Tuesday, March 11, 2014

බොරුවට රගන අපේ කට්ටිය .... !!

කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙන් ආදරය ඉල්ලුවොත් තත්වේ බාල වෙනවද? කෙල්ලොත් එක්ක ඇරියස් තියන කොල්ලෝ මොනවා කිව්වත් පොදුවේ මිනිස්සු විදිහට ඉපදෙන කෙල්ලන්ටත් කොල්ලන්ටත් ඒක සම අයිතියක්. ඒත් ලංකාව ඇතුලේ නරක විදිහට බෙදුණු ගැහැණු කොලනි සහ පිරිමි කොලනි ඇතුලේ , සම්ප්‍රදායික රෙද්දෙන් විලි වහන් ඉන්න පිරිසට ඒක අවුලක්.ඇරියස් ගත අවුලක් , ලෝක ප්‍රශ්නයක් , මානසික රෝගයක් .

කොල්ලෝ අතර කොල්ලෝ වෙන්න හදන උන් අතරේ කෙල්ලන් අතර කොල්ලන් වෙන්න හදන අයත් අද වෙනකොට ඕනේ තරම්. කෙල්ලන්ට පෙන්න කන පැලෙන්න බොන අයියලා ගෙදර යන්නේ කන පොලවේ ගාවගෙන. බොන නොබොන එක වෙනම එකක් . Add එකට බොන එක තව එකක්. බොන එකේ වැරද්දක් මම කියන්නේ නෑ. හැබැයි බේබද්දෙක් නොවී fun එක විතරක් ගන්නවා නම් තමයි හොද.  ලගදි දවසක් බියර් බොන කෙල්ලෙක්. නොබොන කෙල්ලෙක්ගෙන්  “ උබ මොකෙක්ද  බන් ” කියලා අහල තිබුනා. එක එක රෙදි වලින් විලි වහන අපේ ගොයියලාගේ එතන තියෙන්නේ සාම්ප්‍රදායික රෙද්ද නෙවෙයි. එතන තියෙන්නේ රැඩිකල් රෙද්දක්.  උන් හිතන් ඉන්න විදිහට බොන ගෑනු , පිරිමි ඉස්සරහා දේවතාවියෝ වෙනවා. ෆුල් රැඩිකල් . පිරිමි හිතන තාලේ කෙල්ලෙක් වීම. රැඩිකල් වෙන්න දගලන අපේ කට්ටිය හිතන් ඉන්නේ ෂොට් එකක් ගහලා, රෙගේ සින්දුවක් අහලා මහපට ඇගිල්ලට මුද්දක් දැම්මාම රැඩිකල් කියලා.

මේ ලියන්න හදන්නේ ඔය කියන සම්ප්‍රදායික රෙද්දයි රැඩිකල් රෙද්දයි දෙකම ඉරන බ්ලේඩ් පාර.මිනිසුන්ගේ ගතිපැවතුම් වල වැරැද්දට ලිංග බේදයට බැනලා වැඩක් නෑ. තමුන් හැදෙන ගැහැණු කොලනි ඇතුලෙදි “ පිරිමියා බිව්වොත් ගෑණිට සැප නෑ ” කියන දේ ඔලුවට යනවා. ඔය මනසිකතවයෙන්ම වැඩිමහල් වෙන කෙල්ලෙක්ගෙන් පොඩි set වීමකටත් විරෝධතාවයක් එන එක ගැන අහන්න දෙයක් නෑ . ඒක ඒ කෙල්ල හැදුන කොලනියේ අවුලක් මිසක් පොදුවේ කෙල්ලන්ගේ තියන අවුලක් නෙමෙයි. කොළනියකට යටත් නැතුව ඔය මානසිකත්වය කෙනෙකුට ඇතිවෙන්නේ සමාජයෙන් එන ආරෝපිත අදහස් වලින්ම
නෙවෙයි. අත්දැකීම් එක්කයි. ඒ මිනිස්සුන්ට අනුව විරෝධය සාදාරණ හේතුවක්. නමුත් ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මොකද ඒ ලැබෙන අත් දැකීම එක එක අයට ලැබෙන්නේ එක එක විදිහට නිසා. උදාහරණයකට හවසට කනපැලෙන්න බිලා ගෙදර ඇවිත් ගෑනිට තඩිබාන පිරිමි ඉන්න මේ සමාජයේම ඒ විදිහටම බිලා ගෙදර ඇවිත් ගෑනිට වෙනදාටත් වඩා ආදරෙන් සලකන පිරිමිත් ඉන්නවා . ඒ විදිහට ගත්තාම මුලින් කෙනා පිරිමි බොනවාට අකමැති වෙනවා වගේම දෙවැනි කෙනා පිරිමියාගේ බිමත් කමේ වැරද්දක් දකින්නේ නෑ. පිරිමි උනාම බොන්න ඕනෙද නැද්ද කියන ප්‍රශ්නෙට උත්තරේ මොකක් උනත් බොන එකාගේ බිම නවත්තන්නවත්. නොබොන එකාට බොන්නවත් බලපෑම් කරන එක හොද දෙයක් නම් නෙවෙයි.මොකද එහෙම කරන්න ගිහින් අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියනවට වඩා තමන් තමන්ගේ විදිහට හිටියම කොයිකටත් හොදයි . බොන උන් ගොඩක් මැද නොබොන එකෙක් ඉන්නත් නොබොන උන් ගොඩක් මැද බොන උන් එකෙක් ඉන්නත් පුළුවන් . තමන් බිව්වත් නැත්තන් set එකේ එකෙක් නම් ඌ කවදාවත් කැපිලා යන්නේ නෑ.

