Friday, August 24, 2012

ඇතුවත් බැරි නැතුවත් බැරි "කඩුව"


සිංහලයාට හෙළ බස තරම් වටිනා දෙයක් තවත් නැති තරම් . ඒත් ඒ මීට ගොඩකාලෙකට ඉස්සර .අද වෙන විට සිංහලයටත්, මෙක්සිකනුවන්ටත්, ඉන්දියාවටත්, ජපනුන්ටත්, අනෙක් හැම ජාතියටමත් පොදු අන්තර්ජාතික බසක් කරලියට පැමිණ අවසන්.අද මම මේ  කතාකරන්නේ ලෝකයම සන්නිවේදන අවශ්‍යතා සපුරාලන, මුළු ලෝකයේම වැඩි පිරිසක් සන්නිවේදනය සදහා යොදාගන්නා “ කඩුව “ ලෙස සිංහල කතාවේ යෙදෙන ඉංගිරිසි ගැනයි ..

ඉංග්‍රීසි භාෂාව අද වින විට මුළු ලෝකයටම නැතිවම බැරි වෙලා තියෙන්නේ එය ලෝක සන්නිවේදනයේ ප්‍රධාන මාධ්‍ය වන බැවින්මද ?ඊට එහා වටිනාකමක් ඉංග්‍රීසි භාෂාවට ලංකාව තුල ඇත්තෙම නැද්ද ?ලංකාව යටත් විගිතයක් වීමත් සමගම ලාංකිකයාගේ මානසිකත්වයට ඉංග්‍රීසි කතා කිරීම තුල ලැබුනේ විශ්වාස කල නොහැකි තරමේ වටිනාකමක් ..ඒ කාලේ ඉංග්‍රීසි වචනයක් හෝ කතාකිරීමට හැකියාවක් තිබිණ නම් ඔහුට හෝ ඇයට සාමාන්‍ය මිනිසකුට වඩා බුද්ධි මට්ටමෙන් ඉහල කෙනෙකු ලෙස පිළිගත්තා . එමෙන්ම “රජුගේ ඉංග්‍රීසි”” රැජිනගේ ඉංග්‍රීසි”ලෙස පිරිසිදු ඉංග්‍රීසි භාෂාව හැදින්විමක්ද සිදු වුණා .

අද වෙන විට ශ්‍රී ලංකාව ගත්විට ඉංග්‍රීසි භාෂාව සහ ඒ සදහා ලැබී ඇති වටිනාකමත් සුළු කොට තැකිය නොහැකි දෙයක්.අද දිනයේ ඉංග්‍රීසි දැනුවත් බවය පෞර්ෂත්වයේ ප්‍රබල ලක්ෂණයක් ලෙස සැලකීම දක්වා ත්ත්වය ඉදිරියට ගිහින් තියනවා. මේ සදහාම හේතු වන කරුණු කීපයක් තියෙනවා.රැකියාවකට ඉංග්‍රීසි බස හැසිරවීමේ හැකියාව අනිවාර්ය අංගයක් වෙනවා.විශේෂයෙන්ම පුද්ගලික අංශයට යනවිට ඉංග්‍රීසි නැතුවම  බෑ.විශ්ව සාහිත්‍යයට ,ලෝක සිනමාවට ,නිරූපන ශ්‍රේත්‍රරයට  ඇතුලත් වීමට , දොරටු විවෘත වෙන්නේ ප්‍රදාන වශයෙන් ඉංග්‍රීසි භාෂාව හරහා තමයි.

ඉංග්‍රීසි භාෂාව අවශ්‍යද ? පිළිතුර ඔව් .නමුත් ඒ තමාගේ පෞර්ෂත්වයේ අභාරණයක් විදියටනම් නෙමෙයි.සරලවම කිව්වොත් ලංකාවේ තියන   MC ,KFC හෝ McDonalds වගේ ලොකු ලොකු තැන වලට ගිහින් වැරැද්ද වැරැද්ද ඉංග්‍රීසි කතා කිරීම විහිලුවට කාරණාවක්.මොකද සිංහල දන්නා මිනිස්සු එක්ක ඉංග්‍රීසියෙන් තමන්ගේ නොදන්නාකම පෙන්නමින් තම හීනමාන ප්‍රශ්නයක් කතාකර නිරාකරණයට දරන උත්සාහයේ පදනම කුමක්ද ?ඊළගට “පොෂ් “ යන්නට නිර්වචන ලබාදෙන්න මගේ අරමුණක් නෑ. එත පොෂ් කුලයට අයත්වීම සදහා ඉංග්‍රීසි කතාකරන්නන් අද බහුලව තරුණ සමාජය තුල දකින්නට ලැබෙනවා.එසේම ඉංග්‍රීසි සමගින් ගනුදෙනු කරන්නට නොහැකි වූ විට ඉංග්‍රීසි “පරබස “ ලෙසත් සිංහල “හෙලබස” ලෙසත් අර්ථ දක්වමින් ඉංග්‍රීසි භාෂාවටම නිග්‍රහ කරන තරුණ පිරිස්ද සමාජයේ නැතුවම නොවෙයි.මගේ අදහස නම් මේ දෙකම වැරැදි මත දෙකක් බවයි .මොකද මේ දෙගොල්ලොම ඉංග්‍රීසි හෝ සිංහල තමාගේ පෞර්ෂත්ව ආභරණය කරගැනීමටයි.

ඉංග්‍රීසි භාෂාව ඉගෙන  ගතයුතු වෙන්නේ එය අන්තර ජාතික බස නිසාවෙන් .අපගේ දැනුම වැඩි කරගන්නට දොරටු විවර වෙන බැවින් , එයින් අපිට ලැබෙන වාසි ගොඩක් බැවින්.නමුත් සිංහල හරිහැටි නොදැන ඉංග්‍රීසි  ඉගෙන ගැනීමත් විහිළුවක්.සිංහල පහත හෙළ ඉංග්‍රීසියට තැන දිමද, ඉංග්‍රීසි බැරි නිසා සිංහයා අන්තර්ජාතික භාෂාව කරවන්නට සිහින දැකීමද විහිළුවක් . .. භාෂාව භාෂාවක් ලෙස ඉගෙන ගැනීමත්, එය ආභරනයක් ලෙස අනුන්ට පෙන්වන්ට නොයාමත් සිදු වූ විට ලෝකය ජයගැනීම පහසු දෙයක් .......

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...