Tuesday, May 6, 2014

අනුන්ගේ ඇපල් ගණින අපේ අය ... !!

අපි කව්රුත් කැමති සතුටින් ඉන්න. ඒ වගේම හැමෝම කැමති වාසනාව තමන්ට ලැබෙනවට  තමන්ට හරියනවට. තමුන්ට හිත සතුටින් ඇපල් කාලා ජිවත් වෙන්න මිනිස්සු පුදුම විදිහට ආසා කරනවා.හැම මිනිහම වර්තමානයේ අසීමිත විදිහට මහන්සි වෙන්නත් අනාගතයේ ජොලියේ ඇපල් කාලා ඉන්න. ඒත් ඇත්ත කාරණාව ගොඩක් අය කරන්න හදන්නේ තමන්ගේ ඇපල් ටික ගේ ඇතුලේ තියලා. අනුන්ගේ ඇපල් වලට කෙල හලන එක. ඒ අතරේ තමන්ගේ ඇපල් අනුන්ගේ කටේ ඔබන ජාතියේ කට්ටියත් සුළුවෙන් හරි ඉන්න එකත් වාසනාවක්. කොහොම කිව්වත් අනිකා ඇපල් කනවටවත් කැමති අය තමයි ගොඩක් මේ සමාජයේ ඉන්නේ. තමන් ඇපල් කන අතරේම අනිකාගේ ඇපල් ගෙඩියට තට්ටු කරන්න හදනවා නම් එක එක්තරා විදිහක නරක තත්වයක්. ඒක එක ලග ගෙවල් දෙකකටත්, කාර්යාලීය මේස අතරත් , නෑදෑයන් අතරත් , මිතුරන්ටත් පොදු ධර්මතාවක්.


තමන් අනියම් සම්බන්දකම් කොතෙක් පවත්වාගෙන ගියත්, තමන්ගේ මිතුරෙක්ගේ එවැනි සම්බන්දතාවක් කඩලා දන්න ගොඩක් අය පෙලබෙනවා. ඒ වගේම තමන්ගේ සම්බන්දකම් වගේම තමන්ගේ මිතුරන්ගේ සම්බන්දතා ගොඩනගා ගන්න උදව් දෙන මිතුරන් ඕනෙතරම් ඉන්නවා. එකෙක්ට කෙලවෙනකොට අප්පුඩි ගහන යාලුවෝ වගේම , වැටුන වලෙන් ගොඩ එන්න අත දෙන යාළුවොත් මේ  ඕනේ තරම් ඉන්නවා. එකකෙට හරියනකොට එකට තරහ යන කට්ටිය සමාජයේ ඕනේ තරම් . “ ඌටමයි හරියන්නේ ” කියලා සතුටු වෙන එකාට ශාප කරන අයත්   “ අපිට ලැබීම නැතුව ඇති ” කියලා හිත හදා ගන්න අයත් නැත්තේම නෑ . අනුන්ගේ වත්තේ තියන ගස් වල ගෙඩි ගණන් කරන උන් තමන්ගේ වත්තේ තියන පැලයකටවත් වතුර ටිකක් දාන්නේ නෑ . එහෙම කරලා අනිකට වරදිනක් බලන් ඉන්නවා . එකෙක් සතුටු වෙන වෙලාවට , තව එකෙක්ට දුක දැනෙන දෙයක් වෙන්න පුළුවන්. එහෙම කියලා අනිකාගේ සතුටට එදිරිවාදිකම් කරනවට වඩා වැදගත් වන්නේ මේ සියල්ල අපිට පොදු ප්‍රශ්න බව තේරුම් ගැනීම.

කලින් කිව්වා වගේ ගොඩක් අය කරන්නේ අනාගතේ කන්න ඇපල් එකතු කරන එක . සමහරු නම් ඇපල් එකතු කරනවා විතරයි කන්න වෙලාවක් නෑ. මැරිලා යනවා. උන්ගේ ළමයි ඇපල් වලින් බෝල ගහනවා. අන්තිමට වට්ටියත් උකස් කරලා තමයි නවතින්නේ. තමුන්ගේ රස්සාවට අමතරව අමතර අදායමක් කෙනෙක් හදාගන්නවා නම් ඒක office එකෙක් කෙනෙක් වැරදියට දකින්න පුළුවන්. “ සල්ලිම හොයන පිස්සෙක්  ” කියල කියන්නත් පුළුවන්. ඒත් ඇත්තම කතාව ඒ අදහස හිතට එන්නේ  අනිත් මනුස්සයා තමන්ට වඩා වැඩිපුර රුපියලක් හරි හොයන්න දගලන නිසා. ඒ වෙනුවෙන් තමනුත් අමතර අදායමක් හොයාගන්න ක්‍රමයක් හදා ගන්නේ නැතුව අනෙකට ගරහන එක වැරදි මානසිකත්වයක්. ඒ  වගේම සමහර පිරිස් අනෙකා කරපු දේම කරලා ගොඩයන්නත් බලනවා. ඒක හරියට තේ වලට හොද මිලක් තියනවා කියලා කොළඹ තේ වවන්න හදනවා වගේ වැඩක්. ඔහු කරන දේ ඔහුටම අවේනික දෙයක් වෙන්න පුළුවන්. තමන් තමන්ගේ දෙයකින් ගොඩයන්න හදනවා විනා අනුන්ගේ දෙයින් ගොඩයන්න හදන එක මෝඩ වැඩක්.


අපි තවමත් ජිවත් වෙන්නේ එහා ගෙදරට AC
එකක් ගත්තාම මෙහා ගෙදරට අමුතුම විදිහේ උණුසුමක් දැනෙන විදිහේ සමාජයක නිසා මේ තත්වයෙන් ගොඩයනවාට හෝ සමාජය ගොඩනගනවාට වඩා මේ තත්වෙට හුරුවෙන එක නුවනට හුරුයි කියලයි හැගෙන්නේ.

4 comments:

  1. අපේ අයගේ පුරුද්ද ඕකනේ බං ඉතින්..

    ReplyDelete
  2. අනුන්ගේ ඇපල් තරං මොන ඇපලක්වත් රහ නැති බවට අපට ප්‍රත්‍යක්ෂ කොට ඇති විට තව කුමන කතාද??

    ReplyDelete
  3. කමු බං ඇපල්....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...