මරු වැඩකි අපි 7කි. මුන් ගත්තේ small chips bucket 2කි . Cashier එකේ කෙල්ලෙක් දැමු කුප්ප හිනාවෙන් එකෙක්ට මල පැන ඇත.. අපි 7 කට small chips bucket 2ක් ගෑවෙන්නත් මදිය .. කෙල්ලගේ හිනාව සාදරණය..

එකෙක් - “ යකෝ අරකි මහ කැත හිනාවක් දැම්මා බන් අපි chips bucket 2ක්  ඉල්ලුවම. හිටපන්කෝ ඊළගට ගන්නේ ඕකිට උන ගැනෙන්න..  ”

ඔන්න අනිකද ආවේය... දැන් 3 දෙනා හරිය. අපි 8කි. කොහොම කෝම හරි උන්ට හොද බිලක් සෙට් විය. “  මචන් මම මස් කන්නේ නෑ බන් ” ඒක අසා තව පොඩ්ඩෙන් එකෙක් බීම හිර වෙලා මැරෙනවාය. ඇයි බොලේ KFC එකේ මස් කන්නේ නැතුව එළවලු සුප් බොන්න යැ. අනික පන්තියේදී වැඩියම මස් කන්නේ මුය.. ටික ටික කෑම ඉවර විය. දැන් හොද ගණන්ය. දැන් දවසේ බාගයක්ම ඉතුරුය.. ඊළගට මොකද ... “ water world යමු ” කට්ටියගේ අදහසයි. ඔන්න දැන් එතනටද ගියේය..



“ ටිකට් එකක් කියද බන් ” 

“ දන්නේ නෑ 150 ක් විතර ඇති  ”

    ඔන්න කට්ටිය එතනය ..

“යකෝ ටිකට් එකක් 280ක් ”

“දැන් ආව එකේ යමු ඉතින් , හැබැයි මට ගෙදර යන්න සල්ලි නෑ ”


දැන් water world ඇතුලේය . එක එක මාළු හැම තැනය.. ඒ අතර තැනක . මිනිසාගේ නිර්මාණයක් යැයි බෝඩ් එකකි. මිනිස්සු කොමද බන් මාළු හදන්නේ . බැලින්නම් ඌ hybrid මාළුවෙකි.. එතනින් එහා මාළු සියල්ලම්ම  hybrid ය .. ඊළගට දකුණු ආසියාවේ දිගම උමං මින්මැදුර . ඒක ඉතා විශාලය හිතා ගන්නවත් බැරිය. දිග 8m ක් පමණය.. අම්මෝය. එයින් පිටට එන විට අමුතු board එකක් තිබිණි. “ නැවත බලන්න  ” කියාය.. ඉතින් අපි නැවත ගියෙමු. එයෙත් එලියට එනවිට “ නැවත බලන්න” කියා තිබුණි.. ඉතින් අපි නැවත ගියෙමු .. එයෙත් එලියට එනවිට “ නැවත බලන්න” කියා තිබුණි.. මොන මගුලක්ද .. අපි ගියේ නැත.. එවැනි අරුම පුදුම දැන්වීම්ද හැම තැන විය. එක තැනක මින් මැදුරට  ජලය ගෙන ආ හැටි දක්වා තිබුණි.. එහි තිබුනේ කිලෝමීටර් 25 දුර මුහුදේ ගොස් truck වතුර ගෙන ආ බවයි... පුදුමය එය වතුරේ යාමයි.. එහි වතුර ගෙන යා හැකි වීමත්ය . ඊළගට කුරුළු උයන බැලුවෙමු.. කුරුළු උයනේ පොකුණේ බෝට්ටු පදින්නටද අපේ අයට ආසාවක් ඇති විය.. එක තැන හබල් ගාමින් ඉද .බොහොම අමාරුවෙන් ගොඩට ගත්තේය. අපි කුරුළු උයනෙන් එලියට ආවේ ගිරා උයන යැයි නම තබමිනි.. මොකද එකේ වැඩිපුරම හිටියේ ගිරා විශේෂය..

