Monday, January 13, 2014

Birthday Party සමග සෙරෙප්පු හොරු ...

උපන්දින නම් කාටත් එන්නේය .. ඒවාට party ගන්නද වෙනම පිරිසක් සිටියි. හොද තැනකට ගොස් හොදට කාබී උගේ උපන්දිනය කවදාවත් අමතක නොවන ලෙස ඌට හොද බිලක් තැබීම හොද මිතුරන්ගේ විශේෂත්වයයි.. කොච්චර උපන් දින ආවත් යාළුවන් තුනකගේ උපන් දින එක ලග වැටෙන්නේ කළාතුරකින්ය. අපිටත් එවැනි දුර්ලබ අවස්ථාවක් ලැබුනේය.

දැන් party යට  දින නියම කරයි . මුලින්ම කිවේ 12 වෙනිදා කිරිබත්ගොඩ KFC යාමටය. ඔන්න කට්ටිය ඇගිලි ගනිමින් ඉන්නේ 12 KFC යන්නය .. ටික දවසකින් අයෙත් SMS එකෙක්. “ 12 නෙවෙයි මචන් 11 කොළඹට වරෙන් fun එකකුත් ගන්න පුළුවන් ” ඔන්න දැන් 12 , 11 වී ඇත . ආයේ දවසක තව SMS එකක් . “ මචන් 11 බැරිලු 12 KFC ආයේ 11 , 12 විය .. 11 වෙනිදා ආයෙත් SMS එකක්  “ KFC නෙවෙයි යන්නේ ඉබුල්ගොඩ තැනකට  ” දැන් KFC යන ගමනත් නැත .. යකෝ මුන් අහිකුණ්ඨක වගේ තැන මාරු කරනවනේ .. කොහොම කොහොම හරි අන්තිමට KFC එකෙන්ම ගමන කෙලවර විය.. දැන් කෑම කන්නට හැමෝම සුදානම් ය .. ඒත් කෑම නැත. උපන්දින කාරයන්ගෙන් එකෙක් ඇවිත් නැත.. ඉතින් එකා එනකම් අල කුරූ (potato chips) ටිකක් ගත්තේය . එතනද මරු වැඩකි අපි 7කි. මුන් ගත්තේ small chips bucket 2කි . Cashier එකේ කෙල්ලෙක් දැමු කුප්ප හිනාවෙන් එකෙක්ට මල පැන ඇත.. අපි 7 කට small chips bucket 2ක් ගෑවෙන්නත් මදිය .. කෙල්ලගේ හිනාව සාදරණය..

එකෙක් - “ යකෝ අරකි මහ කැත හිනාවක් දැම්මා බන් අපි chips bucket 2ක්  ඉල්ලුවම. හිටපන්කෝ ඊළගට ගන්නේ ඕකිට උන ගැනෙන්න..  ”

Friday, January 10, 2014

වෙනස් වෙන්නට කාලයයි - Time to Change

අලුත් අවුරුද්දේ මුල්ම ලිපිය  ලියන්නයි හදන්නේ . මොනවා කියන්නද කියල කල්පනා කලේ .. ඔක්කෝටම කලින් කියන්න ඕනේ මගේ බ්ලොග් එක බලපු , කියවපු , අදහස් කියපු , බැනපු සේරටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල. අලුත් අවුරුද්දකුත් ලබලා දැන් දවස් කිපයකකුත් ගෙවිලා ඉවරය.. ගිය අවුරුද්දේ කරපුවා අමතක කරලා අලුත් අවුරුද්දට ආවද? .. එහෙම එන්න නම් ඉතින් මැරිලා ඉපදෙන්න වෙනවාය. පරණ දේවල් අමතක කරලා එන අයනම් අඩුය. ගොඩක්ම ඉන්නේ පරණ දේවල් එක්කම ජිවත් වෙන කට්ටියක්ය. ගිය අවුරුද්දේ සැබෑ කර ගන්න බැරි වුනු හීන ලොට් එකක්ම මේ අවුරුද්දටත් අරන් එනවාමය . ඒක කාගෙත් හැටිය. සමහර විට මේ අවුරුද්දේ ඒවා සැබෑ වෙනවාය.  නැත්නම් වෙනස් වෙනවාය. සමහර වෙලාවට ඒක තවත් මොඩිෆයි වෙලා ඊලග අවුරුද්දට අරගෙන යනවාය. කවුරුත් ජිවත් වෙන්නේ හීන එක්කය. ඒක කලින් ලිපියට අදාල එකක්ය .අද කතාව අවුරුදු ගැනය.

කොහොම උනත් බොහෝ දෙනෙක් අලුත් අවුරුද්ද කියලා වෙනසක් නැතය. කරන්නේ තියන කුණු ජරාව , සේරම අටමගල් අලුත් අවුරුද්දට රැගෙන ඒමය . පරණ හතුරෙක් පාරේදී දැක්කොත් අලුත් අවුරද්ද කියලා වෙනසක් නැතය . මුණ පඩික්කම වගේ හදාගෙන දෙන්නම  නොදැක්කා වගේ යනවාය.  අවුරුද්දට හීන ගේම කමක් නැත . ඒත් කුණු ගේම නම් හොද නැතය. හීන සුන්දරය. කුණු නම් ගඳය. 2013 යනු අතීතයට ගිය වසරක් ය. ඒ උදාවද මේ විදියමය. උදාවී ඇත්තේ 2014 වසරය .වෙනත් විදියකට කිව්වොත් විසි එක්වන ශතවර්ෂයේ දෙවන දශකයේ සිව් වන වසරය. අවුරුදු උදාවට එක එකාගේ සුබ පැතුම් නම් එමටය.

Related Posts Plugin for WordPress, Blogger...