Monday, December 24, 2012

Radical වීම...


රැඩිකල් වූනාම කෙල්ලෝ කැමති වෙනවා . කෙල්ලෝ ඒ රැඩිකල් කතා අහන්න වට වෙනවා. යාලුවෝ අතරෙත් ඒ ආනිසන්සෙම තමයි. ඒ වගේම තමයි රැඩිකල් වුනාම පොකට් එකට ලාබයි. ලෝකෙට පෙන්න කොත්තුවක් කාලා. මල් ප්ලේන්ටියක් එක්ක දුමක් දාන්න , පට්ට ගහන ඩෙනිමක් , බෙල්ලට කළු කෝඩ් එකක් , කකුල් දෙකට රබර් කලි දෙකක් දාගෙන ජිවිතේ ගෙවන්න. අවුලකට තියෙන්නේ රැඩිකල් සින්දු අහන්න බැරි එක විතරයි . ඒත් එකත් අමාරුවෙන් හරි ගොඩ දාගත්තොත් වෙන කාටද ?

Sunday, December 23, 2012

Temporary වලි .... !!


මේක මැජික් ගැන කතාවක් නම් නෙවෙයි. වෙනදා වගේම ආදරේ ගැන කතාවක්. ආදරය කරන කාලය ඇතුලත ජීවිතය ගෙවන කාලය ගැන කතා කලොත් “ ටෙම්පරි වලි ”  වලට ලැබෙන්නේ නම් පොඩි තැනක් නම් නෙවෙයි. වලිය ඇදුනට පස්සේ ඒක ඇතිවුන විදිය ගැන කතා කරලා වැඩක් නෑ . කතා කරන්න ඇති දේකුත් නෑ . ඒත් මේ ලිපියට ඒ දේවල් ඕනෙ නිසා කියන්නම්. උදේට නැගිට්ටම good morning  කියන්න අමතක උනාද ? කනකොට කියන්න අමතක උනාද? Call කරනකොට ෆෝන් ඒක waiting ද? ඔය කියපු කරුණු සහ නොකියපු කරුණු ඇතුලේ ඇදෙන වලියක් දුර දිග යන්නේ ඒ ඒ ප්‍රශ්නයට ලැබෙන පිළිතුර මතයි. කොහොම උනත් දැන් ඒ වලිය පටන් අරගෙන නම් ඔයා දැන් ඉන්නේ ඒ වලියේ කොතනද කුමන අවධියේද?.  වලියක් ගත්තම ඕකේ අවදි තුනක් තියනවා ( ඒවා එහෙමලු මම පොතක තියනවා දැක්කා ) ඒ තුන විදින්න නම් ඔබට වලියක් දා ගන්නම වෙනවා.

Monday, December 17, 2012

ආදරයෙන් බදාගැනීම .... ♥♥♥

ආදරයේ මිණුම් දණ්ඩ ලෙස සැලකෙන්නේ අනෙකාට සමීප විය හැකි ප්‍රමාණයයි. ඒක හරියට තමන් පිළිබද රහසක් තව කෙනෙක් දැනගත්ත හා සමානයි. කොල්ලෙක් නම් කෙල්ලෙක්ගේද , කෙල්ලෙක් නම් කොල්ලෙක්ගේද වැඩි අවදානයට ලක් වෙන්නට තමා තුල දැඩි ආත්ම විස්වාසයක් හට ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඒ ආත්ම විසවාසය නිසා ඒ කියන කෙනාට තව තවත් හිත යන්නට  රූපයෙන්ද හැසිරිමෙන්ද උනන්දු වෙනවා. අනෙකාද එසේමයි. මම කැමති දේටම ඔහු / ඇය කැමති විමත් , මා කැමති දේම ඔහු / ඇය කිරීමත් තුලින් ඇතිවන මානසික බැදිම මොහොතක දෙදෙනා අතර ආදර සම්බන්දයක් ගොඩ නැගීමට හේතුවෙනවා.

Tuesday, December 11, 2012

නිරුවතට call කිරීම ...!!!


වර්තමාන මිනිස්සු ජිවත් වෙන්නේ තමන්ගේ කය තුප්තිමත් කරමින් තම තමන්ගේ ජිවන කටයුතු ඉටු කර ගැනීම සදහාය. එහෙත් අද වෙනවිට එය කයින් එහාට ගොස් ඇත. තමන්ගේ ආදරවන්තයා  හෝ ආදරවන්තියව මුණගැසීමට නොහැකිව ලතැවෙන්නේ අසරණ ජංගම දුරකතනයයි. පැය ගණනාවක් රෑ පහන් වෙනතුරු කතාවට යොමුවෙන එයාලගේ ලස්සන කතාවල අවසානය තම තමන්ගේ සිරුර පුරා පැන නගින රාගික හැගීම් අවදිවිමයි. “ ඔයාට පුලුවන්ද මේ වෙලාවට අපි මෙහෙම ඉන්නවා සිහි කරගන්න” කොල්ලා ආරම්භය අල්ලා දුන් විට කෙල්ලන්ද තම සළුපිලි ඉවත දමා එම සජීව අත්දැකීම විදගැනීමට ලජ්ජා නොවීමට තරම්ම දුරකතනයෙන් ලැබෙන phone sex ආශ්වාදය බලවත්.සමාජයේ ඕනෑම තරාතිරමක අයෙක් එක් වරක් වත් රාත්‍රියේදී  විරුද්ධ ලිංගිකයෙකු සමග phone sex විද ඇතුවා නොවනුමානයි.

Monday, December 10, 2012

සක්වළ ගවේෂණය 07 - පියාඹන පීරිසි ...


සක්වල ගවේෂණයේ අලුත්ම පිටුවක් පෙරලන්නයි අදත් සුදානම් වෙන්නේ .. මේ දවස වල ගොඩක් කට්ටිය කතාවෙනවා පිටසක්වල යානාවක් ආවා කියලා, ඒත් ඒක හරියටම කියන්න කව්රුත් දන්නේ නෑ .අපි තාරකා විද්‍යාව ගැන ගොඩක් කරුණු දැනගත්තානේ ඒවා කියවන්න ඕනේ නම් කියවලා එන්නකෝ (මෙතනින් ). අද ඉදල පිසක්වල ගැන තොරතුරු ලියන්න තමයි හදන්නේ මේකට මට තොරතුරු හොයලා දුන්නු කෙනා ගැන නොකිව්වොත් හරි නෑනේ . ඒ තමයි ගයාන් සංඛ හෙවත් ගයියා (දුම්කවුලුව ).මෙන්න අද ලිපිය.


පිටසක්වල කියන්නේ මොකක්ද ? පිටසක්වල ජීවින් කියන්නේ මොක්කුද ? ඇත්තටම එහෙම එවුන් ඉන්නවාද ? ඇත්තට ඒක අපේ පෘථිවියේ මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රශනයක්. සමහර විට මෙසේ ලෝකයක් තියනවා නම් ඒවා අප වැනිම පදාර්ථ වලින් සැදුනු මිනිසුන් සිටින තැනක් වීමටත් පුළුවන්. පිටසක්වල යානා පිලිබදව ගොඩාක් විස්තර කතා කරන්න තියනවා. අපි පිලිවෙලින් කතා කලොත් කාටත් එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියල හිතනවා.

Tuesday, December 4, 2012

ගැහැණු පිරිමි II ....


ආදරය සහ විවාහය කියන මාතෘකා අතර ඇතිවෙන විවිධ ගැටුම් අපිට ඕනේ තරම් දැකගන්න පුළුවන්. ගැහැණු සහ පිරිමි යන දෙදෙනා තුල ඇතිවෙන මේ විවිධ ගැටුම් වලට මනෝවිද්‍යාත්මකව ඇති සම්බන්දතාවය ගැන ලියන්න තමයි අද සුදානම. මම කලිනුත් ගැහැණු පිරිමි කියන ලිපියෙන් මිට සමානම  කරුණු ගොඩක් ලිව්වා. අදත් එකට තව කරුණු ටිකක් එකතු කරන්නයි හදන්නේ.

ගැහැනුන් සහ පිරිමි මෙතරම් වෙනස් වෙන්නේ  ඒ ඒ අයගේ තියන දුරුවලතා නිසා නෙවෙයි.ඒවා ඇතිවෙලා තියෙන්නේ මානව පරිනාමයත් සමගමයි. ඒ කියන්නේ ගැහැණු සහ පිරිමි මොලය සැදී තියෙන්නේ පරිසරයේ විවිධ දේ සදහා දක්ෂතා ඇතිවෙන ලෙසටයි. මේ කියන වෙනස හදුනා නොගෙන විවිධ ගැටුම් ඇති කරගන්න අය තමාගේ සම්බන්දතාවයන් සියල්ලන්ම කැඩෙන තරමටම ගැටුම් දුරදිග ගෙනියනවා.

Monday, November 26, 2012

දෙයියොත් එක්ක කරන විභාග කෙරුවාව.....


විභාග ..... දැන් මාස කීපයකට කලින් ඉවර වූන උසස්පෙළ විභාගය හෙට අනිද්දට තියන සාමාන්‍ය පෙල තවත් මේ ලෝකේ තියන එක එක විදිහේ, රස්සාවේ තත්වේ උසස් කරන ,තමුන්ට හැකියාව තියන බව ඔප්පු කරන්න සහ එය ලෝකයට පෙන්නන්න සහතික කැල්ලක් ගන්න. මිනිස්සු කරන විභාග .... ලංකාවේ නම් ගොඩක්ම විභාග  කරන්නේ අම්මලා කියල කිව්වොත් ඒක හරි.සමහර විට ළමයින්ටත් වඩා අම්මලා විභාග ගැන උනන්දුයි.මොනවා කිව්වත් මොනවා කෙරුවත්  එයාලගේ උනන්දුව ළමයාගේ ප්‍රතිපල  කෙරේ බලපාන්නේ නම් නෑ. මොකද ළමයාගේ ඔලුව පොතට අල්ලලා ඔබාගෙන හිටියත් පොතේ තියන දේවල් ඔලුවට ගියේ නැතිනම්. ඒත් ප්‍රශ්නය ඒ මැදිහත්වීම නොනැවතිමයි. විභාග ප්‍රතිපල නරක උනොත් තමන්ගේ කැපවිම මදියි සිතන ඇතැම් මව්වරුන් ඒ වෙනුවෙන් තම කැපවීම යොදවන අතර , ප්‍රතිපල හොද උනොත් එයද තම කරමතටම අරගෙන සුපුරුදු ගැල අදියි.

Monday, November 19, 2012

DEFINITION නැති ආදරේ ...