තේරුම් ගත  යුතු පොදු යතාර්ථය නම්, මේ සියල්ල ප්‍රශ්න බවට පත් වන්නේ එකිනෙකාගේ ජිවිතයේ ඇති විවිධ සමාජ රටාවන් නිසාම බවයි. ඇරියස් ඇති ජිවිතයේ ප්‍රශ්න වැඩි ඒ නිසයි. එහෙව් ඇරියස් ඇති මිනිස්සු ස්වපාලනයක් ඇති කර නොගත්තොත් ඒවා සමාජගත වෙනවා වගේම ඔවුන් වෙසෙන කොලනි ඇතුලේ අයටත් බලපෑම් ඇතිවෙනවා.ඕක ගෑණු පිරිමි ප්‍රශ්න වලදී වගේම කුණු බිත්තර ගහන ප්‍රශ්නයේදීත්, අරාබියේ තියන ඒවාට මෙහෙ පෙළපාලි යන ප්‍රශ්නයේදීත් , එහෙ උන්ට කන්න නැතත් මෙහෙ සුපර් මාකට් වල ප්‍රශ්න විසදන්න එන පිටරද ලොක්කන්ගේ ප්‍රශ්නයේදීත් පොදුයි. තමන්ට සහ අවට ලෝකයට එල්ලවන එක එක මරාල, කවුරු පෙරලපු බාල්දියක් උනත් බාල්දිය ඔලුවේ නමා ගන්නේ නැතුව ඉන්න සමාජය තේරුම් ගත්ත මනුස්සයට පුළුවන්. එයාට අවුලක් නැතුව  ඉන්න පුළුවන්. ඒ වගේම තමනුත් රගන එකක් ඇතුලේ රැගුවා නම් තමයි හොද. මොකද දන්නේ නැති නැටුම් එළියේ නටන්න ගිහින් රෙද්ද කඩන් වැටුනොත් අන්තිමට මොන රෙද්දක්වත් නෑ. මොකද පොර talk දුන්නට , බරට කතා කලාට. බිව්වාටම පිරිමියෙක් පිරිමියෙක් වෙන්නේ නැති නිසා. 

3 comments:

  1. අර පිංතුරේ මරු... ගැනු ළමයි ටිකක් බොන එක.
    ලිපියේ සමහර දෙවල් තෙරුණා සමහර තැන් අපහැදිලි. කියන්න හැදුවේ මොකක්ද කියලා මට පැහැදිලි නැ.
    හැබැයි පැහැදිලි වුණ තැන් ටිකට එකඟයි :) 

    ReplyDelete
    Replies
    1. කාලෙකින් දැක්කේ .... කතාව වැඩි දෙයක් නෙවෙයි තමන් තමන් නොවී අනුන් වෙන්න හදන එක ගැන ලිව්වේ..

      Delete
  2. අන්තිමේ රතු පාටින් ලියලා තියෙන ටික ඇත්ත.. හුඟක් අයට ඕක තේරෙන්නේ නෑ.. ගොඩක් දෙනෙක් කරන්නේ රඟන එක තමයි..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...