Thursday, August 30, 2012

සක්වල ගවේෂණය 03 - ඉතිහාසයේ හැරවුම...


විශ්වය ගැන තාරක විද්‍යාව ගැන කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියල අපි කව්රුත් දන්නා කරනවක්නේ.දියුණුවෙන විද්‍යාව නිසා නව සොයාගැනීම් ඇතිවෙනවා.සක්වල ගවේෂණයේ 3 වන කොටස  ආරම්භ කරන්නයි මේ සුදානම් වෙන්නේ. 2 වන කොටස කියවන බැරි වුනානම් ඒකත් කියවලම එන්නකෝ.


කලින් කිව්වා වගේම ක්‍රි ව 1610 කියන්නේ තාරකා විද්‍යාවේ හැරවුම් කල්ශයක් කිව්වොත් නිවැරදියි.ඒ හැරවුමේ මුල්ම අඩිතාලම දැම්මේ ගැලිලියෝ ගැලිලි.මේ කාලයේදී තමන් වෙහෙස දරා වර්දනය කරගත් දුරේක්ෂය උපයෝගී කරගනිමින් සිදුකළ නිරීක්ෂණ වැදගත් ඒවා වුනා .කලින් සදහන් කල මුල්ම දුරේක්ෂය් සෑදු පුද්ගලයත් නිරීක්ෂණ කරතිබුනත් වැදගත් නිරීක්ෂණයක් ලබා ගැනීමට නොහැකි වුනා.ඒ නිසා වෙන්න ඇති ඔහුගේ නම දුරෙක්ෂය  සම්බන්දව නොකියවෙන්නෙත් ,ගැලිලියෝ ගේ නම නොකියවෙන්නෙත් .ගැලිලියෝ තම දුරේක්ෂය උපයෝගීකරගෙන මෙතෙක් ලෝකයා දැක නොතිබූ විශ්වීය විභූතිය ලෝකය වෙත දිගහ අරින්නට වුනා.ඒ ඔහු මෙතෙක් සොයාගෙන නොතිබූ පියවි ඇසින් දැකිය නොහැකි තාරකා රැසකගේ තොරතුරු අනාවරණය කරගැනීමත් සමගයි.තවද ඇත අහසේ තාරකා වලාකුල්සේ  පෙනෙන්නේ පොකුරු වලාකුල් බවට එදා තිබු මතය බිද දමමින් ඔහු පෙන්නවා දුන්නේ ඒ තාරක දහස් ගණනකගේ එකතුවක් බවයි.ග්‍රහලෝක පිලිබදව තොරතුරු සෙවීමත වැඩි කැමැත්තක් දැක්වූ ඔහු මුල්ම අවදානය සද වෙත යොමුකලා.ඇරිස්ටෝටලියානුවන්ගේ පරිශුද්‍ය ගෝල සංකල්පයට අනුව සද යනු සුමුදු මතුපිටක් බවට විස්වාස කලා.නමුත් ගැලිලියෝ එය මෘදු මතුපිටක් නොව කඩතොළු සහිත මතුපිටක් බව පෙන්නවා දී ඒ මතය බිද දැමුවා.මිට අමතරව බ්‍රහස්පති ග්‍රහයාට චන්ද්‍රයන් 4 ක් ඇති බවත් හිරුට සමීප බුධ ග්‍රහයාගේ චලිතය ගැනත් අධ්‍යනය කල ගැලිලියෝ හිරුගේ ලප හදුනාගෙන එම ලප වසරේ එක එක කාල වලදී වෙනස් වන බවත් සොයා ගන්න සමත් වුනා.කාලයක් තිස්සේ හිරු ගේ ලක්ෂණයන් අධ්‍යනය කිරීම නිසා පසු කලෙක ගැලිලියෝ අන්ධ බවට පත් වුනා.එයින් ඔහුගේ තවත් නව සොයාගැනීම් රැසක් ලෝකයට අහිමි වුනා.