කාලයක් තිබුන “ ආදරේ කියන්නේ මොකක්ද මොනවගේ දෙයක් ද? ” කියන ප්‍රශ්නය තුබුණු. ඔය කියන ප්‍රශ්නය  තමන්ගේ කොල්ලට තුරුලුවෙලා ඉන්න කෙල්ලෙක් ඇහුවොත් ඒ කොල්ල වැටෙන්නේ සුළුපටු අමාරුවක නෙමෙයි. (මම මෙතන කෙල්ලෙක් අහනවා කියල දැම්මේ මුකුත් නෙමෙයි , ඔය වගේ ප්‍රශ්න අහන්නේ කෙල්ලෝ නිසා ) හැබැයි ටිකක් හිතන පතන කොල්ලෝ දන්නවා ඒ වගේ ප්‍රර්ශනෙකට කෙල්ලගේ හිත සතුටු වෙන විදිහේ උත්තර දහසකතුත් දෙන්න පුළුවන් කියන එක. “ ආදරේ කියන්නේ අහස වගේ දෙයක්” , “ආදරේ කියන්නේ මහා පොලොව වගේ දෙයක්”, “ඒක හරියට මුහුද වගේ ඉමක් කොනක් පෙන්නේ නෑ” ඔය වගේ රටේ නැති කතා ආදරේ ගැන තියනවා. තවත් දෙයක් , නිර්මාණශීලි හැකියාවන් එක්ක ආදරේ කරන්න පුළුවන් කොල්ලෙක්ට  “ආදරය මොනවගේද” කියන ප්‍රශ්නෙට ගොඩක් සුන්දර , රැඩිකල් , කෙල්ල කවදාවත් බලාපොරොත්තු නොවුණු උත්තරයක් දෙන්න පුළුවන් වෙයි.

Monday, November 12, 2012

set ද ? නැද්ද ?

ඔයාලා friendship එකක කොටස්කාරයෝ වෙලා තියනවද ? සියයට බර ගනකගේ පිළිතුර ඔව් වෙන්න පුළුවන්.එහෙම නැති අයත් සියයට ප්‍රමාණයක් ඇති .විදේශ රට වල නම් සමජයෙන්  වෙන් වුනු අයට වෙන්වුනු සමාජ ශාලා තිබුනත් ලංකාවේ අපිට නම් එහෙම නෑ. ඒක නිසා අර ප්‍රශ්නයට ගොඩක් අයගේ පිළිතුර ඔව් කියල වෙන්න ඕනේ . ගොඩක් වෙලාවට කට්ටිය set බහින්නේ 10 ,11 කාලේදී .මොකද ඒකාලේ තමයි ගොඩක් අයට ඔය set විසේ ඔලුවට ගහන්නේ . එතනින් පටන් ගත්තම school set එක, කෑම කන set එක,  පන්තියේ set එක, job කරන තැන set එක,ගමේ set එක,  facebook set එක, tweeter set එක,  blogger set එක කියා කියා රටේ නැති සෙට් ඕනේ තරම්.

Tuesday, November 6, 2012

සක්වළ ගවේෂණය 06 - සඳ ගමන බොරුවක්ද ... ???

කාලෙකින් එන්නත් බැරි උනා . කට්ටියට අපිව අමතක වෙලාද දන්නේ නෑ . කොහොම හරි ඔන්න අදත් අලුත් විස්තර ටිකක් අරගෙනයි ආවේ . අලුත් උනාට මේවා හද්ද පරණ කතා . මට බැරි වුණා කාලෙකින් සක්වල ගවේෂණ ගැන තොරතුරු ටිකක් දාන්න. අදත්  එකක් දානවා . පරණ  ඒවා කියවන්න බැරි වුණා නම් ඒවත් කියවලම එන්න .. එදා අපි කතා කලානේ සද ගමන ගැන . එදා කිව්වා සද ගමන බොරු කියන පිරිසකුත් ඉන්නවා කියලා. ඔන්න අද කතාව ඒ ගැන  . ඒ කියන්නේ සද ගමන බොරුවක්ද යනකාරණාව පිලිබදව.

Wednesday, October 17, 2012

අශ්වයා හා බුරුවා ....


අපි අතරේ ගොඩක් වෙනස් අය ඉන්නවා .එකිනෙකට වෙන අදහස් තියන යාලුවෝ නෑදෑයෝ ඕනෑතරම් .එකම කුලයේ  ඒ කියන්නේ එකම පවුලේ සහෝදර සහෝදරියන්  අතරේ වූනත් විවිධ අදහස් තියන අය ඉන්නවා .ඒ සහෝදර සහෝදරියන්  අතරේ හොද,  නරක කියන අදහස් දෙකම තියන අය ඉන්න පුළුවන්.එක්කෙනෙක් දක්ෂ වෙනකොට අනික අදක්ෂ වෙනවා .කෙනෙක් බුද්දිමත් වෙනකොට අනෙකා මෝඩ කෙනෙක් වෙනවා.එක්කෙනෙක් නපුරු වෙනකොට අනෙකා හොද ගතිගුණ තියන නිහතමානී කෙනෙක් වෙන තැන් ඔයාල දැකල ඇති. සමහර විට ඔයාලගේ ගෙදරම වෙන්නත් පුළුවන් .

Thursday, October 11, 2012

තේරුම් ගැනීම .....


අපිට කෙනෙක්ව තේරුම් ගන්න එක ටිකක් අමාරු දෙයක් කියල අපි කව්රුත් දන්නවා.ඒක ගැන අපි මිට කලිනුත් කතා කරලා තියනවා. ඒ ගැහැණු පිරිමි කියන පෝස්ට් එකෙන්. අදත් කියන්නේ  ඒවගේම කතාවක් තමයි. අද ගොඩක් අය කියන දෙයක් තමයි කෙල්ලෝ තේරුම් ගන්න බෑ කියන දේ. ඉතින් අද ඒක ගැන කතා කරන්න හිතුවා.


කෙල්ලෝ එහෙම නැතිනම් ගැහැණිය කියන්නේ ‘කවදාවත් කියවලා ඉවර කරන්න බැරි පොතක් වගේ’ කියන කියමන මේ සමාජය තුල ගොඩක් බාවිතා වෙනවා . ඒක ඇත්ත. කාන්තාව හරිම සංකීර්ණ චරිතයක් . ඇත්තම කථාව කෙල්ලෝ  කියන්නේ හරියට උලුවස්ස ගැට්ටේ ඉන්න පුසා වගේ . ඌ උලුවස්සෙන් ගේ ඇතුලට පනිද පිටට පනිද කියල කාටද කියන පුළුවන් . ඒවගේ කෙල්ලොත්  එක සිදුවීමකදී ඒකට මුණ දෙන විදිය දිහා බලල ඒ වගේ තව සිදුවීමකට ඒ විදියටම ක්‍රියා කරයි කියල කියන්න අමාරුයි.එක වෙලාවක විහිළුවකින් බාරගත්තු දේ තව තැනකදී ඒ දේම කිව්වොත් ඒකට කෑගහල, විලාප දීල , යකා නටන්න පුළුවන් .මේක ප්‍රශ්නයක් . ඒ වෙලාවට කොල්ලෝ කියන කතාවක් තමයි “ මුන්ව කාලා බලලවත් තේරුම් ගන්න බෑනේ” කියන එක.

Tuesday, October 9, 2012

සෙන් බුදු දහම .....


ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාර බොහොමයක් කුෂි කර්මාන්තය පදනම් කරගෙන ඇතිවූ  ඒවා කියල ඔයාල කවුරුත් දන්නා දෙයක් .බුදු දහම එහෙමත් නැත්නම් බුද්ධ දර්ෂණය ගැන ගොඩක් කරුණු ඔයාල දන්නවා ඇති. ලංකාවේ තියෙන්නේ ථේරවාද බුදු දහම . අද මාමකත කරන්න බලාපොරොත්තු වෙන්නේ ථේරවාද බුදු දහම ගැන නම් නෙවෙයි.. සෙන් බුදු දහම ගැන..බුදු දහම ජපානයට පැමිණීමට පෙර කාලයේ ජපානයේ පැවතුනේ “ ෂින්තෝ” කියන දහම.මළවුන් පිදීම , දෙවියන් යක්ෂයන් ඇදහීම , අදුෂ්‍යමාන දේවල් ඇදහීම වැනි දේවල් වලින් එය  පිරී තිබුනා.ඒ තුලින් සහනයක් ලැබෙන බවත් ඔවුන් විස්වාස කලා.විශ්වය පුරා පැතිරී පවතීන ස්වභාවික බලවේග ෂින්තෝ ආගමට ආදේශ වුණා.නමුත්  භක්තිවන්තව කටයුතු කරනවට වඩා ජපන් වැසියන් ඇලුම් කළේ සෞන්දයාත්මක ආස්වාදයක් විදින්නයි..කෙසේ වෙතත් බුදු දහම පැමිණීමත් සමගම ලංකාවේ සංස්කෘතිය වෙනස් වුණා සේම ජපානයේත් සංස්කෘතික වෙනස්කම් ඇතිවුණා.ජපානයත් බුදුදහම වැලද එය ලංකාවේ තරම්ම එකවර සිදුවුණා පෙරලියක් නම් නෙවෙයි.

Friday, September 28, 2012

සක්වළ ගවේෂණය 05 - මිනිසා සදට ගියාලු ... !!


මිනිස්සු අලුත් දේවල් හොයා ගන්න කැමති. ඉතින් ඒ කැමැත්ත නිසා තමයි මිනිස්සු ගොඩක් දේවල් හොයා ගෙන තියෙන්නේ. මේ ලිපිය කියවන්න කලින් ලිපිය කියවන්න බැරි වුණා  නම් ඒකත් කියවලම් එන්න කෝ.
 

මිනිසා සදට ගියාලු කියල මම මේ ලිපිය පටන් ගන්න හිතුවේ වෙන මුකුත් නිසා නෙමෙයි ඒක පිලි නොගන්න අයත් ඉන්න නිසා. ඒක ගැන මම ඊලග ලිපියෙන් දාන්නම්කෝ. අද මේ දෙපැත්ත පෙරලෙන මාතෘකාවේ ඒක පැත්තක් ගැන ලියන්නම්. කොහොම කෝම හරි මිනිස්සුන්ට ඕනේ වුනා සදට යන්න.1950 වගේ කාලයේ අග  බාගයේ ලෝකයේ තිබුන ලොකුම ගැටුම තමයි ධනවාදය සහ සමාජ වාදය අතර තිබුන ගැටුම. ඒක රුසියාව සහ ඇමරිකාව අතර තිබුණු අවි යුද නොමැති යුද්දයක්. ඒ අතරේ මේ සදට යාමට ( මුලින් යාමට ) ඒ දෙපිරිසම වෙහෙසුනා...


