Wednesday, September 23, 2015

ආදරය සහ කැමැත්ත ... !!!

ආදරය කියන්නේ මොකද්ද කියලා තවමත් ගොඩක් අය අදුරන්නේ නෑ. ඇත්තටම මොකද්ද ආදරේ කියන්නේ?එක උත්තරයක් දෙන්න බැරැව ගොඩාක් අය හිරවෙන තැනක්. ඔය දේට උත්තරයක් කෙලින් දුන්නොත් තමන් කරන්නේ ඇත්ත ආදරයක් දබොරැවක් ද කියලා දැන ගන්න පුලුවන්.....එක එක අය තම තමන්ගේ වාසියට අනුව ආදරයට එක එක නිර්වචන දිලා සමහරු ආදරය දකින විදියට නොවෙයි තවත් සමහරෙක් දකින්නේ එක එකිනෙකාගෙන් වෙනස්ම වෙච්ච දෙයක් එත් කවුරු කොහොම මෙන නිර්වචනය දුන්නත් එක එක අය ආදරය දකින්නේ වෙනස්ම විදියකට ආදරය කියන්නේ ගොඩාක් ලස්සන වචනයක් වගේම පිවිතුරු හැගීමක්. එක විදිහකට ආදරයට නිර්වචන දෙන්න යන එකත් එක විදිහක මෝඩ කමක්.. ආදරය කියන්නේ අයිති කර ගැනීමක් නොව පරිත්‍යාගයක් කියල කවුරු කිව්වත් ගොඩක් අය කරන්නේ නම් ආදරේ බදා ගන්න යනවා මිස ඒක බෙදා ගන්න එක නම් නෙවෙයි . කොහොම උනත් ඇත්තම කරපු ආදරයක් අමතක කරන එක ලේසි දෙයක් නම් නෙවෙයි. දැඩි ආදරයකින් වෙන් වීමේ දුක විඳවූවන් එය කොතරම් නම් වේදනාවක් ද යන්න යන්න දන්නවා .. තමන් පැතු ආදරයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ කිප දෙනකුට විතරයි ... ලබාගත්තු ආදරයක් පවත්වාගෙන යන්න ලැබෙන්නෙත් එතනිනුත් කීප දෙනෙක්ට ...

ආදරය ගැන කතා කරනකොට ගොඩක් වරදවා වටහාගැනීම් තියනවා ..  කැමත්ත සහ ආදරය කියන්නේ වෙනස්ම වචන දෙකක් වගේම හිතට දැනෙන වෙනස්ම හැගීම් දෙකක්.ගොඩාක් අය මේ වචන දෙකේ තේරුම පටලවා ගන්නවා. අපිට මේ ගෙවෙන කාලය තුල හමුවන අය අතර අපි කැමැත්තක් දක්වන අය ගොඩාක් ඉන්න පුලුවන්.අපි එයලට කැමත්තක් දක්වන්නේ එක එක හේතු නිසා වෙන්න පුලුවන්.ඒක හැමෝටම පොදු දෙයක්. නමුත් ආදරය කියන්නෙ දහස් ගානක් අතරින් අහම්බෙන් කෙනෙක්ට ඇති වෙන හැගීමක් විතරයි. සමහරු දකින දකින කෙනාට  ආදරේ කියන වචනය භාවිතා කරනව.අද කෙනෙක් හම්බුනොත් එයට ආදරෙයි කියනව.එයා ඒක ප්‍රතික්ෂේප කලොත් හෙට තව කෙනෙක්ට ඒක කියනව.ඒ වගෙ වැනෙන හිත් නිසා අද සමාජයේ ආදරය කියන වචනය විහිලුවක් වෙලා තියෙන්නේ. ඒ වගේම facebook ,twitter වගෙ දේවල් වලින් අපි ගොඩාක් යහලු යෙහෙළියන් ආශ්‍රය කරනාවා. එයාලා එක්ක අපේ අදහස් හුවමාරු කරගන්නවා.එයාලගේ දුක සැප හොයලා බලනවා.නමුත් ඒ දේවල් වලින් වලින් කෙනෙක් අපිට ආදරේ කරනවා ඇති කියන අදහස හිතට ගන්න එක වැරදී. කෙනෙක් ගැන ගැන ඔබට වැඩිපුර හිතෙනවා නම් ඒක ආදරය කියලා හිතන්න හදිසි වෙන්න එපා.කෙනෙක් ඔබ ගැන ඕනවට වඩා හිතනවා කියලා ඔයාටම දැනෙනවා නම් ඒකත් ආදරය කියලා හිතන්න හදිසි වෙන්න එපා. මොකද ආදරය කියන වචනය අපි කෙනෙක්ට ප්‍රකාශ කරන්න ඔනේ සුදුසු වෙලාව ආවාම සුදුසු කෙනාටයි. හැබැයි ඉතින් සුදුසුම කෙනා ලැබෙනකොට අපි පරක්කු වෙලා තියෙන්නෙත් පුළුවන්.. ඒත් ගොඩාක් වෙලාවට අපි කැමති අපි ආදරේ කරන කෙනෙක් අපිට කැමති නොවෙන්න පුලුවන්. සමහර වෙලාවට අපිට කැමති අපිට ආදරේ කරන අයට අපි අකමැති වෙන්න පුලුවන්. ඒ අතරේ කලාතුරකින් දෙන්නගේම කැමත්තෙන් ආදරය කරන අය ගොඩාක් වාසනවන්තයි.ඒ උනත් ඒ වාසනාව හිමි කරගත්ත සමහරු ඒ ආදරය පවත්වගෙන යන්න දන්නෑ.

