Friday, March 28, 2014

හිත හිරිවට්ටන කෙල්ලන්ගේ විලාසිතා .. !!

අද කඩවල ගොඩක් ඇදුම් වර්ග තියනවා. විවිධ මෝස්‌තර වල ඒවත් ඕනේ තරම් තියනවා. ඒත් එදා විලි වහගන්න විතරක් බාවිතා කරපු ඇදුම අද විලාසිතාවක් , කලාවක් බවට පත් වෙලා. කොල්ලන්ට වඩා ඇදුම ගැන උනන්දු වෙන්නේ කෙල්ලෝ. ඒක ඉතින් කවුරුත් දන්න දෙයක් නේ . ඒත් මේ ඇදුම නිසා අද අපචාර වැඩි වෙලා කිව්වොත් ඔයාලා පිලි ගනීද මන්දා. ඒත් එකෙත් අත්තක් නැතුවම නොවෙයි. සාරියට ද ගවුමටද කෙල්ලෝ වැඩියම sexy වගේ ප්‍රශ්න කවි කොළ ගන්න තරමටම , කවි මඩු තියන තරමටම ජාතික ගැටළු බවට පත් වෙලා.හැබැයි ඒක කාටවත් වැඩිය පෙනුනේ නම් නෑ. කොහොම කොහොම හරි දැන් ඇමතිලත් “ ගැහැණුන් අදින ඇදුම නිසා රටේ අපචාර වැඩි වෙනවා ” යනුවෙන් පැවසීම නිසා අළුයට ගිනි සේ පිබිදෙමින් තිබුණු ජාතික හැගීම් දැන් වේගයෙන් පිබිදෙන බව දැන් ෆේස්බුක් ගිණුමක් තියන ඊ පුරවසියකු නම් ඔයාලටත් දැකගන්න පුළුවන් ඇතිනේ.


ඇදුම නිසා ඇත්තටම අපචාර වැඩි වෙනවද  ? මේ මාතෘකාව දාලම විවිධ චින්තකයන් අතින් නිර්මාණය වුනු පින්තුර ගණන ඇති මහත්. කවුරු කොහොම කිව්වත් සමහර ගැහණු නම් මේක පිළිගන්න ලෑස්ති නෑ. එහෙම කියන ඒ ගොල්ලෝ කියන්නේ නම් කෙල්ලන්ට තමන් කැමති ඇදුමක් විලාසිතාවක් කිරීමට නිදහසක් තියෙන්න ඕනේ කියලයි.ඒත් ඒක නිකම් සීනිබෝල අදහසක්. විලාසිතා කරනවා කියලා බාගෙට ඇදගෙන පාරේ යනකොට කොල්ලන්ගේ විතරක්  වෙයි නාකින්ගෙත් හැගීම් අවිස්සෙනවා. ඇත්තටම වෙන්න ඕනේ යහපත් ආකර්ශනයක් ඒත් ඔහොම ඇදුම් කෑලි එල්ලා ගත්තම වෙන්නේ අයහපත් ආකර්ෂණයක්. අද සමාජය දූෂිතයි. සමාජයයේ මිනිසුන්ගේ සිත් දූෂිතයි. නිවැරදි ලිංගික අධ්‍යාපනයක් නොමැති කම නිසා මිනිස්සු ඒවා ඉගෙන ගන්නේ වැරදි විදිහට. ඉතින් කාන්තා හිංසනය වැඩි වෙන්නේ ඔය කියන කරුනුත් එක්ක. මේ වගේ තත්වයක සමාජය තියන වෙලාවක අපේ කට්ටිය කරන්නේ ඇදුන් කෑල්ලක් දෙකක් එල්ලාගෙන පාරේ යන එක. එහෙම ගිහින් වැඩේ වැරදුනාම ඉතින් පිරිමියාට බනිනවා ‘වනචර හැත්ත’ කිය කියා. පිරිමි ගැහැණුන්ව කාමුක වෙළද භාණ්ඩයක් කරගෙන නෑ . ගැහැණු දැනගන්න ඕනේ තමන්ගේ ඇග සමාජයට පෙන්නන වෙළද භාණ්ඩයක් නොකර ඉන්න.