Wednesday, September 26, 2012

ගෞරවාන්විත සමුගැනීම .....!!


ආදරය ගැනයි, සමුගැනීම් ගැනයි, අද ගොඩක් අය කතාකරන මාතෘකාවක් නේ .ඕනෑම ආදරයක් හුදකලාව විදිනකොට එක සුන්දර හැගීමක් ලෙස හිතට දැනෙනවා.ඒ ආදරයෙන් වෙන්වීම ඇත්තටම දුකක් වේදනාවක් .නමුත් අද මම කතාකරන්නේ ඒ ආදරයෙන් වෙන්වීම ගෞරවාන්විත වෙන්වීමක් කරන්නේ කොහොමද කියල.මේ කරුණු මම කියන දේවල් නම් නෙමෙයි. මේකේ තියන ගොඩක් කරුණු මම දැන  ගත්තේ මනෝවිද්‍යා උපදේශකයකුගේ ලිපියකින්..

තරුණ වයසේ ඉන්න අපි කැමති සාර්ථක , සුන්දර ආදරයක් පවත්වාගෙන යන්නයි.කෙනෙක්ගේ හිතේ මුලින්ම ඇතිවෙන ආදරය හිතේ ගොඩක් මුල් බසින්නේ අන්න ඒ නිසයි.ඒ ආදරය අහිමි වුණාම ඒක දරාගන්න බැරි දෙයක් වෙන්නෙත් ඒ නිසාමයි. හදවත් දෙකක් එකතුවීමෙන් ඇරඹෙන ආදරයේ බැදීම කොතරම් කාලයක්

Tuesday, September 25, 2012

කෙල්ලෙක්ට තෑග්ගක් ලැබුණාම .......


මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්සු හිතන පතන විදිය එකිනෙකට වෙනස් . එක එක අය හිතන්නේ එක එක විදියට. කෙනෙක්ට තෑග්ගක් ලැබුනම එක ගැන හිතන විදියත් වෙනස්. මෙතැනින් කෙල්ලෝ කොල්ලෝ ගත්තම ඒක තවත් වෙනස් වෙනවා . ඒත් කෙල්ලන්ගේ ඒ තෑගි ගැන දක්වන ආකල්පය ගොඩාක් වෙනස්. ඒත් ඒක මම හරියටම කියන්න දන්නේ නෑ . ඒක නිසා ඒක කෙල්ලෙක්ගෙන්ම අහන්න ඕනේ. මම ඇත්තටම අද ඔයාලට ගේන්නේ කෙල්ලෙක්  කියපු කතාවක් . මට නෙමෙයි සගරාවකට ...මේ තියෙන්නේ ඒ පාපොච්චාරණය.

“  මේ අවුද්දෙත් anniversary එක ලග ලගම එනවා.ළග එන anniversary එකට මට හිතාගන්නවත් බැරි තෑග්ගක් දෙනවා කියල ඔයා කිව්වේ ගිය අවුරුද්දේ හරියටම මෙන්න මේ කාලෙදිමයි.මට ඔයාගෙන් කොච්චරනම් තෑගි ලැබිල ඇතිද. ඒ උනත් මේ තෑග්ග නම් ගොඩක් විශේෂයි.ඒ මම ඔයාට දෙන තෑග්ගත් ඔයා  මට දෙන තෑග්ගත් එකම නිසා.එදා මෙදා තුර ඔය මට දීපු හැම තෑග්ගක්ම මම පරිස්සමට අරන් තියල තියනවා මගේ අල්මාරියේ උඩ තට්ටුවේ. ලියුම්, card , සෙල්ලම්බඩු , jewelery’s ඇදුම් වගේ ගොඩක් දේවල් එතන තියනවා. මේ හැම තෑග්ගක්ම

Thursday, September 20, 2012

ගැරඩි ඇල්ලේ නිධානය .....


ඔන්න අදත් කතාවක් කියන්න තමයි හදන්නේ. මේක රසවත් වෙන්නත් පුළුවන් නැත්නම් ඔයාලට හරියන්නේ නැති වෙනත් පුළුවන් කොහොම වෙන්නත් කියන්න එපැයි, එක නිසා කියන්නම්.මේක මේ ජනකතා පොතක තිබිල හම්බවුනේ.එක නිසා බොරුවක් වෙන්නත් බෑ.ඔන්න කොත්මලේ පැත්තේ තිබුනලු එක නිදානයක් ඒක හරි වටිනා රන් රිදිබඩු පිරිලා තිබුන එකක්ලු.ඉතින් ඔය කියන නිධානේ ගන්න ගොඩක් මිනිස්සු දගලුවලු. ඒත් ඉතින් හැම මිනිහටම නිදන් ගන්න පුළුවන් යැ. එකට ඉතින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් එහෙමත් දැනගෙන ඉන්න ඕනෙනේ. කොහොම කොහොම හරි යන්ත්‍ර මන්ත්‍ර දන්නා අයත් ඇවිල්ල ඕක ගන්න හැදුවලු ඒත් බැරි උනාලු. මේ නිදානය තිබිල තියෙන්නේ දියල්ලක් පා මුලලු. ඒක ආරක්ෂා කරන්න ඉදල තියෙන්නේ ගැරඩියෙක්. වෙනත්න්වලනම් ඉන්නේ එක්කෝ නයි යක්කු පහිරවයෝ බුතයෝ වගේ එවුන්නේ ඒ වුනාට ඉතින් මෙතන ඉදල තියෙන්නේ ගැරඩියෙක්.මුත් ඉතින් අපේ ගෙවල් වලට එනවා වගේ පොඩි එකෙක් නෙවෙයි මහා දාර පිබුරෙක් වගේ හෙන පත එකෙක්. ඉතින් ආපු කාටවත් මේ නිදානය ගන්න නම් ලැබුනේ නෑ. ඔක්කොම ගැරඩියට බිලිවෙලා මැරිලා ගියා.

Tuesday, September 11, 2012

සක්වල ගවේෂණය 04 - මහා පිපුරුම් වාදය ......


 (3 වන කොටස).මෙතෙක් බිහිවූ විද්‍යාඥයන් සියලුම දෙනා  තාරකා පිලිබදව මත පලකලේත් විවිධ තීරණ වලට පැමිණියේත් දුරේක්ෂය සහ වර්නාවලිමානය භාවිතා  කරමිනුයි.ඒත් එයට  වැඩි දෙයක් හොයාගන්න විද්‍යාඥයන්ට උවමනා වුනා. ඒත් ඒ සදහා ග්‍රහ ලෝක  වලට යන්න ඕනේ බව කාටත් වැටහුනා .මෙ පිලිබදව ගොඩක් පරීක්ෂණ සිදුකළා. ඒ අනුව අදියර කීපයක් යටතේ අභ්‍යවකාශ යානා පිලිබදව මුල්ම සිද්ධාන්තය ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමිවන්නේ “සිඔල්කෝ විස්කි” නම් විද්‍යාඥයාට.

Thursday, September 6, 2012

ගැහැණු පිරිමි ...........


මම කියන දේ ඇයි  ඔයාට  තේරුම් ගන්නේ නැත්තේ ?යන ප්‍රශ්නය ගොඩක් අයගේ හිතේ තියන  දෙයක්.අපි මොකක් හරි වැඩක් කරන්න යනවා නම් ඒ වැඩේ සාර්ථක වෙන්න අපි එකිනෙකාව හොදට අදුන ගන්න ඕනේ කියන මතය උඩ ඉදගෙන තමයි  ගොඩක් අය ඒක පටන් ගන්නේ.ඒත් ඒක වෙලාවකට විහිළුවක්.මොකද ඒක හරියට පුංචි කාලේ myself ගැන කරන කතාවක් වගේ.අපි කියනව  කට්ටිය අහගෙන ඉන්නවා.ඒත් "මම" කියන පුද්ගලයා ගැන තමන්ම ටිකක් හිතල බැලුවොත් ඔයාල එතැනදී හිර වෙනවා.ඇත්තටම මම කව්ද කියල තමන්ටවත් හිතාගන්න බැරිකොට අනුන්ව හදුනා ගන්නේ කොහොමද?

Tuesday, September 4, 2012

කාලයට අභියෝග කරන මෝඩයෝ ........!!!


කාලය කියන්නේ පුදුම දෙයක්.ඒක පේන්න ඇත්තෙත් නෑ.ඒ වුනාට ඔයාල මම විතරක් නෙමෙයි මුළු ලෝකයම පිළිගන්න දෙයක්.අපිට නොපෙනුනාට එහෙම දෙයක් හිතට ඇගට දැනෙන අවස්ථා තියනවා. ඇත්තටම මේ කාලය කියන්නේ මොකක්ද ? ඒක අපි හරියට පාවිච්චි කරනවද? කියනදේත් කව්රු අතරත් තියන පොදු ප්‍රශ්නයක්.“කාලය රන් හා සමානයි” , “ සේරම කාලයට බාරදෙන්න” වගේ අතීත කියමන් අපි අහලතියනවා. මේවා එදාට විතරක් නෙමෙයි අදටත් වලංගුයි. ඒ මේ මාතෘකාව තුල තියන වැදගත්කම නිසාමයි.මිනිස්සු විවිධ දේට අභියෝග කරනවා.

Monday, September 3, 2012

ඉල්ලාගෙන කෑම....


දුක සතුට කියන දේ මේ ලෝකේ අපි කොයිකාටත් උරුම දෙයක්නේ . අපි කව්රුත් ගලායන ජිවිත ගමනේදී වරින් වර මාරුවෙන් මාරුවට ටික ටික හරි මේ දුක අත්විදිනවා. නොයෙක් හේතු මත සමහරු වැඩියෙන් දුක්විදිනවා  කියලත් සමහරු සතුටින් ඉන්නවා කියලත් අපිට පේනවා.ඒත් එක පැහැදිලිව ඔප්පුකරන්නත් බෑ.මොකද අපිට පිටින් බලල කෙන්ක්ව නිර්ණය කරන්න බෑනේ..සමහරු ඉන්නවා එයාල සතුටින් ඉන්නව වගේ පේනවා ඒ උනාට ඉන්නේ ප්‍රශ්න ගොඩක.එහෙමත් නැත්නම් දුකින් . තව සමහරු ඉන්නවා එයාල දුකින් ඉන්නවා වගේ පේනවා ඒත් එයාලගේ හිත හරිම සැහැල්ලුයි. හරිම නිදහස්. ඉතින් එක නිසා කෙනෙක්ව පිටින් බලල කෙනෙක්ව නිර්ණය කරන්න අමාරුයි.දුක සතුට ගැන කතා කරනකොට අපි කව්රුත් කැමති සතුටින් ඉන්න.සතුටු ජිවිතයක්  ගත කරන්න තමයි කාගේත් කැමැත්ත.ඒත් ඉතින් එහෙම කියා කියා සතුට එනකම් බලන ඉන්න එක තමයි කවුරුත් කරන්නේ.එක වෙනම කතාවක්.