‌‍‌‍ක්‍රිව 1655 දී ක්‍රිස්ටියන් හයිජන්ස් නම් ‌‍විද්‍යාඥයා විසින් සෙනසුරුගේ වළලු පද්ධතිය ගැනත් ටයිටන් නම් උප ග්‍රහයා පිලිබදවත් කරුණු අනාවරණය කරගත්තා.ක්‍රි ව 1663 දී ප්‍රථම පරාවර්තක දුරේක්ෂය නිර්මාණය වූ අතර ස්කොට් ජාතික ජෙම්ස්ගෙගර් විසින් නිපදව තිබෙනවා උපරිම ආලෝකයක් ග්‍රහණය කරගතහැකි පරිදි නිපදවා ඇති මෙම දුරේක්ෂය කාච වෙනුවට දර්පන යොදාගෙන තිබෙනවා.පසුකලෙක මෙම දුරේක්ෂය නිව්ටන් විසින් වැඩි දියුන කර ඇති අතර එය නිව්ටෝනියානු දුරේක්ෂය ලෙසින් හදුන්වා තිබෙනවා .ක්‍රි ව 1705 දී හැලි නම් ‌‍විද්‍යාඥයා විසින් වල්ග තරු හෙවත් දූමකේතු පිලිබදව ප්‍රකාශ කල අදහස ඉතා වැදගත් එකක්.ඒ අනුව වල්ගාතරු  වසර 76කට වරක් දිස්වෙන බවත් 1456 හා 1682 යන වසර වලදී දිස්වූයේ එකම වල්ගාතරුව බවත් ප්‍රකාශ කලා. 1758 දී දිස්වූ ඔහු සොයාගත් ධුමකේතුව “හැලිගේ ධුමකේතුව” කෙසින් නම් කෙරුණා.1781 දී ඇසට නොපෙනෙන ග්‍රහලොවක් හර්ෂල් විසින් සොයාගනු ලැබුවා. ඒ යුරේනස් ග්‍රහලොවයි.


ක්‍රි ව 1800 දී ලොව ප්‍රථම ආලෝක වර්ණාවලි පිළිබද පරීක්ෂණය සිදු වුනා.සුර්ය කිරණ ප්‍රිස්මයක් තුලින් යවා එයින් වෙන්වන වර්ණ ප්‍රබේද වලට උෂ්ණත්ව මාන තබා එම වර්ණ වලට අදාල උෂ්ණත්වය බැලීම වර්ණාවලිය හැරු ප්‍රථම අවස්ථාවයි.මෙලෙස විලියම් හර්ෂල් විසින් නියම කරනු ලැබුවේ තරුවකින් පිටවන ආලෝක වර්නාවලියයි.එහිදී රතු හා තැඹිලි යව වර්ණ 2 කට මදින රතු වර්ණයට ඔබ්බෙන් ශක්තියේ ක්ෂණික වැඩි වීමක් දුටු අතර ඔහු අතර අදුෂ්‍යමාන අධෝරක්ත කිරණ පවතින බවත් සොයාගන්නට සමත් වුනා.ලොව ප්‍රථම නිවැරදි වර්ණාවලිමානය නිපදවීමේ ගෞරවය හිමිවන්නේ ජෝසප් වෝන් ෆ්රෝන්හොෆර් නම් ‌‍විද්‍යාඥයාටයි.ඒ 1814 දී. මෙමගින් වර්ණ හදාරන විටදී වර්ණාවලිය තුල අදුරු රේක බොහොමයක් දැකීමට හැකිවූ අතර එම රේක මගින් සුර්යයාගේ වායු ගෝලයේ ඇති මුලද්‍රව්‍ය නිරුපනය වෙන බවත් සොයාගනු ලැබුවා.එම නිසා මෙමගින් තාරකා වල සංයුති සෙවීමට බොහෝ උපකාරයක් වුනා.1815 යනු තාරකා විද්‍යාවේ චායාරුපකරණයේ උපතයි (astrophotography). ක්‍රි ව 1846 දී නෙප්චුන් ග්‍රහලොව සොයා ගත්තා.


ක්‍රි ව 1877 වර්ෂය පිටසක්වලයන් ගැන ඇතිවූ සිතුවිල්ල පිටසක්වලයන් ගැන ඇතිවූ මුල්ම වෙඩිමුරයයි. ඉතාලි ජාතික ජියෝවානි විසින් අගහරු ග්‍රහය පරික්ෂ කරන විටදී එය මත විශේෂ රේකා විශේෂයක් හදුනාගෙන ඇති අතර ඔහුගේ මෙම ලිපි පරික්ෂා කල බොහෝදෙනෙකුගේ මතය වුයේ මෙම රේකා කිසියම් බුද්ධිමත් ජීවින් පිරිසක් නිර්මාණය කරනලද්දක් බවයි.මේ සිතුවිල්ල ලොව කැලැබූ සිතුවිල්ලක් බව අද වන විට සනාථ වී හමාරයි..

