Tuesday, October 9, 2012

සෙන් බුදු දහම .....


ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාර බොහොමයක් කුෂි කර්මාන්තය පදනම් කරගෙන ඇතිවූ  ඒවා කියල ඔයාල කවුරුත් දන්නා දෙයක් .බුදු දහම එහෙමත් නැත්නම් බුද්ධ දර්ෂණය ගැන ගොඩක් කරුණු ඔයාල දන්නවා ඇති. ලංකාවේ තියෙන්නේ ථේරවාද බුදු දහම . අද මාමකත කරන්න බලාපොරොත්තු වෙන්නේ ථේරවාද බුදු දහම ගැන නම් නෙවෙයි.. සෙන් බුදු දහම ගැන..බුදු දහම ජපානයට පැමිණීමට පෙර කාලයේ ජපානයේ පැවතුනේ “ ෂින්තෝ” කියන දහම.මළවුන් පිදීම , දෙවියන් යක්ෂයන් ඇදහීම , අදුෂ්‍යමාන දේවල් ඇදහීම වැනි දේවල් වලින් එය  පිරී තිබුනා.ඒ තුලින් සහනයක් ලැබෙන බවත් ඔවුන් විස්වාස කලා.විශ්වය පුරා පැතිරී පවතීන ස්වභාවික බලවේග ෂින්තෝ ආගමට ආදේශ වුණා.නමුත්  භක්තිවන්තව කටයුතු කරනවට වඩා ජපන් වැසියන් ඇලුම් කළේ සෞන්දයාත්මක ආස්වාදයක් විදින්නයි..කෙසේ වෙතත් බුදු දහම පැමිණීමත් සමගම ලංකාවේ සංස්කෘතිය වෙනස් වුණා සේම ජපානයේත් සංස්කෘතික වෙනස්කම් ඇතිවුණා.ජපානයත් බුදුදහම වැලද එය ලංකාවේ තරම්ම එකවර සිදුවුණා පෙරලියක් නම් නෙවෙයි.


ජපානයට බුදු දහම කොරියාවෙන් ලැබුණ බව සැලකෙනවා .එකල ජපානයේ අදිරාජ්‍යා විසින් ජපානය සමග තිබුණු මිත්‍රත්වය නිසා බුදු පිළිමයක් සහ ග්‍රන්ථ කිහිපයක් ප්‍රදානය කලා . එහෙත් එකල ජපානයේ තිබුණු ෂින්තෝ දහම නිසා බුදු දහම පිළිගැනීමට කැමැත්තක් දැක්වුයේ නැ.එහෙත්  ජපන් අදිරාජ්ජයා විසින් එම පිළිමය තම කාමරයෙන් තබාගෙන පුද පුජා පවත්තන්නට වුණා.නමුත්  අවාසනාවකට මෙන් රට පුරා පැතිර ගිය වසංගතයක් නිසා මිනිසුන් බිය වන්නට වුණා.බුදු දහම නිසා මෙය සිදු වෙනවා කියා . එයත් සමගම බුදුපිළිමයත් එම පොත් පතුත් විනාශ කර දැමුවා.එහෙත් පසුකලෙක නැවතත් බුදු දහම ජපානය පුර පැතිරෙන්නට වුණා.ක්‍රිව 1185 -1333 අතර පවතී කුමාරා නම් යුගයේදී නෙම්බුත්සු ,නිව්රෙච්, සෙන් යන බෞද්ධ සම්ප්‍රදායන් 3 ජපානයේ  බෞද්ධ සම්ප්‍රදායට එකතු වුණා.


