Sunday, November 10, 2013

ආදරයට පෙරළෙන මිතුරුකම්....

මේ ලිපිය ලියන්න හිතුනේ ආදරය සහ යාළුකම හදුනා නොගැනීම වෙනුවෙන් .කොහොම වුනත් මේක නම් ලියල ඉවර කරන්න පුලවන් එකක් නම් නෙවෙයි. අපිට යාලුවෝ හැමතැනම.ස්කෝලේ යාලුවෝ Facebook එකේ tweet , Google හතර වටේම යාලුවෝ . කොච්චර යාලුවෝ හිටියත් හැමදෙයක්ම කියන්න විස්වාස කරන්න පුළුවන් යාලුවෝ ඉන්නේ අතලොස්සයි . මොකද අපි කාට හරි දෙයක් කියනවා නම් ඒ දේ කියන්න අපිට ඒ කෙනා ගැන විස්වාසයක් තියෙන්නම ඕනේ. මොකද සමහර වෙලාවට අම්මල තාත්තලට නොකියන දේවලුත් අපි කියන්නේ යාළුවන්ට . යාළුකම් වලට කන කොකා අඩන්නේ කෙනෙක් ආදරය කරන්න පටන් ගත්තම කියලා ගොඩක් අය කියන කතාවක් . මොකද කොල්ලෙක් කෙල්ලෙක් එක්ක හරි කෙල්ලෙක් කොල්ලෙක් එක්ක හරි යාලු උනොත් දෙන්නට දෙන්නා ඉන්නවා කියල යාළුවන්ට හෙන ගහල ගියත් කමක් නෑ කියලා හිතන නිසා. මම කියන්නේ නෑ යාලුවෝ එක්ක සම්බන්දේ නවතිලාම යනවා  කියලා . ඒ උනාට අඩු වෙනවා අනිවාර්යෙන්ම . මොකද එයාල හිතනවා ඒක එයාලට බාදාවක් කියලා. ඒත් සමහරු නම් දෙකම සමබරව කරගෙන යනවා. එතැන තව කතාවකුත් තියනවා. සමහර වෙලාවට අනිත් පාර්ශවය නීති පැනවීම. ඉතින් එයා අකමැති දේ කරලා එයා නැතිවෙයි කියල යාලුවෝ ඈත් කරන අයත් ඉන්නවා. ඒ වෙලාවට එයාව අත ඇරලා යාළුවා තෝරාගන්න අයත් නැත්තේම නෑ. ඒත් ඇත්තම කතාව කෙනෙක් තව කෙනෙක්ට වාරණයක් දානවා නම් එයාට ඔයාව විස්වාස නෑ කියන එකයි. මොකද ඔයා එයාට  ආදරය කරනවා කියල විස්වාස නම් මොනවා කලත් ඔයා එයාව අත අරින්නේ නෑ කියල එයාම තේරුම් ගන්නවා. මොනවා වුනත් ආදරයට පොල්ල වැටුනොත් එදාට  එන්න වෙන්නේ ඔයා අතහරපු යාළුවා ලගටමයි.  

සාමාන්‍යයෙන් කොල්ලෝ කෙල්ලන්ට තමන් ගැන කියන්න දගලවා වැඩි.කෙල්ලොත් එහෙමයි. එහෙම නෑ කියනවා නම් ඒ ඉතා සුළු පිරිසකට විතරයි. ගොඩක් කෙල්ලන්ගේ හොදම යාළුවා කොල්ලෙක්. ඒක එහෙම හැම කෙනාටම නැතත් ගොඩ දෙනකුට එහෙමයි. සමහර අය Facebook එකෙන් මිතුරු උන කෙනෙක්ට තමන්ගේ දේවල් කියනවා . මොකද දෙයක් තද කරගෙන ඉන්නවට වඩා  ලේසි ඒක එලියට දාන එක.


