Facebook ආදරය ...
Facebook කියන්නේ මේ දවස් වල
හැමෝම වගේ දන්නා සමාජ වෙබ්අඩවියක්. ඇත්තටම Facebook යනු මේ වනවිට හුදු සමාජ
ජාලයක් නොව එදිනෙදා ජිවිතයේ අංගයක් බවට පත් වෙලා කිව්වොත් එකෙත් වරදක් නෑ ..
ඇත්තෙන්ම අපේ ජිවිත වලට Facebook යනු කුමන ආකාරයේ දෙයක්ද කියලා ඇහුවොත් ඒක විස්තර කරන්න
තියන එකම වචනයත් Facebook ම තමයි .. Facebook
කියන්නේ අපි හැමෝම
පාවිච්චි කරන දෙයක් .. මිතුරු මිතුරියන් හදුනා ගන්න .. දුර සිටින අයගේ තොරතුරු දැන
ගන්න Facebook අපිට ගොඩක් උදව් වෙනවා .. මේ අතරින් ප්‍රධානම දෙයක් තමයි
ඒ මගින් ඇතිවෙන ආදර සම්බන්දතා.. ඇත්තටම Facebook හරහා කොතරම් ආදර
සම්බන්දතා ඇති වෙනවා ඇතිද .? එකට තියන පිළිතුර තමයි ලෝකය පුරාම දිනකට ඇතිවෙන ආදර
සම්බන්දතා වලින් පහෙන් එකක් ඇති වෙන්නේ අන්තර්ජාලය මගින්ලු .. ඒ අන්තර්ජාලය මගින්
ඇතිවෙන ආදර සමබදතා වලින් 80% විතර Facebook හරහා වෙනවා ඇති කියලා අනුමාන කරන්න පුළුවන් ..
මේ ලිපිය Facebook ගැනවත් , එයින් ඇතිවෙන ආදර සබදතා ගැනවත් , ඒ ආදර සම්බන්දතා හොදද නරකද කියන
එකවත් නෙවෙයි . Facebook හෝ අන්තර්ජාලය මගින් ඇතිවෙන ආදර සබදතා නරකයි කියන අදහස
නැති කරන්න ගන්න පුංචි උත්සාහයක්.. ඒත් ඒක ගැනම හිත හිත ඉන්න හිත කූඩු කරන් ඉන්න
අයට නම් මෙහෙම නෙවෙයි ඔලුවෙන් හිටගෙන කිව්වෙත් එයාලගේ හිත් වලට දෙයක් කාවද්දන්න
අමාරුයි ... මේ කතාව විවෘතව හිතන අයට .
Facebook ආදර සමබදතාවක් ආරම්බය ගත්තම මුලිකවම කරුණු දෙකක් තියනවා
. එකක් ඕනම ආදර සබදතාවකදී අවදානමක් තියනවා .. අපිව ගැලපෙවිද .. ගෙදරින් කැමති
වෙයිද ..එයා හැමදාම ඔහොම ඉදිවිද .. රටේ නැති ප්‍රශ්න . ඒත් ඒ අවදානම අවම කරගන්න
පුළුවන් වෙන්නේ “ අපි දෙන්න රන් රස මෙන් පෑහේ ” වගේ ආදර කතා අතරේම එකිනෙකා
ගැටෙමින් , එකිනෙකාගේ සැබෑ ලක්ෂණ ,සැබෑ අරමුණු අවබෝධ කර ගන්න එකෙන් විතරයි . “
කාලා බලලා වත් මිනිස්සු අදුන ගන්න පුළුවන් කාලයක්ද මේක ”
කියලා කිව්වට ඇත්තෙන්ම එකිනෙක සමග කතා කිරීමෙනුත් බාහිර සමාජයේ මිනිසුන්
සමග කරන ගනුදෙනු වලිනුත් මිනිසෙකු අවබෝධ කරගන්න එක වඩාත් පහසු වෙනවා ..
දෙවෙනි කාරණාව වෙන්නේ අන්තර්ජාලය හරහා ඕනෙම
කෙනෙකුට තමන්ගේ නොවන අනන්‍යතාවයක් ගොඩනගා ගන්න පුළුවන් වෙන එක .එනම් ඕනෑම
කපටියෙකුට අහිංසකයෙකු ලෙසන් Facebook හරහා රංගනයක යෙදෙන්න පුළුවන් .. එසේ නම් මෙයින් අදහස්
වෙන්නේ Facebook හරහා ඇතිවෙන ආදර සබදතා ගැටලුකාරී , අනාරක්ෂිත බවද ? ..
ඇත්තෙන්ම නැහැ .. මෙයින් අදහස් වෙන්නේ කුමන ආකාරයක ආදර සබදත්වක් ආරම්භ කලත් එය ඉක්මනින්ම
මහපොළොව මතට ගෙනයායුතු බවයි. වැඩි වැඩියෙන් ඔවුන් වෙතට බැදීමට පෙර සැබෑ ජිවිතයේ
හමුවී කතා බහ කර පුද්ගලයන් අදුනාගතයුතු බවයි. එය Facebook බැගින් හෝ Twitter
මගින් හෝ වැරදුනු දුරකථන ඇමතුමකින් සිදුවුවත් සිද්ධාන්තය ඒකම තමයි .
Facebook හරහා එකිනෙකා හදුනාගෙන විවාහ වී සතුටින් සිටින අය සේම ..
Facebook නිසා ඇතිවූ ආදර සබදතා වලින් රැවටීම් වලට ලක්වී දුක් විදින පිරිසද නැතුවා
නොවෙයි.. එලෙසින්ම සැබෑ ජිවිතයේ මුණ ගැසී දැනහදුනගෙන ආදරය කරන්නට පටන් ගෙන, දුක්කිත
සිදුවීම් වලින් කෙලවර වී ජිවිතයෙන්ද වන්දි
ගෙවූ අය මෙන්ම , සැබෑ ජිවිතයේ මුණ ගැසී සතුටින් විවාහ වී සිටින්නෝද කොතකුත් සිටි ..
ගැටලුව ඇත්තේ Facebook වල හෝ අන්තර්ජාලයේ නොව , එය බාවිතයට ගන්නා පිරිස තුලයි ..
This comment has been removed by the author.
ReplyDeleteගැටලුව ඇත්තේ Facebook වල හෝ අන්තර්ජාලයේ නොව , එය බාවිතයට ගන්නා පිරිස තුලයි ..
ReplyDelete