Thursday, August 30, 2012

සක්වල ගවේෂණය 03 - ඉතිහාසයේ හැරවුම...


විශ්වය ගැන තාරක විද්‍යාව ගැන කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියල අපි කව්රුත් දන්නා කරනවක්නේ.දියුණුවෙන විද්‍යාව නිසා නව සොයාගැනීම් ඇතිවෙනවා.සක්වල ගවේෂණයේ 3 වන කොටස  ආරම්භ කරන්නයි මේ සුදානම් වෙන්නේ. 2 වන කොටස කියවන බැරි වුනානම් ඒකත් කියවලම එන්නකෝ.


කලින් කිව්වා වගේම ක්‍රි ව 1610 කියන්නේ තාරකා විද්‍යාවේ හැරවුම් කල්ශයක් කිව්වොත් නිවැරදියි.ඒ හැරවුමේ මුල්ම අඩිතාලම දැම්මේ ගැලිලියෝ ගැලිලි.මේ කාලයේදී තමන් වෙහෙස දරා වර්දනය කරගත් දුරේක්ෂය උපයෝගී කරගනිමින් සිදුකළ නිරීක්ෂණ වැදගත් ඒවා වුනා .කලින් සදහන් කල මුල්ම දුරේක්ෂය් සෑදු පුද්ගලයත් නිරීක්ෂණ කරතිබුනත් වැදගත් නිරීක්ෂණයක් ලබා ගැනීමට නොහැකි වුනා.ඒ නිසා වෙන්න ඇති ඔහුගේ නම දුරෙක්ෂය  සම්බන්දව නොකියවෙන්නෙත් ,ගැලිලියෝ ගේ නම නොකියවෙන්නෙත් .ගැලිලියෝ තම දුරේක්ෂය උපයෝගීකරගෙන මෙතෙක් ලෝකයා දැක නොතිබූ විශ්වීය විභූතිය ලෝකය වෙත දිගහ අරින්නට වුනා.ඒ ඔහු මෙතෙක් සොයාගෙන නොතිබූ පියවි ඇසින් දැකිය නොහැකි තාරකා රැසකගේ තොරතුරු අනාවරණය කරගැනීමත් සමගයි.තවද ඇත අහසේ තාරකා වලාකුල්සේ  පෙනෙන්නේ පොකුරු වලාකුල් බවට එදා තිබු මතය බිද දමමින් ඔහු පෙන්නවා දුන්නේ ඒ තාරක දහස් ගණනකගේ එකතුවක් බවයි.ග්‍රහලෝක පිලිබදව තොරතුරු සෙවීමත වැඩි කැමැත්තක් දැක්වූ ඔහු මුල්ම අවදානය සද වෙත යොමුකලා.ඇරිස්ටෝටලියානුවන්ගේ පරිශුද්‍ය ගෝල සංකල්පයට අනුව සද යනු සුමුදු මතුපිටක් බවට විස්වාස කලා.නමුත් ගැලිලියෝ එය මෘදු මතුපිටක් නොව කඩතොළු සහිත මතුපිටක් බව පෙන්නවා දී ඒ මතය බිද දැමුවා.මිට අමතරව බ්‍රහස්පති ග්‍රහයාට චන්ද්‍රයන් 4 ක් ඇති බවත් හිරුට සමීප බුධ ග්‍රහයාගේ චලිතය ගැනත් අධ්‍යනය කල ගැලිලියෝ හිරුගේ ලප හදුනාගෙන එම ලප වසරේ එක එක කාල වලදී වෙනස් වන බවත් සොයා ගන්න සමත් වුනා.කාලයක් තිස්සේ හිරු ගේ ලක්ෂණයන් අධ්‍යනය කිරීම නිසා පසු කලෙක ගැලිලියෝ අන්ධ බවට පත් වුනා.එයින් ඔහුගේ තවත් නව සොයාගැනීම් රැසක් ලෝකයට අහිමි වුනා.


‌‍‌‍ක්‍රිව 1655 දී ක්‍රිස්ටියන් හයිජන්ස් නම් ‌‍විද්‍යාඥයා විසින් සෙනසුරුගේ වළලු පද්ධතිය ගැනත් ටයිටන් නම් උප ග්‍රහයා පිලිබදවත් කරුණු අනාවරණය කරගත්තා.ක්‍රි ව 1663 දී ප්‍රථම පරාවර්තක දුරේක්ෂය නිර්මාණය වූ අතර ස්කොට් ජාතික ජෙම්ස්ගෙගර් විසින් නිපදව තිබෙනවා උපරිම ආලෝකයක් ග්‍රහණය කරගතහැකි පරිදි නිපදවා ඇති මෙම දුරේක්ෂය කාච වෙනුවට දර්පන යොදාගෙන තිබෙනවා.පසුකලෙක මෙම දුරේක්ෂය නිව්ටන් විසින් වැඩි දියුන කර ඇති අතර එය නිව්ටෝනියානු දුරේක්ෂය ලෙසින් හදුන්වා තිබෙනවා .ක්‍රි ව 1705 දී හැලි නම් ‌‍විද්‍යාඥයා විසින් වල්ග තරු හෙවත් දූමකේතු පිලිබදව ප්‍රකාශ කල අදහස ඉතා වැදගත් එකක්.ඒ අනුව වල්ගාතරු  වසර 76කට වරක් දිස්වෙන බවත් 1456 හා 1682 යන වසර වලදී දිස්වූයේ එකම වල්ගාතරුව බවත් ප්‍රකාශ කලා. 1758 දී දිස්වූ ඔහු සොයාගත් ධුමකේතුව “හැලිගේ ධුමකේතුව” කෙසින් නම් කෙරුණා.1781 දී ඇසට නොපෙනෙන ග්‍රහලොවක් හර්ෂල් විසින් සොයාගනු ලැබුවා. ඒ යුරේනස් ග්‍රහලොවයි.


ක්‍රි ව 1800 දී ලොව ප්‍රථම ආලෝක වර්ණාවලි පිළිබද පරීක්ෂණය සිදු වුනා.සුර්ය කිරණ ප්‍රිස්මයක් තුලින් යවා එයින් වෙන්වන වර්ණ ප්‍රබේද වලට උෂ්ණත්ව මාන තබා එම වර්ණ වලට අදාල උෂ්ණත්වය බැලීම වර්ණාවලිය හැරු ප්‍රථම අවස්ථාවයි.මෙලෙස විලියම් හර්ෂල් විසින් නියම කරනු ලැබුවේ තරුවකින් පිටවන ආලෝක වර්නාවලියයි.එහිදී රතු හා තැඹිලි යව වර්ණ 2 කට මදින රතු වර්ණයට ඔබ්බෙන් ශක්තියේ ක්ෂණික වැඩි වීමක් දුටු අතර ඔහු අතර අදුෂ්‍යමාන අධෝරක්ත කිරණ පවතින බවත් සොයාගන්නට සමත් වුනා.ලොව ප්‍රථම නිවැරදි වර්ණාවලිමානය නිපදවීමේ ගෞරවය හිමිවන්නේ ජෝසප් වෝන් ෆ්රෝන්හොෆර් නම් ‌‍විද්‍යාඥයාටයි.ඒ 1814 දී. මෙමගින් වර්ණ හදාරන විටදී වර්ණාවලිය තුල අදුරු රේක බොහොමයක් දැකීමට හැකිවූ අතර එම රේක මගින් සුර්යයාගේ වායු ගෝලයේ ඇති මුලද්‍රව්‍ය නිරුපනය වෙන බවත් සොයාගනු ලැබුවා.එම නිසා මෙමගින් තාරකා වල සංයුති සෙවීමට බොහෝ උපකාරයක් වුනා.1815 යනු තාරකා විද්‍යාවේ චායාරුපකරණයේ උපතයි (astrophotography). ක්‍රි ව 1846 දී නෙප්චුන් ග්‍රහලොව සොයා ගත්තා.


ක්‍රි ව 1877 වර්ෂය පිටසක්වලයන් ගැන ඇතිවූ සිතුවිල්ල පිටසක්වලයන් ගැන ඇතිවූ මුල්ම වෙඩිමුරයයි. ඉතාලි ජාතික ජියෝවානි විසින් අගහරු ග්‍රහය පරික්ෂ කරන විටදී එය මත විශේෂ රේකා විශේෂයක් හදුනාගෙන ඇති අතර ඔහුගේ මෙම ලිපි පරික්ෂා කල බොහෝදෙනෙකුගේ මතය වුයේ මෙම රේකා කිසියම් බුද්ධිමත් ජීවින් පිරිසක් නිර්මාණය කරනලද්දක් බවයි.මේ සිතුවිල්ල ලොව කැලැබූ සිතුවිල්ලක් බව අද වන විට සනාථ වී හමාරයි..

                                        .... ගවේෂණය ඉදිරියටම ....

Tuesday, August 28, 2012

පාසල් කාලේ ආතල්....

අපේ ඉස්කෝලේ හැම දෙයකටම set  වුනේ අපිය.එනම් 2010 A/L set එකය. දන්නෝ සියල්ලම දන්නෝය.වසර 5 කට වරක් මහා ඉහළින් පවත්වන ප්‍රදර්ශනයට දෙවරක්ම  set  වුනෙත් අපිමය.එකක් 7 වසරේදීය .අනෙක 12 වසරේදීය. 7 වසරේදී නම් අපි සිච්චි පැටවුන්ය.මිස්ලා සර්ලා කිව්වේය අපි හැදුවේය.8 වසරේදී මහා උද්ගොෂණයකට අපි සෙට් වුනේය.එකේදී නම් අපිට උනේ කෑගහන උන්ට වතුර බෙදන්නටය ..9 වසර නම් ඇති දෙයක් නැත. පොලක්ද කොහෙද සෙට් උනේය.අපිම බදු ගෙනත් අපිම අරගෙන මිස්ට සල්ලි ටික පිදුවේය.මොනවා උනත් 9 වසරේ නායකයන් නම් ඇති පදමට හිටියේය. ඒ අපේ ශ්‍රේණි බාර ගුරුතුමාට පින්සිද්ද වෙන්නනටය. එක පන්තියක අඩුම වශයෙන් නායකයන් 15 හෝ හිටියේය. විනය නායක ,අවවාද නායක , පිරිසිදු කිරීමේ නායක , විභාග නායක යන ආදී වශයෙනි රටේ නැති නායකයන්ය.. වෙන එකක් තබා එන්නත් කිරීමේ දවසක කටුනායක කියා එකෙක්ද පත් විය. ඌට පැවරුනේ ඉන්ජක්ෂන් කටු නොගෙන අයගේ නම් ලිස්තුවක් සාදා දීමයි .