ආදරය කරනකොට අනිත් කෙනාගෙ කැමත්ත ගැනත් හිතන්න පුලුවන්නම් එතන තියෙන්නේ සැබෑ ආදරය.සමහරු තමන් ආදරය කරන කෙනාට නීති දාල හිර කරනවා. එයාට යාලුවෙක් ආශ්‍රය කරන්න ගමනක් යන්න කැමති දෙයක් කරන්න ඉඩ දෙන් නෑ. එතන තියෙන්නේ ආදරයක් නෙමෙයි. ආත්මාර්ථකාමීත්වයක්.  මුලින්ම ආදරය කරන්න කලින් දෙන්නෙක් අතර හොද විශ්වාසයක් ගොඩනගා ගන්න ඕනේ.දෙන්නගේම අදහස් වලට ගරු කරන්න ඕනේ.ගොඩාක් කෙල්ලෝ තමන් ආදරේ කරන කොල්ලා වෙන කෙල්ලො එක්ක කතා කරනවට හිනා වෙනවට ආශ්‍රය කරනවට අකමැති.  එයාලට  ඊර්ෂ්‍යාවක් ඇති වෙනව තමන් ආදරය කරන කෙනා එහෙම වෙනකොට.ඒක සාමාන්‍යයි .කොල්ලෙක් උනත් කෙල්ලෙක් ගැන හිතන්නේ ඒ විදියට.ඒත් එහෙමයි කියලා  එයාට නීති දාලා හිර කරනව කියන්නෙ අපිට ඒ කෙනා ගැන විශ්වාසයක් නෑ කියන එකයි. විශ්වාසයක් නෑ කියන හැගීම අපේ හිතට ආවම හැම දෙයක්ම සැක කරන්න බලනවා .. අන්තිමට මොනවා කලත් වැරදි .. ඊට පස්සේ  වෙන්නෙ අපි ආදරේ කරන කෙනාව අපිට එපා වෙන එකයි. අවසානයේ වෙන්නේ අමාරුවෙන් ලබා ගත්ත ආදරයක් වුනත් අහිමි වීම සහ ඒ කෙනා ගැන වෛරයක් හිතේ ඇති වීමයි. ඒ නිසා කෙනෙක්ට ආදරෙයි කියන්න (I love you) කලින් දෙපාරකට වඩා හිතුවොත් හොදයි .  

 

3 comments:

  1. ආදරය දෙදනකු අතර ඇති අපූර්ව ම වු ගනු දෙනුවකි.....

    ReplyDelete
  2. අපූරුයි...... ඇත්තටම ආදරය කියන්නේ ගොඩාක් ලස්සන වචනයක් වගේම පිවිතුරු හැගීමක් තමා............ මාත් පොඩි ට්‍රයි එකක් දුන්නා ඔය ආදරේ ගැන ලියන්න........ ඒත් ඒකනං කොහොමටවත්ම මේක තරම් සම්පූර්ණවත් පිළිවෙලවත් නෑ.......... මේකනං අවංකවම නියමයි.........

    මේ තියෙන්නෙ මගෙ එක.........
    http://hudekalasithuwili.blogspot.com/2015/09/blog-post_17.html

    ReplyDelete
  3. සුන්දරයි................

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...