Monday, October 23, 2017

ඇණ ගැසීම සහ ගැලවීම ..!!

කාලෙකින් ලියන පොස්ට් එකක් .. කාලෙත් එක්ක හැමෝම කාරය බහුලයි .. දැන් ලියන්න අදහසුත් නෑ .. මේක ලියන්නන හිතුනේ මේ ලගදි අහපු කතාවක් නිසා .. අද කතාව තරහව සහ තරහව පාලනය .. හරියටම කියනවා නම් මල පැනීම ගැන .. අපි කාටත් තරහ යනවා .. සමහර සිදුවීම .. සමහර අයගේ කතා නිසා අපිට තරහ යන්නේ නිකන්ම ..සමහර අයව නම් දැක්කමත් තරහ යනවා .. සමහර අයගේ මෝඩ වැඩ වලට තරහ යන වෙලාවලුත් තියනවා .. තරහ යන්න නම් හේතු ගොඩයි .. ගොඩක් වෙලාවට තරහව කියන දේ අපි විසින්ම ඇති කරගන්න දෙයක් ..ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි .. තරහ යන්න හේතු වෙන තව සාධක තියනවා කියන කතාව .. මොකද තරහක් එන්න නම් මොකක්හරි හේතුවක් තියන්න ඕනිනේ .. ගොඩක් වෙලාවට තරහ ඇති වෙන්න සැකය කියන සාධකය ගොඩක් වෙලාවට බලපානවා .. මොකද මේ ඔක්කොම එකට එකක් සම්බන්දයි .. උදාහරණයක් ගමු .. කෙනෙක්ට මොකක් හරි කරදරයක් වෙනවා .. එත් කව්රුත් දන්නේ නැහැ ..එයා ගැන හොයන කෙනෙක් එයාගෙන් ප්‍රතිචාරයක් එන්නේ නැති වෙනකොට සැක කරන්න ගන්නවා මොකක් හරි හොර වැඩක් කියල .. කොහේ හරි ගිහින් කියල .. පස්සේ දුක් වෙනවා නොකියම ගියා කියල .. ඊළගට ඉරිසියයි ගිය අය ගැන .. දැන් ඊළගට එයත් එක්ක පුදුම තරහක් ඇති වෙන්ව .. එත් ඇත්තටම වෙලා තියෙන්නේ එයට ලොකු කරදරක් උන එක ..එක නිසා දෙයක් කරන්න කියන්න කලින් දෙපාරක් හිතන එක නම් කරන්න ඕනිම වැඩක්.. මොකද සැකය දුක බවටත් දුක ඉරිසියාවක් බවටත් ඉරිසියාව තරහක් බවටත් පත් වෙන එකත් සිදුවේනම දෙයක් ...


අපි වචන පාවිච්ච් කරන කොට දෙතුම් පාරක් හිතන්න ඕනි. මොකද  උණුසුම් අවස්ථාවක අපේ කටින් අපිට පසුතැවෙන්න වෙන විදියෙ වචනයක් කියවෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.ඒකනිසා අපි දෙයක් කියන්න කලින් පොඩි වෙලාවක් කියන්න තියෙන දේ ගැන හිතල ඊට සුදුසු වච්න පාවිච්චි කරන්න පුරුදු උනොත් තරහව පාලනය කරගන්න ලොකු උදවුවක් වෙයි.

අනික තමයි මානසික ආතතිය ..  ආතතිය  කියන්නෙත් තරහ ඇති කරන එක හේතුවක්,අපි දෙයක් ගැන හිත හිත හිත් අවුලෙන්,ආතතියෙන් ඉන්නකොට අපිට වෙන හැමඩෙයක්ම ප්‍රශ්නයක් ව්දියට පේන්න ගන්නව,කෙනෙක් අපිත් එක්ක කතා කරත් වරදක් අඩුපාඩුවක් පෙන්න ගන්නව අපිට ඉබේටම තරහ යනව.ඒකනිස ආතතිය නැති කරගන්න පියවර ගන්න,හොදම දේ ව්‍යායාමවල යෙදෙන එකයි.

තරහක් අවම හොදම දේ තමයි  තරහ  ආපු ගමන්ම පුලුවන් ඉක්මනින් පොඩි break එකක් ගන්න. ඔයා  කරන වැඩේ පොඩ්ඩකට අමතක කරල තමන්ම ඉන්න තැන ඉදන්ම හිතට පොඩි break එකක් දෙන්න.ඒ බ්‍රේක් එක ඇතුලත relax වෙන්න බලන්න.


තරහ පාලනයට තව හොද ක්‍රමයක් තමයි තරහ ආපු ගමන් හොද බර හුස්මක් අරන් ඇස් පියන් පොඩ්ඩකට තරහ යන හේතුව අමතක කරන එක,ඒකෙන් තරහ වෙනුවට හිනාවෙන්න තරම් හිත relax වෙනව.