සෙන් සම්ප්‍රදායට අයත් ග්‍රන්ථ කවරේද ? ඇත්තටම සෙන් බුදු දහමට ග්‍රන්ථ කිසිවක් නොමැත.සෙන් බණ පොත සමස්ත විශ්වයම වේ . පැරණි ග්‍රන්ථ විද්වතුන් විසින් ලියා ඇත්තත් ඒවා පිලි ගැනීමක් නැති තරම්ය.මොකද කියනවා නම් ග්‍රන්ථ මත යැපිමක් සෙන් අදහන්න තුල නොමැති වීමයි.අපගේ ථේරවාදය පිරිසිදු ධර්මය වුවත් එය අද පොතට පමණක්ම සිමා වී පවතින දෙයක්  බවට පත්ව  පවතීනවා.ප්‍රයෝගික දහම තුල යෙදවීමක්  නොමැති තරම් .නමුත් සෙන් යනු අපගේ පිරිසිදු දහමින් සුළු කොටසකි . එනම් එහි ඇත්තේ ප්‍රයෝගික පැත්ත පනමකි.”සෙන් ”යන වචනය “චන්” යන චීන වචනයෙන් බිදී ආ වචනයකි . එය “ධ්‍යාන ”නමැති සංස්කෘත වචනයෙන් බිදී ආ වචනයකි.ඒ අනුව පැහැදිලි වන්නේ එකම කරුණකි.එනම් සෙන් දහම “භාවනාව ”මත පමණක් සිමා වී ඇති බවත් එය එහි ජිවයම බවත්ය.බෞද්ධයකු තුල ප්‍රයෝගික පැත්ත අවශ්‍යම කරුණකි. නමුත් එය අද සිදු වන්නේ නොවෙයි .භාවනාව වැඩිම තුල මිනිසාගේ බුද්ධියත් , ශරීරය නිරෝගී කරන හොමෝනයකුත් වැඩෙන බව විද්‍යාත්මකව තහුවුරු කරගෙන ඇත.එහෙත් පිරිසුදු බුදු දහම ඇති ලංකාව තුල ප්‍රයෝගිකව එය පුරුදු කරන පිරිස ඉතා අඩුයි.නමුත් සෙන් දහම එය ජයගෙන තිබෙන බව පෙනෙනවා. සෙන් බුදු දහම විස්තර කරන්නට මම දන්න කරුණු මදි.සෙන් දහම තුල මෙවැනි කතාවක් පවතීනවා.

මත්ස්‍ය රැජිනක් මුහුදේ මත්සයෙකුට මෙසේ පවසයි “ ඔබ මුහුදේ ජීවත්වෙයි .එහි හැසිරෙයි ඔබේ සමස්ත ආත්මයම රැදී ඇත්තේ මුහුදේය.එහෙයින් මුහුද ඔබේ අභ්‍යයන්තරයද වෙයි .බාහිරයද වෙයි .මුහුදෙන්  තොර ලොවක් ඔබට නොමැත.මුහුද ඔබත් ඔබේ ජීවයත් වස පවතී ”සෙන් දහමද එවැන්නකි .සෙන් යනු නිහැඩියාවයි. සෙන් යනු භාවනාවයි .

10 comments:

  1. වටිනා ලිපියක්..... අයෙමත් එන්නම් මෙ පැත්තෙ...

    ReplyDelete
  2. සෙන් කතා කියවනකොට මාරයි බං...
    සිරාම කතා ටිකක් තීනවා...
    පුළුවංනං ඒ ටිකත් හොයලා දහං...
    පට්ට ආ...

    ReplyDelete
  3. ගොඩක් වටිනවා. නොදන්න දේවල් ගොඩක් දැනගත්ත. ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  4. සෙන් කතා ටිකක් මාත් කියවලා තියෙනවා.
    පුදුම විදිහට අර්ථාන්විතයි ඒ කතා.

    ReplyDelete
  5. හොඳ ලිපියක්!
    ජයම වේවා!!

    ReplyDelete
  6. මට මතක විදිහට ආවේ පළවෙනි වතාවට.ගොඩක් හොද ලිපියක්

    ReplyDelete
  7. සෙන් කතා නම් හරිම ආදර්ශමත් කතා.
    ගොඩක් වැදගත් ලිපියක්. නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.

    ReplyDelete
  8. නිහැඬියාව තුල සැඟවී ඇති දේ බොහොමයකි.... ජය

    ReplyDelete
  9. මන් අහලා තියනවා සෙන් බුදුදහම අරම්භය පිලිබදව අවාචික සන්නිවේදනය මුල් වුනා කියල.නමුත් එ ඉන්දියාවේදි.ඒ කතාවත් ලස්සනයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...