                                        .... ගවේෂණය ඉදිරියටම ....

Tuesday, August 28, 2012

පාසල් කාලේ ආතල්....

අපේ ඉස්කෝලේ හැම දෙයකටම set  වුනේ අපිය.එනම් 2010 A/L set එකය. දන්නෝ සියල්ලම දන්නෝය.වසර 5 කට වරක් මහා ඉහළින් පවත්වන ප්‍රදර්ශනයට දෙවරක්ම  set  වුනෙත් අපිමය.එකක් 7 වසරේදීය .අනෙක 12 වසරේදීය. 7 වසරේදී නම් අපි සිච්චි පැටවුන්ය.මිස්ලා සර්ලා කිව්වේය අපි හැදුවේය.8 වසරේදී මහා උද්ගොෂණයකට අපි සෙට් වුනේය.එකේදී නම් අපිට උනේ කෑගහන උන්ට වතුර බෙදන්නටය ..9 වසර නම් ඇති දෙයක් නැත. පොලක්ද කොහෙද සෙට් උනේය.අපිම බදු ගෙනත් අපිම අරගෙන මිස්ට සල්ලි ටික පිදුවේය.මොනවා උනත් 9 වසරේ නායකයන් නම් ඇති පදමට හිටියේය. ඒ අපේ ශ්‍රේණි බාර ගුරුතුමාට පින්සිද්ද වෙන්නනටය. එක පන්තියක අඩුම වශයෙන් නායකයන් 15 හෝ හිටියේය. විනය නායක ,අවවාද නායක , පිරිසිදු කිරීමේ නායක , විභාග නායක යන ආදී වශයෙනි රටේ නැති නායකයන්ය.. වෙන එකක් තබා එන්නත් කිරීමේ දවසක කටුනායක කියා එකෙක්ද පත් විය. ඌට පැවරුනේ ඉන්ජක්ෂන් කටු නොගෙන අයගේ නම් ලිස්තුවක් සාදා දීමයි .

Friday, August 24, 2012

ඇතුවත් බැරි නැතුවත් බැරි "කඩුව"


සිංහලයාට හෙළ බස තරම් වටිනා දෙයක් තවත් නැති තරම් . ඒත් ඒ මීට ගොඩකාලෙකට ඉස්සර .අද වෙන විට සිංහලයටත්, මෙක්සිකනුවන්ටත්, ඉන්දියාවටත්, ජපනුන්ටත්, අනෙක් හැම ජාතියටමත් පොදු අන්තර්ජාතික බසක් කරලියට පැමිණ අවසන්.අද මම මේ  කතාකරන්නේ ලෝකයම සන්නිවේදන අවශ්‍යතා සපුරාලන, මුළු ලෝකයේම වැඩි පිරිසක් සන්නිවේදනය සදහා යොදාගන්නා “ කඩුව “ ලෙස සිංහල කතාවේ යෙදෙන ඉංගිරිසි ගැනයි ..

ඉංග්‍රීසි භාෂාව අද වින විට මුළු ලෝකයටම නැතිවම බැරි වෙලා තියෙන්නේ එය ලෝක සන්නිවේදනයේ ප්‍රධාන මාධ්‍ය වන බැවින්මද ?ඊට එහා වටිනාකමක් ඉංග්‍රීසි භාෂාවට ලංකාව තුල ඇත්තෙම නැද්ද ?ලංකාව යටත් විගිතයක් වීමත් සමගම ලාංකිකයාගේ මානසිකත්වයට ඉංග්‍රීසි කතා කිරීම තුල ලැබුනේ විශ්වාස කල නොහැකි තරමේ වටිනාකමක් ..ඒ කාලේ ඉංග්‍රීසි වචනයක් හෝ කතාකිරීමට හැකියාවක් තිබිණ නම් ඔහුට හෝ ඇයට සාමාන්‍ය මිනිසකුට වඩා බුද්ධි මට්ටමෙන් ඉහල කෙනෙකු ලෙස පිළිගත්තා . එමෙන්ම “රජුගේ ඉංග්‍රීසි”” රැජිනගේ ඉංග්‍රීසි”ලෙස පිරිසිදු ඉංග්‍රීසි භාෂාව හැදින්විමක්ද සිදු වුණා .

Thursday, August 23, 2012

සක්වල ගවේෂණය II - මතයන්ගෙන් පිරුනු අතීතය ....

