Thursday, October 11, 2012

තේරුම් ගැනීම .....


අපිට කෙනෙක්ව තේරුම් ගන්න එක ටිකක් අමාරු දෙයක් කියල අපි කව්රුත් දන්නවා.ඒක ගැන අපි මිට කලිනුත් කතා කරලා තියනවා. ඒ ගැහැණු පිරිමි කියන පෝස්ට් එකෙන්. අදත් කියන්නේ  ඒවගේම කතාවක් තමයි. අද ගොඩක් අය කියන දෙයක් තමයි කෙල්ලෝ තේරුම් ගන්න බෑ කියන දේ. ඉතින් අද ඒක ගැන කතා කරන්න හිතුවා.


කෙල්ලෝ එහෙම නැතිනම් ගැහැණිය කියන්නේ ‘කවදාවත් කියවලා ඉවර කරන්න බැරි පොතක් වගේ’ කියන කියමන මේ සමාජය තුල ගොඩක් බාවිතා වෙනවා . ඒක ඇත්ත. කාන්තාව හරිම සංකීර්ණ චරිතයක් . ඇත්තම කථාව කෙල්ලෝ  කියන්නේ හරියට උලුවස්ස ගැට්ටේ ඉන්න පුසා වගේ . ඌ උලුවස්සෙන් ගේ ඇතුලට පනිද පිටට පනිද කියල කාටද කියන පුළුවන් . ඒවගේ කෙල්ලොත්  එක සිදුවීමකදී ඒකට මුණ දෙන විදිය දිහා බලල ඒ වගේ තව සිදුවීමකට ඒ විදියටම ක්‍රියා කරයි කියල කියන්න අමාරුයි.එක වෙලාවක විහිළුවකින් බාරගත්තු දේ තව තැනකදී ඒ දේම කිව්වොත් ඒකට කෑගහල, විලාප දීල , යකා නටන්න පුළුවන් .මේක ප්‍රශ්නයක් . ඒ වෙලාවට කොල්ලෝ කියන කතාවක් තමයි “ මුන්ව කාලා බලලවත් තේරුම් ගන්න බෑනේ” කියන එක.

අපේ ඉපැරණි සමාජයේදී කාන්තාව කියන්නේ ගෙදරටම කොටු වුණ ලිංගික භාණ්ඩයක් විතරයි.ඇගේ ජීවිතය හරිම යාන්ත්‍රිකයි.තමගේ කැමැත්තට ඉඩක් ලැබුනෙම නැති තරම්.ඉස්සර භාරතය මෙහෙමලු , එහි සිටි  බනුමු මතය අනුව ඈ වැඩිවියට පැමිණීමටත් කලින්ම තමාට වඩා දෙගුණයක් වයස වියපත් පිරිමියෙකු සමග විවාහ වී දරුවන් විශාල ප්‍රමාණයක් බිහිකර ස්වාමියාගේ මරණයෙන් පසුව වැඩිමල් පුතාගේ රැකවරණය යටතේ ජිවත් විය යුතුයි ලු. ඉතින් ඇය විදි දුක් කියන්නට කෙනෙකු නොමැති තරම්.ඒවා ඇය තුලම රදවාගෙන ජිවත් වෙනවා..ඒත් අද සමාජය වෙනස් ඇත්තෙන්ම වෙනස්.  ලංකාවේ එතරම්ම නොමැති උනත් බටහිර රටවල කාන්තාව හා පිරිමියා සම අයිතිවාසිකම් දරන අය.


පිරිමියාගේ සහ ගැහැනියගේ ශරීරය නිර්මාණය වී ඇත්තේ එකම ආකාරයකින් නෙමේ.හැමෝගෙම තියෙන්නේ ලේ , නහර , ඇටමිදුළු , කියන කථාව  එතරම් සාදාරන නෑ. මොකද එක සිදුවීමකින් පසුව කාන්තාවගේ සියලුම ශරීර පද්දතියේ වෙනස්කම් බොහොමයක් සිදුවෙන නිසා . ඒ පළමු ලිංගික එකතුවීම . එක ගැන නම් මම කියන්න යන්නේ නෑ . ඔයාල දන්නවා ඇතිනේ . මොනව උනත් බාහිර සමාජයේ පිරිමියා හද නරක කියා වෙන්කරන්න අවශ න්නේ නෑ. ඒ ගැන ඉස්සර ආච්චිලා සීයලා කියපු කතාවක් තියනවා “කොහේ ගියත් කොල්ලෙක්ව නාවලා ගෙට ගත්තහැකි” කියන එක .ඒත් මේක කෙල්ලන්ට වලංගු නෑ . ඒවා කියන්න ඕනේ නෑ . දන්නවනේ . කියන්න ගියොත් මොනවා කියයිද දන්නේ නෑ .එක නිසා ඕනේ නෑ .

මනෝවිද්‍යාත්මකව කෙල්ලන්ගේ චර්යාව ඉතාමත් සංකීර්ණ චරිතයක් .ඔවුන්ගේ ජීවිතය සමාජීය වශයෙන් දැරියක් තරුණියක් පෙම්වතියක් බිරිදක් මවක් මිත්තනියක් වශයෙන් වෙන් කල ඇති නමුත් එය වැරදි දෙයක් . කොහොම උනත් කියන්න දෙයක් තියනවා ගැහැණු සිත හරියට තුත්තිරි ගහක් නම් පිරිමි සිත මහා වෘක්ෂයක් .පොඩි හුලගටත් තුත්තිරි ගහ නැවෙනවා .විශාල ගහකට එය දැනෙන්නෙත් නෑ.ඒත් මහා කුණාටුවකට ගහ ඉදිරී වැටෙනවා .ඒත්  තුත්තිරි ගහ නැවෙනවා විතරයි ..ඒ නිසාම වෙන්න ඇති පිරිමි හිනාවෙනකොට ගැහැණු අඩන්නෙත් ගැහැණු හිනාවෙනකොට පිරිමි අඩන්නෙත් .

7 comments:

  1. මෙ කතා වලත් ඇත්තක් නැත්තෙම නැ......

    ReplyDelete
  2. මොනවත් කියන්නේ නෑ :)

    ReplyDelete
  3. හ්ම්..ඇත්ත.
    ඒත් අර සම අයිතිවාසිකම් ප්‍රශ්නයනම් වැරදියි වගේ නේද?

    ReplyDelete
  4. අලේ මල්ලල්ලෑ... :))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. ඒ නිසාම වෙන්න ඇති පිරිමි හිනාවෙනකොට ගැහැණු අඩන්නෙත් ගැහැණු හිනාවෙනකොට පිරිමි අඩන්නෙත්....
    මං ඕවා ගැන හිතන්නෑ බං..
    මට මල පයිනවා..

    ReplyDelete
  6. අනේ මන්ද..කොහොම උනත් ඔබ ලියන ඒවා මාර වෙනස්..ඔබේම විදිහක්..මම ඒ අනන්‍යතාවයට කැමතියි.ජය!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...