Wednesday, July 25, 2012

කබලෙන් ලිපට වැටුන අපි....!!

අපි ඉගෙන ගන්න කොයි තරම් නම් මහන්සිවෙනවද ??? අපිටත් වඩා අපේ දෙමාපියන් කොච්චර බලාපොරොත්තු තියන් ඉන්නවද?  අවුරුදු ගාණක් කට්ට කාලා බොහොම අමරුවෙන් O/L pass වෙලා තමයි A/L වලට එන්නේ .. ඊටපස්සේ පාසල් ගිහින් පන්ති ගිහින් කොච්චර කට්ටක් කනවද A/L ගොඩ දා ගන්න .. පෙළක් දවස වලට උදේ 5.30 ට දෙදරින් ගියාම ගෙදර එන්නේ රැ 8 ට විතර ඊට පස්සේ පහුවදා ට ඒත් එහෙමම තමයි. ඊට පස්සේ සෙනසුරාදා ඉරිදා 2 කම පන්ති .. පන්ති ගියාම එතන බැංකු වල හිරවෙලා රස්නෙන් තැම්බි තැම්බි ඉන්නේ .. උදේ 5.30 ට විතර ගෙදරින් යන්නේ. ඒ වෙලාවට කාලා යන්නෙත් නෑ. කන්නත් බෑ .ඉතින් බඩගින්නෙම ගිහින් පන්තියේ ඉදගන්නවා.විවේකයක් ලැබුනත් ඒක ලැබෙන්නේ 11.00  ට විතර එතකොට බඩගින්න උපරිමයි.. කොහොමහරි එකේ ඉදල බොහොම අමාරුවෙන් ඉගෙනගන්නවා. හවස පන්තියට ගියාමත් ඒ සෙතේම තමයි.

කොහොමහරි කොහොමහරි විභාගේ ලන්වෙනකොට පන්තිත් වැඩි පාඩම් කරන්නත් ඕනේ. ඒක නිසා නිදියගන්නවත් අඩුයි. ඒ කාලෙට ලෙඩත් වැඩි.ඒත් ඉතින් ලෙඩ කියල විභාගේ නොකර ඉන්න පුළුවනෑ. කොහොම හරි පාඩම කරලා විභාගෙට ලිව්වත් ඉතින් හිතට හරි නෑ .. කෝකටත් කියල revision යනවා ඊටපස්සේ ප්‍රතිපල ආපුවාම campus යන්න පුළුවන් උනත් යන්නේ නෑ . ඊට වඩා හොද එකකට දෙවනිපාර යනවා කියල වැඩ කරනවා.. එහෙම කියල වෙනදටත් වඩා වැඩ කරනවා. වැඩකරලා වැඩ කරලා ප්‍රතිපල ආපුවාම මාර happy මොකද මේ පාර නම් වැඩේ ගොඩ. ඒත් දෙයියනේ  පැය ගානකට පස්සේ බලනකොට අපිට වඩා වැඩියෙන් ප්‍රතිපල තියන අයගේ rank මටත් ඉහළින් තියෙන්නේ (මම 10 නම් අනිකා 20) ... කොහොම හරි ඒ ගැටලුව විසදලා ආයේ ප්‍රතිපල දාපුවම ඒ පාර පෙළක් අයගේ ප්‍රතිපල නෑලු .. තවත් අයට z eke ප්‍රශ්නයක් කොහොම හරි ඒකත් විසදුවා කියල කියනකොට අපිට කලින් සුදුසුකම නෑ .. දෙවැනිවර ඉල්ලු ගොඩක් අයට Z අගය අඩුවෙලා ... ඉස්සල්ලා campus දාපු අයට දැන් දාන්න බෑ ... එතකොට අපේ ඒ බලාපොරොත්තු වලට මොකද වෙන්නේ.. දවසකට කලින් campus යන්න ඇදුම pack කරපු කෙනා අද ඒවා ආයේ එලියට අදිනවා ... අද application දාලා 6 වෙනිදට විභාගේ ලියන්න පුලුවනිද ??? ගණිත විෂය හැදෑරු කෙනෙකුට රසායන විද්‍යාව, ගණිතය වැනි විෂයන්ට කාගේ පිහිටද ?? රසායන විද්‍යාවේ ඇති පරිවර්තන කරන්නේ කව්ද ?? භෞතික විද්‍යාවේ ඇති නියමයන් නැවත මතක වීවිද??? අවු 2.5 ක වැඩ දවස10 ට කරන්න පුලුවන්නද ??? නැවත වතාවක් ලියන්න දෙනවා නම් (4th shy ) අපේ තවත් අවු 2ක් ( අපිට 2013 විභාගේ ලියන්න වෙන නිසා ) පරක්කු වෙනවා නේද ???අපිත් වයස යනවා ... වැරැද්ද අපි කලේ නැති උනත් පාඩු විදින්න ඕනෙත් අපිමද ??? 