සක්වල ගවේෂණයේ 2 වන කොටස මෙලෙසින් අරඹමු. පළමු කොටස කියවන්න මෙතනින් බලන්න. 

stronhege ගල් කුළුණු ක්‍රි / පු 3000 දී පමණ සදා ඇති බවට සලකුණු අති මෙම එංගලන්ත ගල්කුලුනු ඉතා සංකීර්ණ තාරකා විද්‍යා  දින දර්ශනයක්.මේ ගල්කුලුනු සදට මෙන්ම සුර්යයාට දිශානුගතව ස්ථානගත කර තිබෙනවා .මෙයත්  තාරක විද්‍යාවේ තවත් සුවිශේෂ  සංසිද්දස්තානයක්. ක්‍රි .පු 380 වෙන් පසු තාරකා විද්‍යාව තුල පෙරලියක් සිදුවුනා කිවුවොත් නිවැරදියි.ක්‍රි පු 270 දී ලෝකයටම පිළිගතහැකි  සෞරග්‍රහමණ්ඩලය පිලිබදව පැහැදිලි මතයක් ඉදිරිපත් වුණා . අරිස්ටකස් නම් වූ ඔහු ගුරුවරයෙක් .මොහු ආකිමිඩිස්  හා සමකාලීනයෙක් වන අතර මොහුගේ මතය වැදගත් වන්නේ එය තාරකා විද්‍යාව හා හොද අඩිතාලමක් වූ බැවිනි. ඔහු  ඉදිරිපත් කල මතය නම් සුර්යයා නිසලව පවතින අතර පෘථිවිය ඇතුළු අනික් ගහ වස්තු එය වටා බ්‍රමණය වන බවයි. මෙය සුර්ය කේන්ද්‍ර වාදයයි .නමුත් එවකට පිළිගෙන තිබුනු භුකෙන්ද්‍ර වාදයට මෙය හාත්පසින්ම වෙනස් එකක් වෙන නිසා මේ මතය පිළිගනිම පිලිබදව ගැටළු මතු වුණා. ක්‍රි ව 150 දී ටෝලම් විසින් ලොව ප්‍රථම  වරට ඉදිරිපත් කල තරු සිතියමත් සමගම භුකෙන්ද්‍ර වාදය යන මතය තව කාලයක්  මුල් බැස ගත්ත .භූ කේන්ද්‍ර වාදය හිස මුදුනෙන්ම පිළිගත්තු ටොලම් ඉදිරිපත් කල තරු සිතියම යුරෝපයේ හා අරාබියේ ඉතාම ප්‍රසිද්දියකට පත වුණා. ඒ නිසාම ඔහුගේ අදහස්  වසර 1500 පමණ පැවතුනා.

Wednesday, August 22, 2012

ආදරයේ ස්ථරය තුල කළමනාකරණය ....


    දරය යනු අතිශය සමාජීය කරුණකි. සමාජීය පැවැත්මට සමාජයක් වශයෙන් ඉදිරියට ගමන් කිරීමට ආදරය හරහා ඉටුවෙන්න්නේ සුවිශේෂ කර්යභාරයක් .දෙමව්පිය දු දරු සෙනෙහස සහෝදර සෙනෙහස හිත මිතුරන් අතර පවතින සෙනෙහස මෙන්ම ප්‍රේම වන්තයෙක් හෝ ප්‍රේම වන්තියක් අතර ඇතිවෙන ප්‍රේමය යනාදී වශයෙන් මේ ප්‍රේමය යන මාතෘකාව විශාල  පරාසයක පැතිරී පවතිනවා .මිහිමත ජීවත්වෙන සෑම ජිවයෙක්ම කුමන හෝ පාර්ශවයකගේ ආදරයට හිමිකම් කියනවා .එසේ නොවේ නම් එක සමාජයේ ඉතා විරල සිදුවීමක් .දෙමව්පියන් දුදරුවන්ට දක්වන සෙනෙහසට වඩා වෙනස් අද්දැකීමක් සහෝදර ප්‍රේමයේ දකින්නට ලැබෙනවා . මේ 2 ටම වැඩ වෙනස් අත්දැකීමක් තාරුණ්‍යයේදී  ප්‍රේම කිරීමේදී සිදුවෙනවා .පෙර අවස්ථාවන්ට වඩා තරුණයන් අතර පවතින ප්‍රේමයේදී ලිංගිකත්වය සාමාන්‍ය දෙයක්.මේ විදියට ගත්තම එක මහ විශාල පරාසයක විහිදෙන කතන්දරයක්.

