Friday, January 10, 2014

වෙනස් වෙන්නට කාලයයි - Time to Change

අලුත් අවුරුද්දේ මුල්ම ලිපිය  ලියන්නයි හදන්නේ . මොනවා කියන්නද කියල කල්පනා කලේ .. ඔක්කෝටම කලින් කියන්න ඕනේ මගේ බ්ලොග් එක බලපු , කියවපු , අදහස් කියපු , බැනපු සේරටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල. අලුත් අවුරුද්දකුත් ලබලා දැන් දවස් කිපයකකුත් ගෙවිලා ඉවරය.. ගිය අවුරුද්දේ කරපුවා අමතක කරලා අලුත් අවුරුද්දට ආවද? .. එහෙම එන්න නම් ඉතින් මැරිලා ඉපදෙන්න වෙනවාය. පරණ දේවල් අමතක කරලා එන අයනම් අඩුය. ගොඩක්ම ඉන්නේ පරණ දේවල් එක්කම ජිවත් වෙන කට්ටියක්ය. ගිය අවුරුද්දේ සැබෑ කර ගන්න බැරි වුනු හීන ලොට් එකක්ම මේ අවුරුද්දටත් අරන් එනවාමය . ඒක කාගෙත් හැටිය. සමහර විට මේ අවුරුද්දේ ඒවා සැබෑ වෙනවාය.  නැත්නම් වෙනස් වෙනවාය. සමහර වෙලාවට ඒක තවත් මොඩිෆයි වෙලා ඊලග අවුරුද්දට අරගෙන යනවාය. කවුරුත් ජිවත් වෙන්නේ හීන එක්කය. ඒක කලින් ලිපියට අදාල එකක්ය .අද කතාව අවුරුදු ගැනය.

කොහොම උනත් බොහෝ දෙනෙක් අලුත් අවුරුද්ද කියලා වෙනසක් නැතය. කරන්නේ තියන කුණු ජරාව , සේරම අටමගල් අලුත් අවුරුද්දට රැගෙන ඒමය . පරණ හතුරෙක් පාරේදී දැක්කොත් අලුත් අවුරද්ද කියලා වෙනසක් නැතය . මුණ පඩික්කම වගේ හදාගෙන දෙන්නම  නොදැක්කා වගේ යනවාය.  අවුරුද්දට හීන ගේම කමක් නැත . ඒත් කුණු ගේම නම් හොද නැතය. හීන සුන්දරය. කුණු නම් ගඳය. 2013 යනු අතීතයට ගිය වසරක් ය. ඒ උදාවද මේ විදියමය. උදාවී ඇත්තේ 2014 වසරය .වෙනත් විදියකට කිව්වොත් විසි එක්වන ශතවර්ෂයේ දෙවන දශකයේ සිව් වන වසරය. අවුරුදු උදාවට එක එකාගේ සුබ පැතුම් නම් එමටය. හැම වසරකම එසේමය.සත්‍ය නම් දින සති ගෙවෙමින් අපි වයසට යාමය. මෙවැනි අවුරුදු නම් කීයක් පස්සට යන්න ඇතිද ?  ගොඩක් අයට 31 හා 1 වෙනිදා අතර වැඩි වෙනසක් නැත්තේය.  වෙනස නම් මහ රෑට message යැවීමය. ඉන් පසු පස්ස උඩ දාගෙන නිදා ගැනීමය.. වෙනසක් නැතය. නැවත සුපුරුදු ජිවිතයමය. යවන සුබ පැතුම නම් අවුරුද්දම සුබ වෙන්න කියාය.. ඒත් ඇති කෙහෙම්මලක් නැතය. අවුරුදු ගණන් පහු කරන්  ආවේය. සුභපැතුම් නම් අපමන යැව්වේය. ඒවා නම් සාම්ප්‍රදායක සුබපැතුම් මිස වෙන ඇති දෙයක් නැතය.

සමාජය වෙනස් ය . දියුණුය. සංකෘතියක් කීයා දෙයක් අසා ඇත. සාරධර්ම නම් බල්ලටමය. සියල්ල උඩුයටිකුරුය . ඒ ගැන නම් කවුරුත් කතා නැතය. වැල යන අතට ඉන්නක් හිටවීම විනා කල හැක්කක්ද නැතය. අද වෙනකොට මව් පිය සහෝදර සබදතා නැතය. හැමදෙනාම සල්ලි පස්සේම පන්නා , එය මතම නැහි , සල්ලි ගොඩේම මැරෙන්නේය.. සෙවූ සල්ලි වියදම් කර නැතය  .. දෙයක් කරගෙනද නැතය. සල්ලි නම් ඇතය. බල්ලොත්නොකන සල්ලි ය.