අපි බොහොම අමාරුවෙන් ගොඩ දාගත්තු දේ ආයේ වල දන්නා එපා...හිතට බරක් වෙන.. සමාජයට මුණ දෙන්න බැරි .රටට අධ්‍යාපනයට වෛර කරනා පිරිසක් බවට 2011 AL කල පිරිස පත් වීමට ඉඩ දෙන්න එපා.. එසේ වුවොත් හොද මොළ ටිකක් රට අතහැර යාවි ....

8 comments:

  1. :( අනේ මන්ද සහෝ මේවට මොනව කියන්නද කියල තේරෙන් නැහැ,,මට මෙහෙම උනා නම් මම මැරෙයි කියලත් හිතෙනවා මට.

    ReplyDelete
  2. උපෙ කියන්නේ සමහරුන්ගේ ජීවිතේ වගේ. ඒක නිසා ඒ වගේ විභාගයක් වගකීමෙන් කරන්න වගකීමෙන් ප්‍රතිඵල නිකුත් කරන්න ඒවා භාර "අප්පුහාමිලා"ට තේරෙන්න ඕනේ :(

    ReplyDelete
  3. අනිවා බං මේවයේ ඉන්න ගොන් හරක් හන්ද එකට හිටපු කි දෙනෙක් අනාතද මුන්ට තේරෙන් නැත්ද මේක ජිවිත එක්ක කරන සෙල්ලමක් කියල...රට එපා වෙනවා තමයි මේ දේවල් එක්ක

    ReplyDelete
  4. අන්තිමට කොහේ ගියත් අපිටමනේ කෙලවෙන්නේ ............ :(

    ReplyDelete
  5. කාලකන්ණි දෙතුන් දෙනෙක්ගේ වැඩ නිසා මුළු අධ්‍යාපනයටම අත්වෙන ඉරණම ගැන ඇත්තටම කනගාටුයි.
    මුන්ට හෙන ගහන්න ඕනි අහිංසක මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරනවට. :(
    වෙන කියන්න දෙයක් නෑ

    ReplyDelete
  6. මට සිතෙන හැටියට නම් ඔබ සියලු දෙනාට විශ්ව විද්‍යාල යාමට අවස්ථාව සැලසේවි. නමුත් ගියාට පසු ඉඩ පහසුකම් මදි වීම නිසා ඩබල්, ට්‍රිබල් කට්ටක් කන්නට වන බව නම් අනිවාර්යයෙන් දනිමි.

    z අගය ක්‍රම දෙකට හැදීමෙන් දෙවන වර තෙවන වර ලියු සිසුන් තමා ලොකුම අමාරුවේ වැටී සිටින්නේ.

    ReplyDelete
  7. කට්ටිය කියන්නේ වැඩිය ළමයි campus එකට ගන්නවා කියල.... ගන්න වෙන්නේ කොහාටද දන්නේ නෑ මොකද අලුතින් campus හදන්නද?ගන්න පුළුවන් උපරිම ලමයි ගාන තමයි දැනටමත් ගන්නේ !!!

    ReplyDelete
  8. මෙහි නීතිමය තත්වය ගැන සොයා බැලුවෙමි.
    මේ ගැන තිබු නඩු විභාගයේදී (ගුරු භවතුන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි) මුල් z අගය ලේඛනය null & void කර ඇත. එනම් ඒ ලේඛනය සපුර්නයෙන්ම් අහෝසි වී ඇත. ඒ ලේඛනයෙන් යලි සිසුන් ගන්නට නීතිපති මතය විමසා සමහවිට අධිකරණයෙන් අවසර ගන්නට සිදු වනු ඇත.ඔබ කිව්වා හරිය එදා නැත. වැඩිම අසාධාරණය වූ මෙඩිකල් වැනි ඒවායේ ඇත්තේ අඩුම ඉඩකි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...