නමුත් ගැහැණු පිරිමි යාළුකම වැඩි කාලයක් තියෙන්නේ නෑ මොකද ඒක එන්න එන්නම ශක්තිමත් වෙන නිසා . යාළුකම වැඩිවෙලා විස්වාසය ගොඩනැගෙනවා . විස්වාසය නිසා ලෙන්ගතුකම වැඩිවෙනවා . ලෙන්ගතුකම වැඩිවෙන්න වැඩිවෙන්න ආදරයක් ඇතිවෙනවා. අන්න එතැනදී Friendship එකට හෙනගහලා Relationship එක දළු දානවා. ඒත් මේක මෙහෙමම වෙන්නේ නැති එකයි නියම කතාව. දෙන්නගෙම හිතේ ආදරය ඇති උනොත් නම් ජය සිරි මංගලම්. බෝම්බ දාලවත් එයාලගේ බැදීම් කරන්න බෑ. ඒ වුනත් කරුමෙක මහත මල්සරා වින්නේ එකෙක්ට විතරයි. බොහොවෙලාවට ඔය හී පාර කන්නේ කොල්ලා. කොල්ලා ආදරය කරනවා . කෙල්ල සෙනෙහස දක්වනවා . නමුත් කෙල්ලගේ සෙනෙහස යාලුකමටයි. ඒ උනත් ආදරයෙන් අන්ධ වෙලා ඉන්න කෙනාට ඒ දේ තේරෙන්නේ නෑ . එයා හිතන්නේ අනිත් කෙනත් තමන්ට ආදරෙයි කියලා . කෙල්ල හී පාර කෑවත් ඔය සෙතේම තමයි. ඒත් අනිත් කෙනා වෙන කෙනෙක්ට ආදරය කලොත්, එයත් එක්ක කොහේ හරි ගියොත් .! එතන ලෝක යුද්දයක්. එතකොට වැරදි කවුද? ඒක කියන්න කාටත් අමාරුවෙයි. ඒක පාර්ශව ආදරයක වේදනාව.එයා boot එක තියලද නැත්නම් මෙයා boot එක කාලාද.

ඇත්තටම අපි යාලුකමයි ආදරයයි පටලාගෙන නේද . හොදම මිතුරා හෝ මිතුරිය තමන්ගේ සහකාරිය හෝ සහකරු කරගන්නන ගොඩක් අය දගලනවා . සමහරු ගුටි කනවා .මොකද ඔය කරන දේවල් වලින් වෙන්නේ හොදට තිබුණු යාළුකම නැති වෙන එක විතරයි . එයාට ආදරෙයි නම් ඒක අහන්න . “එයත් මට ආදරෙයි” “ මම මොනවා කලත් මුකුත් කියන්නේ නෑ . ඒ එයා මට කැමති නිසා” “ එයා මට ආදරේ ඇති ” කියා කියා ඉදලා තමන්ගේ බූට් එක තමන්ම තියා ගත්තම කොච්චර හොදයිද නේද?