Monday, August 20, 2012

සක්වල ගවේෂණය I - තරු බැලීම


අද ඉදන් අලුත් වැඩක් පටන්ගන්නයි සුදානම කව්රුත් දන්න කව්රුත් නොදන්නා හැමෝම දැනගන්න ආස්කරන දැනගන්න දගලන දෙයක් ගැනයි මේ කතාව . ඒ තමයි පිටසක්වල ජීවය ගැන . එක තමයි අද ඉදන් පටන් ගන්න අලුත්ම ලිපි පෙළ.

මිනිස්සු පරිනාමයත් සමගම වෙනස් වුණා ඒ වගේම තමයි ලෝකයත් පරිණාමය වුණා කිව්වොත් හරි . මේ කතාව පටන්ගන්නේ මානව ශිෂ්ටාචාරයේ මුල් යුගයේ ඉදල .ආකාශ වස්තු එහෙම නැත්නම් තරු බලන්න මිනිස්සු පෙලඹුනේ අද ඊයේ ඉදල නෙමෙයි. මානය ශිෂ්ටාචාරයේ මුල් යුගයේ ඉදලම මිනිස්සු ආකාෂ වස්තු නිරීක්ෂණය කලා කිව්වොත් නිවැරදියි.මේ තාරකා  පිළිබද විද්‍යාව තාරකා විද්‍යාව බවත් එය අද ලෝකයේ බොහෝ කතාබහට ලක්වෙන කතවක් බවත් නොදන්නා අය නැති තරම් . තාරකා විද්‍යාව යනු ලොව ඉපැරණිම විද්‍යාවයි .මේ ලෝකේ ජීවයත් මුළු විශ්වයේම  ජීවයත් ආරම්භ වුයේ මේ සමගම නිසා ඒ ගැනත් පොඩ්ඩක් හරි කිව්වේ නැත්නම් ඒක අඩුපාඩුවක්.

Wednesday, August 15, 2012

බුලත් හෙප්පුව ....


ඔන්‍න‍ අද අයෙත් රස කතාවක් දන්නා හිතුනා. හැමදාම  දාන්නේ ටිකක් හිතන විදියේ ඒවා නිසා අද වෙනසක් කරන්න හිතුන. මේක රස කතාවක් කිව්වට ජන කතාවක් . ගොඩක් අය මේක අහලත් ඇති සමහර විට අහල නැතුවත් ඇති . එක නිසා කියන්නම්කො .
මේ  සිද්දිය වෙලා තියෙන්නේ මිට ගොඩක් කාලෙකට ඉස්සර .කොත්මලේ පැත්තේ තමයි වෙලා තියෙන්නේ. ඒ කලේ ඉතින් වාහන, යන්ත්‍ර ,උපකරණ තිබුනේ නැනේ . හැමදේකටම ඉතින් මිනිස්සුන්ගේ ශක්තිය තමයි යොදා ගත්තේ .. ඔන්න ඔය කලේ එක වලවවක ගම මහත්තයෙක් ගමේ හිටපු මනුස්සයෙකුට වැඩක් පවරුවලු . මොකක්ද දන්නවද වැඩේ ගමරාලගේ පාර්සලයක් එයාගේ නෑ වෙන කෙනෙක්ගේ ගෙදරකට ගිහින් බාරදෙන්න.මේ මනුස්සය තමයි මේ ගම ගෙදර හැම වැඩකටම උදව්වට එන කෙනා .ඒක නිසා ඉතින් මේ වැඩෙත් මෙයාටම පැවරුවා.මේ  වැඩ වලට ගම ගෙදරින් හොද ගතමනාවක් මේ මනුස්සයට ලැබෙනවා .ඒක නිසා මේ මනුස්සයත් කියපු ගමන් බෑ නොකිය වැඩේ බැර ගන්නවා.. කොහොම කොහොම හරි මේ රාජකාරියත් පැවරුනේ මේ මනුස්සයටම තමයි වැඩේ බාර ඇරගෙන මල්ලත් කරේ තියාගෙන මේ මනුස්සය ගමරාලගෙන් අවසර අරගෙන යන්න ගියා . 

Saturday, August 4, 2012

පිස්සෙකුගේ ඇස......


