Friday, February 14, 2014

වෙළෙන්දන්ට සතුට ගෙනෙන ආදරවන්තයින්ගේ දිනය...

අද ලෝකයේ බහුතරයකට සාමාන්‍ය දවසක් .. ඒ වගේම ලංකාවේ බහුතරයකට අද පෝය දවසක්.  ඒ උනාට ආදරවන්තයින්ගේ දිනය කියලා එකකුත් අද තියනවා .. ඒත් ඒක සමරන්නේ නම් කීප දෙනයි . ආදරවන්තයින්ගේ දිනය එහෙමත් නැත්නම් වැලන්ටයින් දිනයත් ඒ වගේම අපේ සමාජය තුළ පිළිගත්ත දිනයක් බවට මේ වෙනකොට පත් වෙලා. අද මේ දවස සමරන අයට නම් ගොඩක් සතුටු දවසක්. සමහර අයට අද සාමාන්‍ය දවසක් . ඒ උනාට කතා නොකරනම පිරිස තමයි මේ දවසේදී දුක් වෙන පිරිස. දැන් ඔයාලට හිතෙයි කව්ද අද දුක්වෙන්නේ කියලා. දුක් වෙන්නේ මේ තරම් කාලයක් ආදරයෙන් ඉදලා වෙන් උන අය. එයාලට අද දවස පරණ දේවල් මතක් කරන තවත් එක දුක හිතෙන දවසක් විතරයි. එයාල ගොඩක්ම කරන්නේ අද දවසේ පරණ මතකයන් එක්ක කාලය ගත කරන එක. මතකයන් සමග ජිවත් වීම එක වෙලාවකට සතුටක් එක වෙලාවක දුකක් . දුක සතුට හැම වෙලේම තියනවා.මතකයන් එක්ක ජිවත් වීම ඒ තරම් හොද දෙයක් නෙවෙයි විශේෂයෙන් දුක්කිත මතකයන් . අපි දෙයක් අමතක කරන්න උත්සහ කලොත් අපිට එක මතක් වෙනවා ඉබේම .ඉතින් අමතක කරන්න දගලනවට වඩා හොද අමතක වෙන්න ඉඩ හරින එක. කවුරු කොහොම කිව්වත් ආදරයක බිද වැටීම දරා ගන්න අමාරුයි. ඒක දන්නේ ඒ කෙනාම තමයි. අද කතාව ඒ ගැන කියන්න හදන්නේ නෑ. කලින් කැඩුණු බිදුණු හදවත් කියන කතා වෙන් මම ඒ ගැන කිව්වා.