Friday, August 24, 2012

ඇතුවත් බැරි නැතුවත් බැරි "කඩුව"


සිංහලයාට හෙළ බස තරම් වටිනා දෙයක් තවත් නැති තරම් . ඒත් ඒ මීට ගොඩකාලෙකට ඉස්සර .අද වෙන විට සිංහලයටත්, මෙක්සිකනුවන්ටත්, ඉන්දියාවටත්, ජපනුන්ටත්, අනෙක් හැම ජාතියටමත් පොදු අන්තර්ජාතික බසක් කරලියට පැමිණ අවසන්.අද මම මේ  කතාකරන්නේ ලෝකයම සන්නිවේදන අවශ්‍යතා සපුරාලන, මුළු ලෝකයේම වැඩි පිරිසක් සන්නිවේදනය සදහා යොදාගන්නා “ කඩුව “ ලෙස සිංහල කතාවේ යෙදෙන ඉංගිරිසි ගැනයි ..

ඉංග්‍රීසි භාෂාව අද වින විට මුළු ලෝකයටම නැතිවම බැරි වෙලා තියෙන්නේ එය ලෝක සන්නිවේදනයේ ප්‍රධාන මාධ්‍ය වන බැවින්මද ?ඊට එහා වටිනාකමක් ඉංග්‍රීසි භාෂාවට ලංකාව තුල ඇත්තෙම නැද්ද ?ලංකාව යටත් විගිතයක් වීමත් සමගම ලාංකිකයාගේ මානසිකත්වයට ඉංග්‍රීසි කතා කිරීම තුල ලැබුනේ විශ්වාස කල නොහැකි තරමේ වටිනාකමක් ..ඒ කාලේ ඉංග්‍රීසි වචනයක් හෝ කතාකිරීමට හැකියාවක් තිබිණ නම් ඔහුට හෝ ඇයට සාමාන්‍ය මිනිසකුට වඩා බුද්ධි මට්ටමෙන් ඉහල කෙනෙකු ලෙස පිළිගත්තා . එමෙන්ම “රජුගේ ඉංග්‍රීසි”” රැජිනගේ ඉංග්‍රීසි”ලෙස පිරිසිදු ඉංග්‍රීසි භාෂාව හැදින්විමක්ද සිදු වුණා .

Thursday, August 23, 2012

සක්වල ගවේෂණය II - මතයන්ගෙන් පිරුනු අතීතය ....

සක්වල ගවේෂණයේ 2 වන කොටස මෙලෙසින් අරඹමු. පළමු කොටස කියවන්න මෙතනින් බලන්න. 

stronhege ගල් කුළුණු ක්‍රි / පු 3000 දී පමණ සදා ඇති බවට සලකුණු අති මෙම එංගලන්ත ගල්කුලුනු ඉතා සංකීර්ණ තාරකා විද්‍යා  දින දර්ශනයක්.මේ ගල්කුලුනු සදට මෙන්ම සුර්යයාට දිශානුගතව ස්ථානගත කර තිබෙනවා .මෙයත්  තාරක විද්‍යාවේ තවත් සුවිශේෂ  සංසිද්දස්තානයක්. ක්‍රි .පු 380 වෙන් පසු තාරකා විද්‍යාව තුල පෙරලියක් සිදුවුනා කිවුවොත් නිවැරදියි.ක්‍රි පු 270 දී ලෝකයටම පිළිගතහැකි  සෞරග්‍රහමණ්ඩලය පිලිබදව පැහැදිලි මතයක් ඉදිරිපත් වුණා . අරිස්ටකස් නම් වූ ඔහු ගුරුවරයෙක් .මොහු ආකිමිඩිස්  හා සමකාලීනයෙක් වන අතර මොහුගේ මතය වැදගත් වන්නේ එය තාරකා විද්‍යාව හා හොද අඩිතාලමක් වූ බැවිනි. ඔහු  ඉදිරිපත් කල මතය නම් සුර්යයා නිසලව පවතින අතර පෘථිවිය ඇතුළු අනික් ගහ වස්තු එය වටා බ්‍රමණය වන බවයි. මෙය සුර්ය කේන්ද්‍ර වාදයයි .නමුත් එවකට පිළිගෙන තිබුනු භුකෙන්ද්‍ර වාදයට මෙය හාත්පසින්ම වෙනස් එකක් වෙන නිසා මේ මතය පිළිගනිම පිලිබදව ගැටළු මතු වුණා. ක්‍රි ව 150 දී ටෝලම් විසින් ලොව ප්‍රථම  වරට ඉදිරිපත් කල තරු සිතියමත් සමගම භුකෙන්ද්‍ර වාදය යන මතය තව කාලයක්  මුල් බැස ගත්ත .භූ කේන්ද්‍ර වාදය හිස මුදුනෙන්ම පිළිගත්තු ටොලම් ඉදිරිපත් කල තරු සිතියම යුරෝපයේ හා අරාබියේ ඉතාම ප්‍රසිද්දියකට පත වුණා. ඒ නිසාම ඔහුගේ අදහස්  වසර 1500 පමණ පැවතුනා.

Wednesday, August 22, 2012

ආදරයේ ස්ථරය තුල කළමනාකරණය ....


    දරය යනු අතිශය සමාජීය කරුණකි. සමාජීය පැවැත්මට සමාජයක් වශයෙන් ඉදිරියට ගමන් කිරීමට ආදරය හරහා ඉටුවෙන්න්නේ සුවිශේෂ කර්යභාරයක් .දෙමව්පිය දු දරු සෙනෙහස සහෝදර සෙනෙහස හිත මිතුරන් අතර පවතින සෙනෙහස මෙන්ම ප්‍රේම වන්තයෙක් හෝ ප්‍රේම වන්තියක් අතර ඇතිවෙන ප්‍රේමය යනාදී වශයෙන් මේ ප්‍රේමය යන මාතෘකාව විශාල  පරාසයක පැතිරී පවතිනවා .මිහිමත ජීවත්වෙන සෑම ජිවයෙක්ම කුමන හෝ පාර්ශවයකගේ ආදරයට හිමිකම් කියනවා .එසේ නොවේ නම් එක සමාජයේ ඉතා විරල සිදුවීමක් .දෙමව්පියන් දුදරුවන්ට දක්වන සෙනෙහසට වඩා වෙනස් අද්දැකීමක් සහෝදර ප්‍රේමයේ දකින්නට ලැබෙනවා . මේ 2 ටම වැඩ වෙනස් අත්දැකීමක් තාරුණ්‍යයේදී  ප්‍රේම කිරීමේදී සිදුවෙනවා .පෙර අවස්ථාවන්ට වඩා තරුණයන් අතර පවතින ප්‍රේමයේදී ලිංගිකත්වය සාමාන්‍ය දෙයක්.මේ විදියට ගත්තම එක මහ විශාල පරාසයක විහිදෙන කතන්දරයක්.

Monday, August 20, 2012

සක්වල ගවේෂණය I - තරු බැලීම


අද ඉදන් අලුත් වැඩක් පටන්ගන්නයි සුදානම කව්රුත් දන්න කව්රුත් නොදන්නා හැමෝම දැනගන්න ආස්කරන දැනගන්න දගලන දෙයක් ගැනයි මේ කතාව . ඒ තමයි පිටසක්වල ජීවය ගැන . එක තමයි අද ඉදන් පටන් ගන්න අලුත්ම ලිපි පෙළ.

මිනිස්සු පරිනාමයත් සමගම වෙනස් වුණා ඒ වගේම තමයි ලෝකයත් පරිණාමය වුණා කිව්වොත් හරි . මේ කතාව පටන්ගන්නේ මානව ශිෂ්ටාචාරයේ මුල් යුගයේ ඉදල .ආකාශ වස්තු එහෙම නැත්නම් තරු බලන්න මිනිස්සු පෙලඹුනේ අද ඊයේ ඉදල නෙමෙයි. මානය ශිෂ්ටාචාරයේ මුල් යුගයේ ඉදලම මිනිස්සු ආකාෂ වස්තු නිරීක්ෂණය කලා කිව්වොත් නිවැරදියි.මේ තාරකා  පිළිබද විද්‍යාව තාරකා විද්‍යාව බවත් එය අද ලෝකයේ බොහෝ කතාබහට ලක්වෙන කතවක් බවත් නොදන්නා අය නැති තරම් . තාරකා විද්‍යාව යනු ලොව ඉපැරණිම විද්‍යාවයි .මේ ලෝකේ ජීවයත් මුළු විශ්වයේම  ජීවයත් ආරම්භ වුයේ මේ සමගම නිසා ඒ ගැනත් පොඩ්ඩක් හරි කිව්වේ නැත්නම් ඒක අඩුපාඩුවක්.

Wednesday, August 15, 2012

බුලත් හෙප්පුව ....


ඔන්‍න‍ අද අයෙත් රස කතාවක් දන්නා හිතුනා. හැමදාම  දාන්නේ ටිකක් හිතන විදියේ ඒවා නිසා අද වෙනසක් කරන්න හිතුන. මේක රස කතාවක් කිව්වට ජන කතාවක් . ගොඩක් අය මේක අහලත් ඇති සමහර විට අහල නැතුවත් ඇති . එක නිසා කියන්නම්කො .
මේ  සිද්දිය වෙලා තියෙන්නේ මිට ගොඩක් කාලෙකට ඉස්සර .කොත්මලේ පැත්තේ තමයි වෙලා තියෙන්නේ. ඒ කලේ ඉතින් වාහන, යන්ත්‍ර ,උපකරණ තිබුනේ නැනේ . හැමදේකටම ඉතින් මිනිස්සුන්ගේ ශක්තිය තමයි යොදා ගත්තේ .. ඔන්න ඔය කලේ එක වලවවක ගම මහත්තයෙක් ගමේ හිටපු මනුස්සයෙකුට වැඩක් පවරුවලු . මොකක්ද දන්නවද වැඩේ ගමරාලගේ පාර්සලයක් එයාගේ නෑ වෙන කෙනෙක්ගේ ගෙදරකට ගිහින් බාරදෙන්න.මේ මනුස්සය තමයි මේ ගම ගෙදර හැම වැඩකටම උදව්වට එන කෙනා .ඒක නිසා ඉතින් මේ වැඩෙත් මෙයාටම පැවරුවා.මේ  වැඩ වලට ගම ගෙදරින් හොද ගතමනාවක් මේ මනුස්සයට ලැබෙනවා .ඒක නිසා මේ මනුස්සයත් කියපු ගමන් බෑ නොකිය වැඩේ බැර ගන්නවා.. කොහොම කොහොම හරි මේ රාජකාරියත් පැවරුනේ මේ මනුස්සයටම තමයි වැඩේ බාර ඇරගෙන මල්ලත් කරේ තියාගෙන මේ මනුස්සය ගමරාලගෙන් අවසර අරගෙන යන්න ගියා . 