ඒ පිස්සෙක්.වෙනස් කෙනෙක්ව දුටුවම ගොඩක් ඇය කියන්නේ එහෙමයි.වෙනස් විදියට ලෝකය දැකීමේ පව හින්දම සමහරුන්ට ලෝකයෙන් ගැහට විදින්න සිදුවෙලා..ඒත් තමන් ස්වාබවිකයි.සාමාන්‍යයි කියන අය කියන නොදන්නා දෙයක් තියනවා .ඒ තමයි  මිනිසා දඩයම නවත්තල එඩේර උනෙත් ,එඩේර නවත්තල ගොවියා උනෙත් වෙනස් විදියට හිතපු  අය ලෝකේ හිටපු නිසා බව. එහෙම හිතුවේ නැත්නම් අපි තාමත් ගල් යුගයේ ගල් කඩනවා.ගොඩක් අය කියන දෙයක් තමයි මෝඩයට ඒ දන්ඩේ යන්න බෑ කියන කතාව .. මේ මෝඩයට ඒ දන්ඩේ යන්න බැරි නිසා තමයි  වෙනස් විදියට හිතල පාලමක් නිර්මාණය වුනේ.

අද සමාජය සැදී තිබෙන විදියට අලුත් දෙයක් සොයන්න අලුත් දෙයක් නිර්මාණයට අපිට බෑ කියන සංකල්පය පොඩි කාලෙදිම අපේ ඔලුවලට කාවද්දල..මොකක් හෝ දෙයක් පොඩි කාලෙදිම කරන්න හැදුවොත් “ පුතේ/දුවේ ඔයාට බෑ ඔය වැඩ කරන්න  නිකන් ඉන්න “ කියල පැත්තකට කරන්නට අපේ සමජය හැඩ ගැසී තිබීම කණගාටුවට කරුණක් .. එදා මහ පත වැව් අමුණු සාදපු  අපිට අද කැඩුණු කරාමයක්වත් හදා ගන්න බෑ.. කවරුන් හෝ කෙනෙක් වෙනස් විදියකට හිතන්න හැදුවොත් අමුතු හෝ පිස්සෙක් කියා හංවඩු ගැසීම අප සමාජය අපුරුවට කරනා කාරණයක්.

Friday, August 3, 2012

නිදා ගන්න කැමති කොහොමද ??


ඔබ නිදා ගන්න කැමති කොහොමද ? තනියමද එහෙම නැත්නම් තවත් කෙනෙක් එක්කද ? මේ ප්‍රශ්නෙට ඔබට පිළිතුරුවලට වඩා වැඩි දේවල් මතකයට නැගේවි ..මේ අහන්නේ කොහොම නින්දක් ගැනද, එහෙමත් නැත්නම් තවත් කෙනෙක් කියල අදහස් කරන්නේ මොනවගේ කෙනෙක්ද ?නිදා ගැනීමේත්  වර්ග  තියනවා .එකිනෙකා නිදා ගන්න කැමති විදිය එකිනෙකට වෙනස්.ගැහැණු  පිරිමි යනු අනෙකුත් සතුන්ට මෙන්ම හැගීම දැනීම ඇති සත්ව  කොට්ටාසයක්.නමුත් සාපේක්ෂව ගැහැනුන්ට වඩා පිරිමි ලිංගික හැගීම බහුල කොට්ටාසයක් ලෙස විද්‍යාත්මකව හොයාගෙන තියනවා..මේ නිසා නිදා ගැනීමේදී තවත් කෙනෙකු සමග සංසර්ගයේ යෙදෙනවා නම් පිරිමි කැමති ගැහැණු කෙනෙක් සමග නිදා ගන්න බව සැබෑවක් .එවැනි ගැහැණුන් සිටියත් ඇතැම් ගැහැණු තම දරුවා සමග හෝ සංසර්ගයේ නොසිටියත් තමන්ගේ සැමියා සමග හෝ මව හෝ මිතුරියක්‌ සමග නිදා ගන්න වැඩි කැමැත්තක් දක්වනවා ..ඒ පිරිමි, පිරිමින්ට වඩා ගැහැණු ගැහැණු අතර හැගීම හුවමාරුව වැඩි නිසයි ..එහෙත් පිරිමි තවත් පිරිමියකු සමග නිදා ගැනීමට එතරම් කැමැත්තක් නොදක්වයි . ඒ ගැහැණුන් හැරෙන්නට පිරිමියකු සමීපයේ වත් නිදා ගැනීම පිරිමියකුට නීරස ක්‍රියාවක් නිසාය.නමුත් විවාහයෙන් පසුව එම සබදතාව බිදුණු විට පිරිමියා කැමති සැනසිල්ලේ තනිව නිදන්නටය..

Related Posts Plugin for WordPress, Blogger...