Friday, January 30, 2015

වැල(න්ටයින්) සැමරීම .. !!

ජනවාරිත් ඉවරයි.. 2015 අවුරුද්දත් ගෙවෙන්න අරන්. පටන් ගත්තු වැඩ තවම එහෙමමයි .. ආදරය පිරුණු මාසයක ආරම්බය වැඩි ඈතක නෑ. ඒ ඇරබුමත් සමග බාල මහලු තරුණ හැමෝගෙම මතකයට නැගෙන්නේ වැලන්ටයින් දිනය . හැබැයි ඉතින් ඊට කලින් නිදහස් දිනේ කියලා එකකුත් තියනවා ඒක නම් කාටවත් මතක නෑ. එක වෙනම කතාවක් , අද කතාව ඒක නෙවෙයි . එකෙක් සමරන තව එකෙක් ලතවෙන වැලන්ටයින්ගැන .. කෙනෙක් මේ දවස එනකම් බලන් ඉන්නේ ඇගිලි ගැන ගැන..  කෙනෙක් මේකට උනන්දුවෙන් සුදානම් වෙන අතරම තව කෙනෙක් මෙය සැමරීමට හේතුන් සොයනවා . ඒත් මේක සමරගන්න බැරි වෙන අය කරන්නේ ඔහේ උඩ බලාගෙන හුල්ලන එක .. තව පිරිසක් මේකට විවිද තර්ක ගෙනෙමින් මෙවැනි සැමරුම් වෙළද ජාවාරමක් ලෙස හදුන්වමින් විරෝධආකල්ප මතු කරනවා. කොහොම උනත් මේ පෙබරවාරි 14 කියන්නේ වෙළෙන්දන්ට නම් සරු දවසක් තමයි .



දැන් ඔබ ඇතුලත් වෙන්නේ මොන ගොඩකටද ? වැලන්ටයින් සමරන කුලයට එකතුවෙනවද? එය සැමරීමට හේතු සොයනවද ? එහෙමත් නැතිනම් එයට විරුද්දව කතා කරනවාද ? කව්රු මොනවා කිව්වත් , කලත් කුමන පැත්තක් ගත්තත් , මොන කුලයට වැටුනත් අපි අපෙන්ම අහගන්න ඕනි එක ප්‍රශ්නයක් තියනවා. ඒ තමයි ඇත්තටම අපිට , අපේ හිතට ආදරයක් ඇතුළු වෙලාද කියන එක .. සමරන්නට හෝ නොවන්නට හෝ ආදරවන්තියක හෝ ආදරවන්තයකු වෙන්නට ඉස්සර අපේ හිතට ආදරය දැනිලා තියන්න ඕනි කියන එක තමයි මගේ නම් මතය. ඒ වගේම කෙනෙක්ට ආදරයක් දැනිලා තියනවා නම් එක ඇත්තටම නිරායාසයෙන්ම දැනුන දෙයක්ද එහෙමත් නැත්නම් , කවුරුන්හෝ ඔලුවට ඇතුළු කල දෙයක්ද කියන එකත් හිතන්න වෙලාව ඇවිත් .

කොල්ලෙක් සහ කෙල්ලෙක් මොනයම් හෝ විදිහකින් ආදරයෙන් බැදුනට පස්සේ ඒක දිගටම පවතින්නේ ඔය අපි ගොඩක් අය කතා කරන ආදරය නිසාමද . ඇත්තටම අද ආදරය කියන දේ ආදරයමද ? එහෙමත් නැත්නම් ඒක රාගයද .. අද පටන් ගන්න ආදරයක් අවුරුදු ගානක් එක දිගටම පවතිනවද .. මම නම් දන්න විදිහට මේ 14  වැලන්ටයින් සමරන එකා ලබන අවුරුද්දේ සමරන්නේ වෙන එකෙක් එක්ක ..අද  ආදරය කියන්නේ, දැක්ක, හිනා වුණා, යාලු වුණා ,එහෙමෙහෙ ගියා, රණ්ඩු වුණා ඉවරයි. පාසල් කාලේදී පටන් ගන්න ගොඩක් සම්බන්ධතා කාලයක් පවතින්නේම නැති තරම් .. හැම එකම එහෙමමයි කියන්නේ නෑ ඒත් බහුතරයක් එහෙම තමයි ..