Saturday, August 4, 2012

පිස්සෙකුගේ ඇස......


ඒ පිස්සෙක්.වෙනස් කෙනෙක්ව දුටුවම ගොඩක් ඇය කියන්නේ එහෙමයි.වෙනස් විදියට ලෝකය දැකීමේ පව හින්දම සමහරුන්ට ලෝකයෙන් ගැහට විදින්න සිදුවෙලා..ඒත් තමන් ස්වාබවිකයි.සාමාන්‍යයි කියන අය කියන නොදන්නා දෙයක් තියනවා .ඒ තමයි  මිනිසා දඩයම නවත්තල එඩේර උනෙත් ,එඩේර නවත්තල ගොවියා උනෙත් වෙනස් විදියට හිතපු  අය ලෝකේ හිටපු නිසා බව. එහෙම හිතුවේ නැත්නම් අපි තාමත් ගල් යුගයේ ගල් කඩනවා.ගොඩක් අය කියන දෙයක් තමයි මෝඩයට ඒ දන්ඩේ යන්න බෑ කියන කතාව .. මේ මෝඩයට ඒ දන්ඩේ යන්න බැරි නිසා තමයි  වෙනස් විදියට හිතල පාලමක් නිර්මාණය වුනේ.

අද සමාජය සැදී තිබෙන විදියට අලුත් දෙයක් සොයන්න අලුත් දෙයක් නිර්මාණයට අපිට බෑ කියන සංකල්පය පොඩි කාලෙදිම අපේ ඔලුවලට කාවද්දල..මොකක් හෝ දෙයක් පොඩි කාලෙදිම කරන්න හැදුවොත් “ පුතේ/දුවේ ඔයාට බෑ ඔය වැඩ කරන්න  නිකන් ඉන්න “ කියල පැත්තකට කරන්නට අපේ සමජය හැඩ ගැසී තිබීම කණගාටුවට කරුණක් .. එදා මහ පත වැව් අමුණු සාදපු  අපිට අද කැඩුණු කරාමයක්වත් හදා ගන්න බෑ.. කවරුන් හෝ කෙනෙක් වෙනස් විදියකට හිතන්න හැදුවොත් අමුතු හෝ පිස්සෙක් කියා හංවඩු ගැසීම අප සමාජය අපුරුවට කරනා කාරණයක්.

Friday, August 3, 2012

නිදා ගන්න කැමති කොහොමද ??


ඔබ නිදා ගන්න කැමති කොහොමද ? තනියමද එහෙම නැත්නම් තවත් කෙනෙක් එක්කද ? මේ ප්‍රශ්නෙට ඔබට පිළිතුරුවලට වඩා වැඩි දේවල් මතකයට නැගේවි ..මේ අහන්නේ කොහොම නින්දක් ගැනද, එහෙමත් නැත්නම් තවත් කෙනෙක් කියල අදහස් කරන්නේ මොනවගේ කෙනෙක්ද ?නිදා ගැනීමේත්  වර්ග  තියනවා .එකිනෙකා නිදා ගන්න කැමති විදිය එකිනෙකට වෙනස්.ගැහැණු  පිරිමි යනු අනෙකුත් සතුන්ට මෙන්ම හැගීම දැනීම ඇති සත්ව  කොට්ටාසයක්.නමුත් සාපේක්ෂව ගැහැනුන්ට වඩා පිරිමි ලිංගික හැගීම බහුල කොට්ටාසයක් ලෙස විද්‍යාත්මකව හොයාගෙන තියනවා..මේ නිසා නිදා ගැනීමේදී තවත් කෙනෙකු සමග සංසර්ගයේ යෙදෙනවා නම් පිරිමි කැමති ගැහැණු කෙනෙක් සමග නිදා ගන්න බව සැබෑවක් .එවැනි ගැහැණුන් සිටියත් ඇතැම් ගැහැණු තම දරුවා සමග හෝ සංසර්ගයේ නොසිටියත් තමන්ගේ සැමියා සමග හෝ මව හෝ මිතුරියක්‌ සමග නිදා ගන්න වැඩි කැමැත්තක් දක්වනවා ..ඒ පිරිමි, පිරිමින්ට වඩා ගැහැණු ගැහැණු අතර හැගීම හුවමාරුව වැඩි නිසයි ..එහෙත් පිරිමි තවත් පිරිමියකු සමග නිදා ගැනීමට එතරම් කැමැත්තක් නොදක්වයි . ඒ ගැහැණුන් හැරෙන්නට පිරිමියකු සමීපයේ වත් නිදා ගැනීම පිරිමියකුට නීරස ක්‍රියාවක් නිසාය.නමුත් විවාහයෙන් පසුව එම සබදතාව බිදුණු විට පිරිමියා කැමති සැනසිල්ලේ තනිව නිදන්නටය..

Friday, July 27, 2012

වැරදුනු සිතුවම ...


මේක කියවන්න නම්  සුදානම් වෙන්නේ , නවතින්න .හිතල බලන්න ... කව්ද ඇත්තටම ඔබේ හිතේ ඉන්න ආදරවන්තයා හෝ ආදරවන්තිය ? ඒ කෙනා මොන වගේද ? එහෙඅම කෙනෙක් ඇත්තටම ඉන්නවද ?ඔබේ හිතේ එවැනි ආදරයේ ප්‍රතිරූපයක් ගොඩනගන්න පුළුවන් වුනා  නම් කියවන්න. මේ කතාව , ලිපිය ඔබ වෙනුවෙන්............

හැම පිරිමියෙක් හැම ගැහැනියක් සිතේම තමන්ගේ ආදරවන්තයා, ආදරවන්තිය විය යුත්තේ මෙවැනි කෙනෙකු තමාට කියාගත් සිතුවිලි මාලාවක් තියනවා. එහෙම නැත්තනම් ඉතින් ඒක පට්ටම පට්ට  පට්ටෙත් පට්ට පට්ටපල් බොරුවක් . ඉතින් ඕනෑම පිරිමියෙක් ඕනම ගැහැනියක්  තම හිත තුල ඇදී පවතින රුපය සොයා යාමේ අනවරත ගමනක දී සිටිනවා.ඒ සිතේ ඇදී සිතුවම සර්වසම සමරුපිතාවයක් දක්වන පුද්ගලයකු හමුවීම ජිවිත කාලය තුල විය නොහැකි දෙයක් ලෙස, කිවහැකි සසම්භාවී සිදුවීමක් . එනමුත් ඊට යම් සමානකමක් දක්වන කෙනෙක් හමුවීම විය හැකි දෙයක් .


 මේ කතාව ඇතුලේ සිටින කතා නායකයා හෝ කතා නායිකාව ඔබ නම්, ඔබ සොයන්නේ පරිපුර්ණ ගැහැනියක් හෝ පිරිමියෙක් .මේ අපරිපුර්ණ ලෝකයේ පරිපුර්ණත්වය සෙවීම සිහවට කරුණක් බව දැන සිටියත්, ඔබේ සිතුවම ඔබ අදින්නේ පරිපුර්ණත්වයේ හැඩ තල යොදමින්...ඔබට ඔබේ සිහින වල ජිවත් වෙන කෙනා මුණ ගැසෙනවා.ඔබ ඇය /ඔහු තුලින්, ඔහුගේ /ඇගේ දෑස් තුලින් ඔබේ සිතුවම වර්ණ ගැන්වෙන බව පෙනෙනවා... ඇය ඔහු පරිපුර්නයි, ඒ ටික කාලෙකට, ආදරයන් වෙලීමේ කාලය අවසන් වෙනතුරු ඔවුන් පරිපුර්නයි. මෙසේ කාලය ගත වෙනවා. ආදරයත් සමගම ඔබ ඔහුව / ඇයව තේරුම් ගන්නවා. ඒක හරියටම වතුරු පිරුණු විදුරු බෝතලයක් කලතනවා වගේ. මුලින් බෝතලය තුල වේගයෙන් කැලතෙන වතුර වල වේගය 
කෙමෙන් අඩු වෙනවා. වේගයෙන් බෝතලය තුල උඩ බිම ගිය රොඩු බොඩු කෙමෙන් කෙමෙන් බෝතලයේ අඩියට තැම්පත් වෙනවා..ඒ වගේම ඔබත් ඔහුව/ඇයව තේරුම ගන්නවා.

Wednesday, July 25, 2012

කබලෙන් ලිපට වැටුන අපි....!!

අපි ඉගෙන ගන්න කොයි තරම් නම් මහන්සිවෙනවද ??? අපිටත් වඩා අපේ දෙමාපියන් කොච්චර බලාපොරොත්තු තියන් ඉන්නවද?  අවුරුදු ගාණක් කට්ට කාලා බොහොම අමරුවෙන් O/L pass වෙලා තමයි A/L වලට එන්නේ .. ඊටපස්සේ පාසල් ගිහින් පන්ති ගිහින් කොච්චර කට්ටක් කනවද A/L ගොඩ දා ගන්න .. පෙළක් දවස වලට උදේ 5.30 ට දෙදරින් ගියාම ගෙදර එන්නේ රැ 8 ට විතර ඊට පස්සේ පහුවදා ට ඒත් එහෙමම තමයි. ඊට පස්සේ සෙනසුරාදා ඉරිදා 2 කම පන්ති .. පන්ති ගියාම එතන බැංකු වල හිරවෙලා රස්නෙන් තැම්බි තැම්බි ඉන්නේ .. උදේ 5.30 ට විතර ගෙදරින් යන්නේ. ඒ වෙලාවට කාලා යන්නෙත් නෑ. කන්නත් බෑ .ඉතින් බඩගින්නෙම ගිහින් පන්තියේ ඉදගන්නවා.විවේකයක් ලැබුනත් ඒක ලැබෙන්නේ 11.00  ට විතර එතකොට බඩගින්න උපරිමයි.. කොහොමහරි එකේ ඉදල බොහොම අමාරුවෙන් ඉගෙනගන්නවා. හවස පන්තියට ගියාමත් ඒ සෙතේම තමයි.