විලාසිතා වැරදියට තෝරා ගන්න එක අද ගොඩක් දකින්න පුළුවන්. එක්කෝ එයාලට වැරදිලා. එක්කෝ එයාලගේ තියන වැරදි ආකල්ප. අද පෝයට පන්සලකට ගියත් වැඩියම ඉන්නේ show එක පෙන්නන කෙල්ලෝ. $%$# පැලෙන්න ඩෙනිම ගහලා. ඇගම කැපිලා පේන විදිහට හිරවෙන්න බ්ලව්ස් එක ඇදපු කෙල්ලෝ විතරක් නෙවෙයි 60 පැනපු අම්මන්ඩිලත් ඕනේ තරම්. කිව්වට මොකද ඇස්වහක් නෑ සුදුවතින් සැරසිලා ඉන්නවා. වදින්න ඉදගන්නෙත් බොහොම අමාරුවෙන්. දකින කෙනාට හිතෙන්නේ දැන් ඉරෙයි දැන් ඉරෙයි කියලා. සමහර විලාසිතා සමහර අය අදිනවා ඒවා ලංකාවට ගැලපෙනෙම නෑ. සමහර රටවල එහේ දේශගුණයට ගැලපෙන විදිහට හදලා තියන ඇදුම් මෙහේ උන්දලා අගේට අදිනවා. එහේ නාන්න හදපු ඇදුම් මෙහෙ Shopping අදිනවා. ඒ රටේ මිනිහෙක් මෙහේ ආවොත් ඒකා හිනාවෙලා මැරෙනවා. මෙහෙ අයගේ තියන විලාසිතා හරි පුදුමයි. කලිසම් හිරයි කොටයි. ගවුමක් ඇන්දොත් ඒක කොටයි. හුලගක් ආවොත් ඉවරයි. බ්ලව්ස් එකක් ඇන්දොත් එක්කෝ කර ලොකුයි නැත්නම් පිට නෑ. සාරියක් ඇන්දොත් බඩ එළියේ. වැඩේ කියන්නේ මේවා දිහා කොල්ලෙක් බැලුවොත් ඌ වලත්තයා, අවලමා, වනචරයා. අරවා අදින කෙල්ල ශාන්ත දාන්ත තීන්ත කුප්පිය.

තමන්ගේ පෞර්ෂය ප්‍රදර්ශනය කරන්න ගොඩක් අය විවිධ දේවල් කරනවා. ඒත් ඒක සමාජය පිලි ගත් දෙයක්ද කියලා ටිකක් හොයලා බැලුවා නම් තමයි හොද. ගොඩක් කෙල්ලෝ අද වෙනකොට තමන් පෞර්ෂය පෙන්නන්න කරන්නේ සමාජයක් ඉදිරියේ තමන්ගේ ඇග පෙන්නන එක. ඇත්තටම නිරුවත පෙන්නලා ලැබෙන පෞර්ෂයක් නෑ .. %$#@@  කියන අනුවර්ත නාමය නම් ලැබෙනවා. සමාජය නරකයි තමයි ඒත් ඒ නරක සමාජය තමන් ගාවට ගෙන්න විදිහේ දේවල් නොකර ඉන්න එක කාගේත් යුතුකමක්. එහෙම නොකලොත් එක අර ඉබ්බා දියට දැම්මාම ඇන්නෑවේ කිව්වා වගේ තමයි. දෙයක් උනාට පස්සේ මොනවා කිව්වත් මොනවා කලත් වැඩක් නෑ. ඒ වෙන දෙයින් තමන්ගේ පෞර්ෂය නැත්තටම නැතිවෙන්නත් පුළුවන්. සමහර විට ජීවිතය නැති වෙන්නත් පුළුවන්. කෙල්ලෙක්ගෙ රූමත්කම පෙනෙන විදිහේ විලාසිතා ඕනේ තරම් තියනවා. නිවැරදි තැනට නිවැරදි විලාසිතාව මොකක්ද කියන එක තෝරාගන්න එක තමයි වැදගත්. ඉතින් නිවැරදි  විලාසිතාවක් තෝරා ගත්තොත් ඒක ඒ කෙනාව තවත් ලස්සන කරයි. ඒ නැතත් ඒක එයාටත් හොදයි. සමජෙටත් හොදයි.

4 comments:

  1. විලාසිතානම් මෙහේ ලංකාවටත් වැඩියෙන් ඕනාවට වඩා දේවල් එක්ක දැකලා තියෙන හන්දා ඉතින් හුඟක් දේවල් ලියන්නනම් පුළුවන්.. ඒත් කෙටියෙන්ම කියනවනම් තමන්ට ගැලපෙන විදිහට අදින්න උත්සාහ කරන එක තමයි වැදගත්ම..

    ReplyDelete
  2. යකෝ පින්තුර බලන්න මං ආවේ.. සිරාවට..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...