 කතාව සරලයි ආදරයයි යාලුකමයි පටලා ගන්න ගන්නේ නැතුව තේරුම් ගන්න ඕනේ.මොකද ඒ දේ තේරුම් ගන්නේ නැතුවහම අපේ හිත දරුණුවට රිදෙනවා ..මම හිතන්නේ අ‍පි‍ ගො‍ඩ‍ක්‍ වෙ‍ලා‍ව‍ට‍ ආ‍ද‍ර‍ය‍ සහ යාළුකම අ‍දු‍න‍ග‍න්නෙ‍ ඒ‍ක‍ අ‍පි‍ට‍ නැ‍ති‍උ‍නා‍ට‍ ප‍ස්සෙ‍.. එතකොට වෙන්න ඔන දේ වෙලා ඉවරයි. අපේ යාලුවෝ ආදරය කරන්න මුලින් පටන් ගත්තාම  අහස උසට සිහින බලාපොරොත්තු තියාගෙනයි ආදරය කරන්නේ ඊට පස්සේ ආදරය සාර්ථක උනාම සතයකට මායිම් කරන්නේ නෑ ඒකයි බොහෝ දෙනෙක් කරන වැරැද්ද .. ගොඩක් අයට අහස් මාලිගා හදලා ආදරය දින්නත් පහසුයි . හොදම යාළුවාගේ ආදරය දිනා ගන්නත් පහසුයි. නැති වු ප්‍රේමය ගැන අඩන්නත් පහසුයි ඒත් ලබා ගත්තු ආදරය නැති නොකර බලා ගන්නයි අපහසු අපි හරි හැටි ආදරය සහ යාළුකම ගැන හදුනාගෙන ජිවත් වුනා නම් අපිට කවදාවත් තේරුමක් නැතිව දුක් වෙන්න වෙන්නේ නෑ ඒත් සමහර අය හිතනවා මේවා ගණන් ගන්න ඕනේ නෑ කියලා. ඒත්  ඒ දේ තේරුම් ගත්තේ නැත්නම් අපිට යාළුවොත් නෑ ආදරෙත් නෑ..  


ශේක්පියර් කියන්නේ  නම් කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි කවදාවත් “යාලුවෝ ” වෙලා ඉන්න බෑ කියලයි.ඒත් ලින්කන් කියන්නේ නම් යාළුකම ආදරයේ පළමු පියවර කියලයි.එක කවියෙක් කෙල්ලක් සහ කොල්ලෙක්ගේ යාළුකමට අපුරු කතාවක් කියනවා කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි යාලුවෙක් වෙන්න  අහනවා නම් වක්‍රයෙන් කියන්නේ “මම ඔයාට කැමති ” කියලලු. ප්‍රසිද්ද නළුවෙක් වෙන ජැකී චෑන් කියන්නේ ආදරය කියන්නේ “සදාකාලික යාලු කමක් ” කියලා..මයිකල් ජැක්සන් කියනවා හොදම යාලුවා හෝ යෙහෙළිය ලේසියෙන්ම තමන්ගේ ජිවන සහ කරු  සහකාරිය කරගන්න පුළුවන් කියලා . ඔය වගේ යාලුකමයි ආදරයයි ගැන ගොඩක් කතා කියලා තියනවා..


කවුරු කොහොම කිව්වත් ආදරේ කරන කෙනා අපිව දාලා ගියත් අන්තිම යාළුවා අපිව දාලා යන්නේ නෑ සමහර යාලුවෝ දාලා ගියත් ආදරේ කරන කෙනා දාලා යන්නේ නෑ. ඒත් මට නම් හිතෙන්නේ කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි යාලුවෝ වගේ ඉන්න පුළුවන් ඒත් තාවකාලිකයි කියලයි..  

 

8 comments:

  1. ඇත්ත.. .යාළුකම වැඩි දියුණු වීම ආදරයක ආරම්භයයි !

    ReplyDelete
    Replies
    1. එකග වුවාට ස්තුතියි

      Delete
    2. එකඟ වූවේ... මටත් වුණේ ඒකම නිසා !

      Delete
  2. මිත්‍රත්වය ආදරයට පෙරලගන්න ට්‍රයි කරන එක මහ පීචං වැඩක් මටනං...

    ReplyDelete
    Replies
    1. පෙරලා ගන්න එකයි ... පෙරලෙන එකයි දෙකන් බන්

      Delete
  3. අනිවාර්‍යෙන්ම.. මට අරයා සෙට් උනෙත් ඔහොමනේ ඉතින්.. යාළුකම ආදරේ වුනා..

    ReplyDelete
    Replies
    1. අරයා කිව්වේ කව්ද බං... මට මතක නැහැනේ... හැක්

      Delete
    2. දෙන්නාගේම ? නැත්නම් ඒක පුද්ගලද?

      Delete

Related Posts Plugin for WordPress, Blogger...