Thursday, July 19, 2012

ජීවිතය සහ ආදරය


ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක්.කව්රුත් කැමති සතුටින් ජීවත් වෙන්න.මේ ජීවිතය කාලයත් සමග විවිද විදිහට අත් විදිනවා.පුංචිම කාලේ අම්මාගේ තුරුලේ නැළවෙන අපි එඉන් මිදෙන්නත් අකමැතියි. ඊට පස්සේ අවුරුදු 2 -3 වෙනකොට පෙරපාසල් යනවා.ඉතින් ඒ ජිවිතේ වෙනම එකක්.කොහොම හරි පාසලටත් යනවා.කෙනෙක් කාගෙන් හරි ඇහුවොත් ඔයාගේ ජිවිතේ කැමතිම කාලය මොකක්ද කියල අනිවාරයෙන්න්ම  කියයි පාසැල් කාලය තමා කියලා.මොකද පාසැල් කාලය තරම් සතුටින් හිටපු කාලයක් තවත් කෙනෙකුට නැ .ආයේ ලැබෙන්නෙත් නැ.පාසල් කාලයෙන් පස්සේ  CAMPAS ඒක ඉතින් හැමෝටම යන්න පුළුවන් තැනක නෙමෙයි නේ. ඒකත් ඉතින් පාසල  වගේම තැනක් තමයි.


  ජීවිතේ ගැන කතා කරනකොට ආදරය ගැන කතා නොකරම බැනේ. පොඩි කාලේ අම්මට තාත්තට ආදරෙන් හිටපු කට්ටිය තරුණ කාලේදී කෙල්ලෙක්ගේ හරි කොල්ලෙක්ගේ හරි තුරුලේ නැළවෙනවා .ඒත් ඉතින් ඒ නැළවෙන තොටිල්ලෙන් බිමට වැටුනොත් කරගන්න මෝඩ වඩා දැක්කම හිනත් යනවා.බොක්කෙන්ම ආදරෙයි කියල කෝච්චියට පනින්න,ගගට පනින්න ,වස බොන්න හරි දක්ෂයි .නමුත් මේ ලැබිල තියන ජිවිතේ වටිනාකම මෙපමණයි කියල නිමකරන්න බෑ .ලෝකේ තියන සියලුදේට වඩා වටිනා දෙයක්. ඒක සමාන වෙන්නේ තවත් ජීවිතයකට විතරයි.ආදරේ ජීවිතේට අවශ්‍යයි තමයි නමුත් එහෙමයි කියල ආදරය නිසා ජීවිතය විනාශ කරගන්නවා නම් ඒක තමයි  කරන ලොකුම  මෝඩ කම .ඔහුට  /ඇයට ඔබ ගොඩක් ආදරේ වෙන්න පුළුවන් නමුත් ඔහු /ඇය ඔබගේ ආදරය පිලි ගන්නේ නැති නම් එකට ඔබ ඔබේ ජීවිතය නැති කරනවා  නම්  ඔබ පරාදයි .මොකද ඔබ මිය ගියාට ඔබ ආදරය කල කෙනා ජිවත් වෙන නිසා ..කරන්න තියන හොදම දේ ඒ කෙනාව අමතක කර ඔබට ගැලපෙන හොද කෙනෙක් සොයාගැනීම පමණයි .. එහෙම උනොත් ඔබට පුළුවන් වේවි ඒ කෙනාට ඔබ ඔහු /ඇය  නැති උනත් වෙනදාටත් වඩා සතුටින් ඉන්න බව  පෙන්වන්න... සියදිවි නසා ගැනීම මිනීමැරුමක් හා සමාන දෙයක්.එය ආගමානුකුලවත් නිතියනුත් එසේමයි.නීතියට අනුව ඔබේ ජීවිතය ඔබේ වූවාට එය නැතිකර ගැනීමට ඔබට අයිතියක් නෑ.ඔබ සියදිවි නසාගැනීමට තැත් කලොත් ඔබට ඔබේ ජීවිතය නිසාම රජයට වන්දියක් ගෙවීමට සිදුවීවී .

Friday, June 29, 2012

ආලේ කරනා කාලේ ......



තනිකඩ ජීවිතේ fun තමයි, ඒත් දෙන්නෙක් අවංකව එකිනෙකට ආදරය කරද්දී දැනෙන සතුට , හැගීම ඊට වඩා වෙනස් දෙයක්.. ඔයාලටත් මේ දේවල් දැනිල තියනවද / විදලා තියනවද එහෙනම් ඔයාල වාසනාවන්තයි... මොකද ඕක හැමෝටම ලැබෙන්නේ නැනේ. පෙළක් ඇය නම් “ හපෝ මම වැටුන අපායක් කියල කියනවා.. ගොඩක්ම කියන්නේ බැන්දට පස්සේ.හරි අද ඒක නෙමෙයි  කතාව. ආදරය කරන කලේ කරන දේවල් ගැන

Saturday, June 23, 2012

අන්දරේගේ ආසාව


ඔන්න අන්දරේ දවසක් රජ වාසලට ආවලු. ඇවිදින් රජතුමාව හෙව්වලු. හොයල හොයල බැරිම තැන පුරෝහිත්ගෙන් ඇහුවලු රජතුමා කොහෙද කියලා .. එතකොට පුරෝහිට කිව්වලු රජතුමා රාජකාරි වැඩකට එලියට ගියා දැන් එයි කියල. ඉතින් අන්දරේ රජතුමා එනකන් කියල රාජ උද්‍යානයේ සක්මන් කර කර හිටියලු .. මෙහෙම ඉන්න අතරේ රජතුමාගේ අලුත් අග බිසව ස්නානය කරලා ආවලු අන්දරේ ලගින් ඉතින් අන්දරේ අහකට වෙලා බිසවට ආචාර කලාලු .. රජ බිසවත් හීන වෙලා යන්න ගියාලු .. මේ බිසව හරිම ලස්සන ලදක්. ඉතින් අන්දරේට වෙනදට වඩා අමුතු අදහසක් පහල උනාලු.. ඇත්තම කියනවනම් කැමැත්තක් ඇති උනාලු.. අන්දරේට කොච්චර මේක හිතට වැදුනද කියනවා නම් රජතුමා එනකම් ඉන්නේ නැතුව ගෙදර ගියාලු... ගෙදර ගියත් අනදරේට මතක වෙන්නෙම රජ බිසවමලු .. කලපනා කරලා කල්පනා කරලා අන්දරේ තීරණය කලාලු රජතුමාට මේ ගැන කියන්න...

Friday, June 22, 2012

සම්මතය සහ අසම්මතය ........


ජිවිතයේ අපි දකින හීන අපේ හිත ඇතුලෙම ඉපදිලා හිත අතුලේම නැතිවෙලා යනවා.හරියටම හීනයක්‌ වගේ.සංස්කෘතිය සම්මතය වගේ මිනුම් දඩු දාල අපේ සිත හිර වෙලා .. සිතේ ඇතිවෙන සිතුවිල්ලක් තව කෙනෙකුට කියන්න දෙපාරක් හිතන්න වෙලා ... පොලවේ පය ගහගෙන ඉන්න අපිට අපේ අහිංසක සිතුවිලි වලට නිදහසේ නැගී සිටින්නට සමාජයක් අවශ්‍යයි. කෙනෙකු කියන දෙයක් ඇසීමත් එය පිලිබදව ටිකක් හෝ සිතීමත් අපගේ යුතුකමක්. සම්මතය ගැනම සිතා කෙනෙකු කියන දෙයක්  ඉවත හෙලීම තරමක් මෝඩ ක්‍රියාවක්.කෙනෙකුගේ සිතිවිලි වලට ඉඩක් ලැබෙනවා නම් එය සම්මතය හෝ අසම්මතය වේවා සත්‍ය තේරුම ගැනීම පහසු කරුණක්...

Monday, June 18, 2012

සැබෑ මිතුරෝ ....!!!!!!


phone  එකේ facebook වල class එකේ මේ හැමතැනම එක එක විදිහේ යාළුවෝ පිරිලා ඉතිරිලා ගණන් කරගන්නත් බැරි තරම් ...ඒ උනාට කොතන හරි පුංචි වැරද්දක් තියනවා.මේ විදියට මොන තරම් යාලුවෝ හිටියත් සිනාවට කදුලට ඒක වගේ ලග ඉන්න එකම ඒක යාලුවෙක් වත් හොයාගන්න ටිකක් අමාරුයි.


සැබෑ මිතුරෙක් ජීවිතේට ලොකු ශක්තියක්.අප්‍රමාණ ආශිර්වාදයක් සැබෑ මිතුරෙක්. සතුටට වගේම දුකටත් ලග රැදිලා ඉන්න දියුණුවට අතදෙන සොදුරු මිතුරකුගේ වටිනාකම මිල කරන්න බැරිතරම්.ඒත් මේ සයිබර්  අවකාශයේ මානව දයාවෙන් පිරුණු හදවතක් සොයා ගන්න ඒක ලේසි පහසු කාර්යක් කටයුත්තක් නෙමෙයි. 21 සියවසේ මිනිස් සමාජය ඊෂාවෙන් කුහකකමින් පිරිලා. ඉතින් මානව දයාව අවංකත්වය හා විශ්වාසය පිරුණු සගයෙක් හොයා ගන්න එකත අමාරුයි.බාහිරින් දකින පාටින් හැඩරුවින් එකෙනගේ අභ්‍යන්තර හැගීම් තේරුම් ගන්න බෑ..අන්න ඒ නිසයි  අපි ගොඩක්  වෙලාවට කරදරේ වැටෙන්නේ.අත් වැල් බැදගෙන ලග ඉන්න මිතුරන් උන් හිටි තැන හිටි හැටියේ පැන දුවන්නේ කදුළු පොදක් වැටුන හැටියෙමයි....අද මිත්‍රත්වයේ සැබෑම තත්වය මෙයයි.

Saturday, June 16, 2012

ගැහිල්ල


අපි අද ගැන ගැහිල්ල  කතා කරමු .අපි පුංචි සන්දියේදී ජිල්බෝල ගැහිල්ල කළෙමු .එකට ඇට බෝල ගැහිල්ල කියාද කියති.ටිකක් ලොකුමහත් වෙන විටදි නම් ගැහිල්ල විවිධකර වෙයි. පිරින්මින්ගේ ගැහිල්ල අත් පන්දු  ගැහිල්ලයි. කුට්ටි කුට්ටි අඩුක් කරගන්න නම් අපේ රටේ ක්‍රිකට් ගැහිල්ල කල යුතුය .කණ්ඩයමේ ඇය ක්‍රිකට් ගැහිල්ල කරන විට  කොටි ගණන ගැහිල්ල කරන්නේ නිලධාරින්ය.ක්‍රිකට් ගැහිල්ල පැත්තකට දාමු.අපේ අය ෆුට් බෝල  ගැහිල්ල ද කරති .වොලී බොල් ගැහිල්ල ද කරති .ක්‍රීඩකයන් ඔයා සියලුම ගැහිල්ල ට පුරුදු වෙද්දී තිරයෙන් පිටුපස සිටින බලධාරීන් හිටු කියල ගැහිල්ල කරති. ටෙනිස් ගැහිල්ල රගර් ගැහිල්ල බිලියඩ් ගැහිල්ල ලොකු අය කරති.පාලු ඉපනැල්ලේ එල්ලේ ගැහිල්ල කරන්නේ පොඩි පොඩි මට්ටමේ අයයි.