වැල(න්ටයින්) කියන්නේ ඇත්තටම එක විදිහක love ගිවිසුමක්
. මොකද මේ වරහන් දාලා. ඔව් අද මේ යන විදියට වරහ‍නින් එලියේ තියෙන දේවල් තමා වෙන්නේ.අම්මේ සමහරුන්ට දැනෙන සතුට අවුරුද්දටම මේ වගේ ආතල් එකක් ගන්න එන දවසනේ නේද? තමන්ගේ උපන්දිනේවත් සමහරු මේ විදියට ආසාවෙන් එනකන් බලාන ඉන්නේ නෑ.සමහරු අවුරුද්ද පුරාම එකතු කරපු සල්ලි වලින් තමන්ගේ වැලන්ටයින්ට මොනවා හරි අරන් දෙනවා. අයියෝ සල්ලි. මොකක් හරි ලොකු තෑග්ගක් දුන්නාම වැලන්ටයින්ගේ ඇඩ්රස් හොයන්නත් නෑ.  සමහර කෙල්ලෝ ඉන්නවා කොල්ලගෙන් හොද තෑග්ගක් ලැබුණ ගමන් කොල්ලට බූට් දෙනවා . අනේ කොල්ලොත් ඉතින් තියන සබ්බ සකලමනාවම එකතු කරලා කෙල්ලට තෑගී අරන් දෙනවා ..හැම කෙල්ලම එහෙම නෑ. ඒ වගේම කෙල්ලෝ විතරක් ඔය වැඩේ කරන්නේ නෑ .. කොල්ලෝ කරන්නේ ඊට වඩා කුප්ප වැඩ, උන් යාළු වෙලා ඉන්න කෙල්ලගේ යාළුවාගෙනුත් යාළු වෙන්න අහන එවුන්.. හැබැයි මෙහෙම එකකුත් තියනවා .අද කාලේ ගැණු ළමයි ආරක්ෂා වෙන්නේ ගෑණු ළමයිගේ තියෙන හොඳකම නිසා නෙමෙයි. කොල්ලොන්ට තාමත් ලැජ්ජාවක් තියෙන නිසා. ඇත්තටම කියනවානම් දැන් අපේ තරුණ කොල්ලෝ කෙල්ලෝ මේ කරන්නේ ආදරයක් නෙමෙයි කෑදරයක්. 90%ක් දෙනාම කරන්නේ කෑදරයක්.



වෙලාවට අපිට අනුන්ගේ සිත් කියවීමේ හැකියාව නැත්තේ. නැතිනම් ගෙවල් ලඟ ඉන්න අයගේ හිත් කියෙව්වොත්, ඒ අයට තමන් ගැන හිතෙන‍ දේවල් කියෙව්වොත් ගම රට දාලා මුහුදට පනින්න හිතෙනවා. ඒක නිසා ඒකත් එපා.ජීවීතේට තමන්ගේ කෙල්ලව බලන්න නොයන කොල්ලා, 14 උදේම හොදට ඇදගෙන රෝස මලයි,චොක්ලට් එකයි,කාඩ් එකයි අරගෙන ගිහිල්ලා කෙල්ලට දීම ඇත්තටම ආදරයද ? ආදරය කියන්නේ මේක නම් මේ රටේ මෙච්චර බූට් කතා ඇහෙන්නේ නෑ. ඒත් ආදරය කියන්නේ අයිති කරගන්න  දෙයක් නොව පරිත්‍යාගයක් කියන දේත් මතක තියා ගන්න ඕනි.තමාගේ ආදරය පෙන්වීමට අනුන්ගේ දවසක් එනකම් ඉන්න ඕනිද . දවස් තුන්සිය හැට පහේදීම ආදරයෙන් ඉන්නවා නම් හැමදාම වැලන්ටයින්.. ඕනෑම පෙම්වතුන් යුවලකට පෞද්ගලිකව වැදගත්වන දිනය තමයි   සංවත්සර දිනය. ඉතින් ඒ දවස සමරුවොත් හොද නැද්ද ? වැලන්ටයින් වගේ  අහසින් වැටුන දිනයක් සැමරීමට වඩා ඒක හොද නැද්ද . මොකද ඒක තමන්ගේම දිනයක් නිසා .. 

2 comments:

  1. ඇත්ත...
    ආදරේ කියල අපි කරන්නෙ ගිවිසුම් ගහන එක..
    හැබැයි ආදර ගිවිසුම් වැඩිකල් තියෙන් නෑ...
    මොකද අපි කවුරුත් රහත් වෙලා නෑනෙ...
    මාත් වැලන්ටයින් ගැන ලියන්න ඉන්නෙ...
    කොහොම නමුත් හොඳ ලිපියක්.. එල

    ReplyDelete
  2. ඇත්තම කතාව.සමහර කොල්ලෝ ආදරේ කරන්නේ ෆන් ගන්න.සමහරු එහෙම නෑ.සමහර කෙල්ලොත් එහෙම නෑ.
    මගේ ආදරේ නම් මේ 4 වැනි අවුරුද්ද.අපි වැලන්ටයින් සැමරුවේ පළවෙනි අවුරුද්දේ විතරයි.ආයේ කවදාවත් නෑ.ඒත් අපි සැමරනවා අපේ සංවත්සරය.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...