අපිට කෙනෙක් දිහා බලන විදිහ වෙනස් කරන්න වෙනවා .. අපි නරකම නම් හොයන්නේ අපිට පෙන්නේ නරකමයි  හැමවෙලාවෙම පුලුවන් තරම් හොද දකින්න උත්සහ කරන්න. ඔබට කෙනෙක් එක්ක තරහ ගියාම ඔහු ගැන,ඔහු කරපු වැරදි ගැනම විතරක් හිතන්න එපා ඒ,තව තවත් තරහ වැඩිවෙන එක විතරයි වෙන්නෙ.පුලුවන් තරම් ඔහු ගැන හොද මෙනෙහි කරන්න බලන්න,ඒ උන සිද්ධියේ හොද පැතිකඩවල් ගැන හිතන්න... හැම වෙලේම අනිත් කෙනාගේ පැත්තෙනුත් හිතලා බලන්න .. ගොඩක් වෙලාවට ඉස්සල්ල කතාවේ වගේ අපිට නොපෙනුන දෙයක් ඇති .. සමහර විට ඒ එයාගේ හැටි වෙන්නත් පුළුවන් .. ඔහු හෝ අය කරපු දේම නැවත නැවත හිතන්නේ නැතුව වෙන දෙයක් හිතන්න .. සමහර විට මොකක් හරි ප්‍රශ්නයක් නම් ඒක නැති කරගන්න උදව් කරන්න ..

පුලුවන්තරම් සැහැල්ලිවෙන් ඉන්න.එදිනෙදා ජීවිතේ අපිට වෙන දෙවල් ගැන සංකීර්ණව හිතන්න එපා.සැහැල්ලුවෙන් හිතන්න,හැමදේකින්ම පොඩි විහිලුවක් දකින්න,හිනා වෙන්න පුලුවන් තැන් හොයාගන්න.

මේ කිසිම දෙයකින් ඔබට ඔබව පලනය කරන්න බෑ වගේ හිතෙනවනම්.ඔබට ගොඩක්ම හිතවත්,විශ්වාස යාලුවෙක්,හිතවතෙක් එක්ක කතා කරන්න.ඔවුන්ගෙන් උපදෙස් ගන්න.ඔබ අධික ලෙස තරහ යන කෙනෙක්නම් තමන්ගෙ අවශ්‍යතාව තේරුම් ගෙන වෛද්‍ය සහය පතන්න.

පොඩි කතාවක් කියන්නම් .. එක මනුස්සයෙක් හිටියලු මෙයාට මාර විධිහට තරහ යනවලු .. හැම  වෙලේම රණ්ඩු වලට පැටලෙනවලු.. ඉතින් දවසක් මෙයාට හිතිලා ගිහින් එක මනුස්සයෙක්ගෙන් උපදෙසක් ගත්තලු තරහව පාලනය කරගන්න ඉතින් මේ මනුස්සයා ලොකු ලෑල්ලකුයි.. ඇන මල්ලකුයි දීල කිව්වලු  ඔයාට තරහ යන වෙලාවට මේ මල්ලෙන් ඇනයක් අරන් මේ ලැල්ලේ ගහන්න කියල .. ඉතින් මේ මනුස්සයත් මුකුත් කියන්නේ නැතුව ගෙදර ගිහින් තරහ එන එන වෙලාවට ඇනේ ඇනේ ගහනවලු .. පලවෙනි දවසෙම ඇන 60 ක් විතර ගැහුවලු .. එතකොට මේ මනුස්සයටම හිතුනලු තරහ යනවට වඩා අමාරුයිනේ ඇන ගහන එක කියල .. ඇන ගහන එක අඩු කරන්න හිතා ගත්තලු .. ඉතින් ඇන ගහන එක අඩු කරන්න තරහ ගන්නේ නැතුව ඉන්න එපයි ... ඉතින් ටික ටික එයා තරහව පාලනය කලාලු කාලයක් යනකොට මෙයාට තරහ යන එක නැත්තටම නැති වෙලා ගියාලු .. දැන් අර උපදෙස් දුන්නු කෙනා ගාවට ගිහින් කියනවලු “ දැන් මට තරහ යන්නේ නැහැ .. ඇන නම් ගොඩක් ගහන්න උනා ඒකට ” කියලා .. එතකොට අර මනුස්සයා කිව්වලු පුළුවන් වෙලාවට ඔය ඇන එක එක ගලවලා එනකොට අරන් එන්න කියලා  කියල .. ඉතින් අරයත් පුළුවන් පුළුවන් වෙලාවට ඇන ටික ගළවලා ලෑලලත් අරන් ගියාලු අර මනුස්සයා මුණ ගැහෙන්න .. දැන් මේ මනුස්සයා අහනවලු කෝ මේකේ ඇන කියල .. අරය කියනවලු ඒවා ඔක්කොම ගලවන්න් කිව්වනේ මම ගැලෙව්වා කියල .. අර මනුස්සය කිව්වලු “ එතකොට මේ සිදුරු ඒවා අයින් කරන්නේ නැද්ද කියලා ” එතකොට කිව්වලු ඒව නම් අයින් කරන්න බැහැ කියල ..


අන්න ඒ වගේ තමයි අපට තරහ ගියාමත් වෙන්නේ .. තරහ ගිහින් අපි කරන දේත් අර ඇනේ ගහනවා වගේ තමයි .. පස්සේ තේරිලා සමාව ගත්තට වැඩක් නැහැ මොකද එකත් අර ඇනේ ගැලෙව්වා වගේ සිදුවීමක් .. අපි ඇනේ ගැලෙව්වට සිදුර තියනවා වගේ අර තරහ ගිහින් කරපු දේයින් උනු හිත් රිදුම නම් කවදාවත් යවන්න අමාරුයි. එක නිසා හොදම දේ ඇන ගහල ගලවන එක නෙවෙයි ඇන නොගහ ඉන්න එක ... 

1 comment:

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...