විසිල් ගැහිලද අපේ රටේ සුවිශේශි ගැහිල්ලකි.පෙන්වතා  දුෂ්ටයාට පැණි පෙරෙන්න ගැහිල්ල කරන විට සිනමා ශාලාවේ ගැලරියේ සිටින පිරිස අමන්දානන්දයට පත්වී විසිල් ගැහිල්ල කරති.පාරේ සිටින පොලිස් නිලදාරීන් විසිල් ගැහිල්ල කරන්නේ තදබදය අඩු කරන්නටය.දැන් පාසැල් මාර්ග නියමක සිසු සිසුවියෝද විසිල් ගැහිල්ල කරති.ලස්සන හැඩරුව අග පසග ඇති කෑල්ලක් දුටුවම අනංග වයසේ පසු වන කොල්ලන්ගේ මුවින් ඉබේම විසිල් ගැහිල්ල සිදුවේ.කම්මුලට ඇත ගැහිල්ල කරන්නේ හනේ හපොයි කියා සිතෙන විටය .පදම් වී ගේදරට පැමිණෙන සැමියා බිරිදට කම්මුලට ගැහිල්ල කරන්නේ බිරිදගේ කෑ ගැහිල්ල ට විරුද්ධවය.මෙය දකින ගෙදර පොඩි උන් කෑ ගැහිල්ල මෙන්ම ඉකි ගැහිල්ලද කරති.

Friday, June 15, 2012

ගීතය

ආදරය කියන්නේ මහා පුදුම දෙයක් .ඇත්තම කියනවනම් ඒක පරිත්‍යාගයක් .ඔයාලත් එසේ ආදරය ලබන්නෙක් නම් ආදරය කරන්නෙක් නම් ඔයා හරිම වාසනාවන්යෙක්.අද ලිපියෙන් මම ආදරය ගැන කියන්න බලාපොරොත්තුවක් නැ. මේක ආදරය හා බැදුන දෙයක් නිසයි මේ ටික හරි ලිව්වේ.ආදරය ගැන මතක් කරනකොට ගීතය කියන දේ නැතුවම බැරි දෙයක්.ආදරය ගැන ලියවුන ගීත කොපමණදැයි කියල අවසන් කරන්න බැරි තරම්.විවිධ භාෂා  වලින් ලියවුන විවිධ ගීත කොතරම්  නම් තියනවද.සාමාන්‍යයෙන් ගීත ලියවෙන්නේ සිතේ ඇතිවන සිතුවිලි සමග ... සතුට දුක ආදරය වගේ සිතුවිලි සමග ගීතය උපදිනවා.අද්දැකීම් සමගත් ගීත උපදිනවා ..මේ ලිපියත් අද්දැකීම් වලින් ලියවුන ගීතයක් ගැන.ඇත්තටම මේක ගීතයක නිධාන කතාවක්..

Monday, June 11, 2012

බල්ලොත් නොකන “ සල්ලි “


ඔබ මම ජීවත් වෙන මේ සමාජය තුල ඇති  විවිධ  දේ  අතුරින් මුදල් වලට ඇත්තේ ඉතා ප්‍රබල ස්ථානයක් කිව්ව්වොත් ඒක නිවැරදියි. මුදල නැත්නම් සල්ලි අද සමාජයේ යම් දෙයකට වටිනාකමක් දීමට යොදා  ගන්නා  වනිජයම සාදකයක්.

අතීතය සහ අද  බලන විට බොහෝ දේ වෙනස් වී පවතිනවා. එදිනෙදා ජිවිත ගැටගසා ගැනීමට පමණක්  වෙහෙසුන එදා මිනිසුන් ඉතා සරල ජිවන රටාවකට පුරුදු වී සිටියා .කොතරම් සරල වුවත් කොතරම් සරල වුවත් ගති පැවතුම් වලින් හා ගුණධර්ම වලින් ඔවුන් අද ජීවත්වෙන මිනිසුන්ත වඩා පොහොසත එකිනෙකාට ගෞරව කරන පුද්ගලයන් ලෙසත් ජිවත් වුනා.
අද ඉතා කාර්ය බහුල ජීවිතයක් ගතකරන මිනිසා නොනවතින ගමනක යෙදී සිටිනවා .ජීවත්වෙන්න මුදල් හොයන මිනිසුන් මෙන්ම මුදල් හොයන්න ජිවත්වෙන මිනිසුන් අද ලෝකයේ නැතුවා නොවෙයි ..මුදල නමැති ඒකකය ලොව පහල වීමත් සමග මිනිසා තුල තිබුණු අන්‍යෝන්‍ය සබැදියාවට හෙන ගසා වෛරය  හා ඊරිසියාව දළු ලන්න පටන් ගත්ත .ඒ සමගම ඇති නැති පරතරය ඇතිවන අතරම නැති ඒක කොන් වීමත් ,ඇති ඒක සමාජයේ රජවිමත් සිදු වුනා.

Friday, June 8, 2012

ආදරණිය “ යක්ෂණිය “



ඔබට මතකද ඇයව මුලින්ම දුටු දිනය ? අඩුතරමේ වෙනස් විදියකට පෙනුන දිනය එදා නම් ඔබට හිතෙන්න ඇති ඇය ඔබටම උපන්න කියල ....

ටිකක් අතීතෙට යමු. සාමාන්‍ය යෙහෙළිය ලෙසට හිටි ඇයව එක දිනක් වෙනදට වඩා දීප්තිමත්ව ,වර්ණවත්ව පේන්න ගන්නවා.අගේ සිනාව,ඇය  ඔබ දිහා බලන ආකාරය ,කතා කරන ආකාරය ,ඔබව කුල්මත් කරනවා .මේ හැම දේම එක්ක ඔබ ඇයට ආදරය කරනවා.

 මෙසේ කල් ගතවෙනවා එක දවසක ඇය බො‍හොම නොසන්සුන්. ඔබ ඉතා දක්ෂ ලෙස හා තකතීරු ලෙස ඇගේ නොසන්සුම් කම තවත් නරකට හරවනවා ..ඉන මෙතෙක් කල් සිටි දෙවගන අතුරුදන්වී ඇය යක්ෂණියක් බවට පත වෙනවා .....


මේක තමයි නැවතිලා හිතන්න ඕනේ තැන ඇත්තෙන්ම ඇය සුරගනක්ද ? නැත්නම් මෙතෙක් කල් ඇය ඔබව රැවටුවද ?? ඇත්තම කතාව නම් වැරැද්ද තියෙන්නේ ඔබ අතේ කියන එකයි.මොකද ඇය තුලත් දුක සතුට කේන්තිය වෛරය හටගන්නා මනුෂ්‍යයක් බව ඔබට අමතක කරනවා. ඒක පිළිගන්න ඔබ කැමති නැ ... ඒ ආදරයේ කඩාවැටීම දරාගන්න ඔබට හැකියාවක් නැ .. ඔබ ඇයට බනිමින් අවමන් කරමින් යනවා ..නැත්නම් දරාගන්න බැරි වූ විට කොච්චි පෙරලන්න ,ගගේ  ගැඹුර බලන්න , මී පාසානම් වල රහ බලන්න , නැත්නම් නියගලා අලයක් හරි කනවා ..නියම දේ වැටහ ගන්න ඔබ අසමත් වෙනවා ....සත්‍ය, ඔබ වෙනුවෙන් ඔබේ සිතේ ඇති ආකාරයට නිර්මාණය වූ සුරගනන් සබැ ලෝකයේ නොමැති  එකයි මොනවා උනත් ආදරය කියන රාමුව තුල අන්ධ නොවීම වැදගත් . ඇයත් හඩන ,සිනාසෙන, කෝපවෙන , ලෙයින් මසින් සෑදුන මන්ෂ්‍යයෙක් බව සිත වඩා කලොත් ඉන් එහාට ඔබේ ආදරය ගලා යාම පහසු වෙයි ..ඔබ පරිපුර්ණ ගැහැනියක් බලාපොරොත්තු වෙන්නේ අපරිපුර්ණ ලෝකයක ඉදගෙනයි ..එම නිසා ගැටලුවකදී ඉවසීමත් එය බුද්ධියෙන් සිතීමත් වැදගත් ...
 සිතන්න .. බුද්ධියට ඉඩක් දෙන්න ......


හිත යට ගිනි

අපේ හිත වල මොනතරම් දේවල් තියනවද නේද?? එවෛන් බොහෝ දේවල් ඔයාල කට හරි කියල ඇති . තවත් ඒවා හිතේ තද කරගෙන ඇති . ඒවාට කියනතම රහස කියන්නේ ..ඒ රහස හෙළි උනාට ඔයාලට පශ්නයක් නැත්නම් එක වැඩකට නැති රහසක්. ඒත් රහසක් හෙළි වීමෙන් බොහෝ  අපහසුතාවක් ලැජ්ජාවක් පාඩුවක් ඇති කරනවා එක නිසා රහස රහස ලෙස තබා ගන්න...

ඔයාල රහසක් තව කෙනෙකුට කිව්වොත් එක රහසක් නෙමෙයි ඒත් දෙදෙනෙක් අතරේ රහස් තියෙන්න පුළුවන්. ඔය රහස දන්නා කෙනා තව කෙනෙකුට කිව්වොත් එක ප්‍රසිද්ද රහසක් ...රහස පිට වීම මුවින් පමණක් සිදුවන්නක් නෙමෙයි.එයට අයශ්‍ය ආරක්ෂක උපක්‍රම ඔයාල දැනගෙන ඉන්න ඕනේ .නැත්නම් ඔයාලගේ මිතුරෝ හතුරු වෙයි පවල් අව්ල් වෙයි  නෑදෑයෝ නැති වෙයී ... ඒක නිසා රහස රහසක් ලෙස තබා ගන්න ..ආදරයේ උණුසුම් සුසුම් කොතරම් වුවත් . එය ඔවුන් දෙන්න අතර පමණක් තිබිය යුතු වන්නේ එමගින් කෙනෙකුට දුකත් ,දුක හරහා ඊර්ශ්‍යවත් , ඊර්ශ්‍යව හරහා කේන්තියත් ,කේන්තිය හරහා වෛරයත් උපදින නිසයි ....ඒ නිසා මතක තබා ගන්න රහස රහසක් ලෙස තබා ගන්න ...

Related Posts Plugin for WordPress, Blogger...