 
Water world ගමනෙන් පසු හිත හදා ගන්නට පන්සලට යන්න තීරණය විය. “ ඒ මගේ purses එකේ තියෙන්නේ 10යි  ” ඒ මමය.. සල්ලි විනාශ වෙලය. කෝකටත් කියා පරෙස්සමට  සල්ලි ටිකක් පොකට් එකේ අස්සක තිබුනේ මගේ වෙලාවටය .water world එකේ සිට පයින්ම පන්සලට බඩගෑවේය. පන්සල මානෙල්වත්ත විහාරයයි.. ඇත්තටම හිත නිදහස් කර ගන්න කියපු තැනකි.. පන්සලට ගොස් ටික වෙලාවකින් වැස්සක් කඩා පාත් විය.. කොහොම කොහොම හෝ පන්සලේ පැයක් පමණ සිට එලියට ආවේය.. එලියට ඇවිත් සෙරෙප්පු හොයන විට කට්ටියටම දෙවියෝ සිහි විය.. කට්ටියගේ සෙරෙප්පු කුට්ටම් 4ක්ම නැත.. දැන් කට්ටිය පන්සලේම පිරිත් කියන්න පටන් ගෙන ඇත.. මගෙත් තව එකෙක්ගේත් සෙරෙප්පු නැත.. අනික් දෙන්නගේ සෙරෙප්පු අස්සක ගසා තිබී හමුවිය.. මුන් කොටසක් සෙරෙප්පු හංගලයාය.

අපේ සෙරෙප්පු නැත.. වල් යක්කුය. පන්සලකට එන්නේ පිනක් කරගන්න. මුන් පන්සල් එන්නේ හොරකන් කරන්න.. ඇයි බොල යකෝ මුන් හිතුවද දන්නේ නෑ පන්සල සෙරෙප්පු කඩයක් කියලා .. හෙන ගහපිය සෙරෙප්පු දෙකට , උන්ට ආයේ දාන්න බැරි වෙන්න . අනේ බල්ලෙක්වත් අරන් පල ඕක. අන්තිමට සේරෙප්පුත් නැත. එතන කඩේකින් රබර් 2ක් ගත්තේ ය. අන්තිමට කඩුවෙලට එන විට 6ට කිට්ටුය. මාත් එක්ක සිටි අනිකා බස් එකට දුන්නේ අන්තිම රුපියල් 40ය. උගේ පර්ස් එක හිස්ය.. ගමන නම් මරුය වියදම 1000කට කිට්ටුය.. සෙරෙප්පු දෙකත් තිබුණා නම් තවත් මරුය .. අයියෝ සල්ලිය..


පසුව ලියමි :- පන්සල් වල සෙරෙප්පු උස්සන උන් උස්සන සෙරෙප්පු  බල්ලෝ කාපිය.. 

6 comments:

  1. මිරිවැඩිසඟලට සිදුවූ දෙයනම් ඛේදාන්තයකි. නමුත්, තොට හොඳ වැඩේය. සනුහරේටම කිව්වේ සපත්තු සෙරෙප්පු කුට්ටන් යන ඉලව්වක අරන් එන්න කියාය. මම එදා රැවුල බා ආ නිසාදෝ එකෙක්වත් මා කියූ දෙය කනකටවත් ගත්තේ නැත. රවුම ගසා විත් සපත්තු සෙරෙප්පු දමා ගිය තැන බලද්දී කට්ටියට පන්සලේම ඉඳ දෙවියෝ සිහිවිය. දැන් ඉතිං සෙරෙප්පු අසරණයෙකුට දුන්නා කියාවත් හිත හදා ගනු.

    ReplyDelete
  2. ඔය අර කුප්ප රජා ගියපු පන්සල නේද??

    ReplyDelete
    Replies
    1. සිරාවටම රජා උනාට .. ඕකත් හොරා..

      Delete
  3. වෙලා තියෙන හරියක්. පන්සල් වල සෙරෙප්පු සෙල්ලම හරියට හොදම වැඩේ හොදට ඇහැට පෙන තැනක සෙරප්පු දෙක තියලා යන එක. වැඩි පරිස්සමට අයිනෙන් තිබ්බම හොරකන් කරන්න ලෙසි. -_-

    ReplyDelete
    Replies
    1. වැඩි පරිස්සමට මඩුවක් යට ගහලයි ගියේ.. මේ කම්බ හොරු ඒකට විදලානේ...

      Delete
  4. පන්සල් ගියොත් ඉතින් ඔහොමම තමා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...