අලුත් අවුරුද්දේ අසවල් අසවල් හොඳ දේ කරනවා යැයි අධිෂ්ඨාන කර ගනිති. තමන්ගේ නරක පුරුදු අත හරින්නට ද ඉටා ගනිති. ඒ සියල්ල කරන්නේ ඒ අලුත් දවස සමඟ අලුත් ජීවිතයක් ද පටන් ගන්නට ඔවුන් සිතන නිසාය. හෙට මැරී අනිද්දා උදෑසන යළි ඉපිද ජීවිතය අලුතින් ම ආරම්භ කළ යුතුයි” කියා මහගමසේකර ලියා ඇත්තේ ඒ සිතිවිල්ල ගැනය. ඒ මනුෂ්‍ය ස්වභාවයය. ජනවාරි පළමුවැනිදා,සිංහල අලුත් අවුරුදු දා, උපන් දිනය දා ආදී වශයෙන් දින තෝරාගෙන එදා පටන් පරණ ජීවිතය වළ දමා ඒ මත්තේ අලුත් ජීවිතයක් ගොඩනඟාගන්නට තීන්දු කරන්නේ ඒ නිසාය.


අපට අලුත් ජීවිතයක් අවශ්‍ය අප ගත කරන ජීවිතය ගැන අතෘප්තිමත් නිසාය.ජීවිතය ගැන එහෙමකට අතෘප්තිමත් නැති උදවියට ද මෙකී දවස් විශේෂය.උහුද මේ දිනවලදී අලුත්, අලුත් දෑ කරන්නට අධිෂ්ඨාන කර ගනිති.නමුත් ජනවාරි පළමුවැනි දිනෙන් අප බොහෝ දෙනකුගේ ජීවිත වෙනස් වන්නේ නැතය.ඒ වැඩි දෙනා දවසකින්, දෙකකින් නැත්නම් සතියකින් දෙකකින් පෙරළා පරණ නැටුමය.කරුණු කාරණා එසේ සිදුවුවද මිනිසුන් අලුත් ජීවිතයක් ගැන බලාපොරොත්තු එමටය .ඊළඟට එළඹෙන විශේෂ දවසකදී අලුත් වන්නේ යැයි සිතා ඔවුහු හිත් හදා ගන්නේය.
අපි වෙනස් විය යුතුය. එක තැන පල් උනා ඇතිය. මොනවා උනත් අලුත් අවුරුදු අධිෂ්ඨාන වැදගත්ය. ඒ එය යම් තාක් හෝ අපව වෙනස් කරන නිසාය .සමහරු මේ අලුත් අවුරුදු අධිෂ්ඨානවලට සිනාසෙති. එසේ සිනාසෙන්නෝ එක්කෝ ලෝකය දෙස ඍණාත්මකව බලන්නෝය. එසේ නැත්නම් තර්කය පමණක් හිසින් ගත්තෝය.එහෙත් ජීවිතය ගැන අලුත් බලාපොරොත්තු ඇති කර ගැනීම, අලුත් ජීවිතයක් ගැන සිහින දැකීම හිනාවට දෙයක් නොවේය. සාර්ථකත්වයට පත් වූ හැම මිනිසකු ම, හැම පවුලක් ම, හැම රටක් ම අලුත් බලාපොරොත්තු ඇතිව කටයුතු කර ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.ඔවුහු අලුත් ජීවිතයක් පිළිබඳ සිහින මැවුවෝය. ඒ නිසා ඔබේ බලාපොරොත්තුවලට, ඔබේ සිහිනවලට ඔබව වෙනස් කල හැකිය. වෙනස් විය යුත්තේ ඔබය. අනෙක් අය වෙනස් කිරීමට අපට බැරිය. දැන් වෙනස් වෙන්නට කාලයයි. එන්න ලෝකය වෙනස්ව දකින්න ..



2014 බලාපොරොත්තු ඉෂ්ට වෙන නව වසරක් වේවා වේවා......!! 

2 comments:

  1. සල්ලි නෙවේ,, හිතේ සතුට තමා ජීවිතය..

    සුභ වේවා.. !!!

    ReplyDelete
  2. වෙනස් වන්න වෙනස් විය යුතු ආකාරයට..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...