Valentine’s Day, ඇත්තටම ලෝකයේ සුන්දරම දිනයක්. මේක හරියට යෞවනයේ දිනය වගේ. මෙහෙම මම කියන්නේ මට යාළුවෙක් කියපු කථාවක් නිසා, එයා කියන්නේ මේක මචං එළකිරි වගේ celebrate කරන්නේ younger generation එකලු. ඒත් මේ එළකිරි වගේ සමරනවා කියලා අපි මුලා වෙනවා නේද? ලෝකයේ පාලක පන්තිය මෙදාට සැබැවින්ම කෝටි ගණන් මුදල් Ice Cream වලින්, රෝස මල් වලින්, චොකලට් වලින්, Garden වලින්, උපයනවා ලෝකයේ විවිධ වූ රටවල් මේ දිනය වෙනුවෙන් රෝස මල් ටොන් ගණන් වවනවා. ඒවායින් ඊට පස්සෙ යෞවනයත් වවාගෙන කනවා. මේ දිනය මුදලාලිලාට වැදගත් උනාට ආදරවන්තයින්ට ඇත්තටම මේ දිනය වැදගත්
වෙන්නෙ නෑ. මේ දිනය කියන්නේ බුද්ධිමත් යෞවනය ආදරය නම් බලගතු යෂ්ටියෙන් ගොනාට අන්දන මුලාවක්
, අපි සැබැවින්ම ආදරය කරන කෙනාට තමන්ගේ ආදරය කියන්න විශේෂ දිනයක් වත් විශේෂ දෙයක් වත් අවශ්‍ය වෙන්නෙ නෑ. ආදරය කියන දේට වෙනම දවස් වෙන් කරලා තිබුනට ඒ දවසම යොදා ගන්න කියලා නීතියකුත් නෑ . එදාටම තමන්ගේ ආදරේ ප්‍රකාශ කළා කියලා ඒ සම්බන්දය දිගටම තියෙයි කියලා කියන්න කාටවත් පුළුවන් කමකුත් නෑ. අනිත් එක වැලන්ටයින් ඩේ එකේ නැතුව ඕනම නම් වෙන දවසක කෙල්ලට රෝස මලක්, චොකලට් එකක් දුන්නොත් ගාණත් අඩුයිනේ.... පොකට් එකටත් වාසියි, ආදරෙත් වැඩිවෙනවා. ආදරය ගැන කතා කරන්න විශේෂ දවස් තියෙන්න පුළුවන් ඒ උනත් ආදරේ කරන කෙනාට හැමදාම විශේෂයි. ඇත්ත ආදරේ කියන්නේ බලාපොරොත්තුවක් වත් අයිති කර ගැනීමක්වත් නෙවෙයි ඇත්ත ආදරේ කියන්නේ පරිත්‍යාගයක්.    
කලින් කිව්වා වගේම අද වෙනකොට හැම දේම වාණිජ කියන කැල්ලක් සෙට් වෙලා. හැමෝම හැමදේම කරන්නේ මුදල් බලාගෙන. කෙනෙක් කෙනෙක්ට උදව් කරන්නේ තව උදව්වක් බලාගෙන . උදව්වට උදව්වක් කරන්නේ තවත් එක මිනිහෙක් විතරයි. ඒ වගේම ඒ උදව්වට උදව්වක් බලාපොරොත්තු වෙනවා නම් එකා මෝඩයෙක්. අද වෙනකොට Valentine’s Day, කියලා ඕක සමරන අය කරන්නේ තෑග්ගක් අනිත් කෙනාට දෙන එක විතරයි. සමහරු අනිත් කෙනාව පුදුම කරවනවා. ඒත් පුදුමේ කියන්නේ  දවස් කීපයකින් පොඩි සිදුවීමකට ආදරය වෛරයෙන් කෙලවර වෙන එක.. මම කියන්නේ නෑ . හැමෝම කියලා . ඒ වගේ දේවල් ඔයාලත් දැකලා ඇති. හැබැයිඔය මොන පුදුම කිරීමක් නැතුව .. ගම්මාන වල ආදරය කරන ගොඩයෝ කැලෑ මලක් අනිත් කෙනාට දීලා කරන බොලද ආදරේ නගරේ තියන පොෂ් love එකට වඩා සංකිර්ණයි.


ඒක නිසා මම කියන්නේ යාළුවා, මෙදාට ටිකක් Relax එකේ ඉන්න. ආදරයට no limit. ඒක නිසා එක දවසකටවත් ඒක limit කරන්න දෙන්න එපා. මගේ last words ටික නම්, ඔයා හදවතින්ම ආදරය කරන්න, එතකොට එයත් ඔයාට හදවතින්ම ආදරය කරලා හදවත් වල පැලවූ කෘතීම නොවූ එළකිරි වගේ රෝස මල සැබෑ සුවද සමග කෙදිනක හෝ නෙලා ගැනීමට හැකිවේවි. හැබැයි ආයෙත් පාරක් මම කියන්නේ ආදරය කරන්නේ කාටද එයාට බොක්කෙන්ම love කරන්න. බොක්කෙන්ම love කරලා වැරදුනත් ,පැරදුනත් එයාට වෛර කරන්න එපා. කලින්ත් කිව්වා වගේ ආදරය අයිති කර ගැනීමක් නෙවෙයි. පරිත්‍යාගයක්.. ආදරය උතුරා ගිය Happy Valentine’s Day එකක්ම වේවා .. 

2 comments:

  1. වැලන්ටයින් නැති අපට බැලන්ටයින් තමයි බං

    ReplyDelete
  2. වැලන්ටයින් යනු තවත් එක් දිනයක් පමණි..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...