Friday, May 30, 2014

Facebook නිසා නහින අපේ ඇත්තෝ ...!!!


Facebook නු දුෂ්ට ඉන්ද්‍රජාලයක් නොවේ. එය සමාජ ජාලයකි. අන්තර්ජාලය වේදිකාව කර ගනිමින් බිහි වූ තවත් තොරතුරු තාක්ෂණයකි. එසේ නම් ‘ෆේස් බුක්’ හෙවත් ‘එෆ්.බී.’ නිසා ජීවිත විනාස වන්නේ යැයි ඇතැමුන් පවසන්නේ ඇයි? සමාජ ජාලා භාවිතය වරදක්ද යන පැනයට ඉතාම පැහැදිලි පිළිතුරක් පසු ගිය දිනෙක ෆේස් බුක් අඩවියේ ම කෙනකු මෙලෙස සඳහන් කර තිබිණි. “ගින්දර පිච්චෙනවා කියලා ගින්දර තහනම් කරන් නෑනේ....ඒ වගේ තමයි FB එකත්... පාවිච්චි කරන කෙනා සහ කරන විදිහයි වැදගත්.”ඒ කතාව හරියටම හරි. අපි බාවිතා කරන දෙයක් හොද හෝ නරක වෙන්නේ ඒ දේ බාවිතා කරන ආකාරයෙන් මිසක් ඒ දේ මත නෙවෙයි. ගින්දර පාවිච්චි කරලා කෑම උයන්නත් පුළුවන්, ඒ වගේම ගිනි කෙලි වැනි ලස්සන සංදර්ශන පවත්තන්නත් පුළුවන්. ඒ වගේම පුංචි ගිනිකුරකින් විශාල ගොඩනැගිල්ලක් අළු කරලා දාන්නත් පුළුවන්.

මිලියන ගණන් පුදගලයන් විසින් භාවිතයට ගැනෙන ජනප්‍රිය සමාජ ජාලා අඩවි අතර Facebook, Twitter, LinkedIn, Pinterest, Google Plus+, Tumblr, Instagram, VK, Flickr ,MySpace යනු අපට හුරුපුරුදු නම්. එකිනෙකට වෙනස් අභිමතාර්ථ වෙනුවෙන් ඇති වී තිබුණ ද මේ සියලු වෙබ් අඩවිවලින් කරන්නේ නූතන ලෝකයේ තොරතුරු හුවමාරුවයි. මිනිසා එකිනෙකා හා සන්නිවේදනය ඇරඹී මොහොතේ සිට ම නොයෙකුත් ක්‍රමවලින් සමාජ සන්නිවේදනයක් සිදු නොකළේ නම්, එකිනෙකාගේ උදවු සහ සම්පත්වලට පිවිසුමක් නොලැබ මිනිස් සංහතියේ දියුණුවක් සිදු නොවන්නට ඉඩ තිබිණි. ගින්දර යනු එලෙස පණිවිඩ හුවමාරුවට පවා යොදා ගත් එක මාධ්‍යයක් බව අප දන්නා කරුණක්.සමාජ වෙබ් අඩවි වලින් නිවැරදිව ප්‍රයෝජන ගැනීම සිදුවෙනවාද කියා නම් සොයා බැලිය යුතුයි. ඒත් අන්තර්ජාලය හා සිසුන්ගේ ඇති සම්බන්ධතාව ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ගේ සන්නිවේදන හැකියා ශක්තිමත් කිරීමට බොහෝ බටහිර රටවල ගුරුවරු කටයුතු කරනවා . අන්තර්ජාල සමාජය විවිධාකාර යි. ඔවුන් හා අදහස් හුවමාරුවෙන් කෙනකුට පන්නරයක් ලබන්නට හැකියාවක් තියනවා .

Tuesday, May 6, 2014

අනුන්ගේ ඇපල් ගණින අපේ අය ... !!

අපි කව්රුත් කැමති සතුටින් ඉන්න. ඒ වගේම හැමෝම කැමති වාසනාව තමන්ට ලැබෙනවට  තමන්ට හරියනවට. තමුන්ට හිත සතුටින් ඇපල් කාලා ජිවත් වෙන්න මිනිස්සු පුදුම විදිහට ආසා කරනවා.හැම මිනිහම වර්තමානයේ අසීමිත විදිහට මහන්සි වෙන්නත් අනාගතයේ ජොලියේ ඇපල් කාලා ඉන්න. ඒත් ඇත්ත කාරණාව ගොඩක් අය කරන්න හදන්නේ තමන්ගේ ඇපල් ටික ගේ ඇතුලේ තියලා. අනුන්ගේ ඇපල් වලට කෙල හලන එක. ඒ අතරේ තමන්ගේ ඇපල් අනුන්ගේ කටේ ඔබන ජාතියේ කට්ටියත් සුළුවෙන් හරි ඉන්න එකත් වාසනාවක්. කොහොම කිව්වත් අනිකා ඇපල් කනවටවත් කැමති අය තමයි ගොඩක් මේ සමාජයේ ඉන්නේ. තමන් ඇපල් කන අතරේම අනිකාගේ ඇපල් ගෙඩියට තට්ටු කරන්න හදනවා නම් එක එක්තරා විදිහක නරක තත්වයක්. ඒක එක ලග ගෙවල් දෙකකටත්, කාර්යාලීය මේස අතරත් , නෑදෑයන් අතරත් , මිතුරන්ටත් පොදු ධර්මතාවක්.

Related Posts Plugin for WordPress, Blogger...