Saturday, January 24, 2015

සතුට පසුපස ..!

කාලේකින් මොකුත් ලියන්න බැරි වුනා .. අලුත් අවුරුද්දේ අලුත් කතාව .. අලුත් සිතුවිලිත් එක්ක අලුත් වෙන්න දගලන අපි , අලුත් බලාපොරොත්තු එක්ක අලුත් අවුරුද්ද පටන් ගන්නවා . සමහරු සාර්ථක වෙනවා සමහරු අසාර්ථක වෙනවා .. මොනවා කලත් මොනවා උනත් ඉස්සරහට තියපු අඩිය පස්සට ගන්න එක නම් කරන්න හොද නෑ .. සැප දුක , දුක සතුට , ජය පරාජය , කාටත් පොදුයි .. අලුත් අවුරුද්දෙත් මේ දේවල් පොදි ගහගෙන ඉස්සරහට යන්න කට්ටියටම සිද්ද වෙනවා .. තමන්ගේ වැරදි නිවැරදි කරගන්න හදනවා නම් තමයි හොද ඒත් ගොඩ දෙනෙක් කරන්නේ අනුන්ගේ කුණු වලවල් හාරන එක තමයි ..

මේ ලෝකේ ඉන්න අයගෙන් වර්ග දෙකක් ඉන්නවා එකක් දුකින් ඉන්න අය අනිත් කට්ටිය සතුටින් ඉන්න අය සතුට කියන දේ පලා ගිය ගමන් ජීවිතය වෙලා ගන්නේ දුක. දුකක් දැනුනම ඒක නැති වෙන්න කල් යටට

හාරනවා. දුක කියන දේ  හිතේ මුල් ඇදගත්තට පස්සේ ඒ දුකට පිටට ගලා යන්න ඉඩ ලබා දෙන්නේ කඳුල. නමුත් කඳුළ කියන දේ ඇතුලේ තද කරගෙන ඉන්න තමයි දගලන්නේ .. මොකද ගොඩක් අය අඩන්නත් ලැජ්ජයි. ඇහුවම කියන්නේ ඇඩුවම ආත්මගෞරවයට හොද නෑලු. අඩන්නත් හයියක් නැත්නම් එකාට කොහෙද ගෞරවයක්. දත් හපාගෙන ඇස් ලොකු කරගෙන ඉන්නේ කදුළු එලියට පනී කියලා .. හැබැයි ඕනේ එකකට හොටු පෙරාගෙන අඩන කට්ටියත් නැත්තේම නෑ . ඕනේ එකකට අඩලා වැඩේ ගොඩ දාගන්නවා ..

සතුට, ... කව්රුත් හොයන දෙයක් . කැමති දෙයක්. වැඩිපුරම නොලැබෙන දෙයක් . ඇත්තෙන්ම සතුට කියන දේට අපි හැමෝම බොහෝම පෙරේතයි. ඒක ලබා ගන්න ගොඩක් කැපකිරීම් කරනවා. විශාල උත්සාහයන් දරනවා. හැබැයි කොච්චර දැගලුවත් ඒක හොයා ගත්තු එකෙක් නෑ .. සල්ලි , වාහන , ආදරය , ගෙවල්දොරවල් , මේ මොන දේ ලැබුනත් සැහීමකට පත් නොවෙන අය තමයි අද ඉන්නේ .. මොන දේ තිබුනත් අරක නෑ මේක නෑ කිය කියා දුක්වෙන පිරිස වැඩියි .. මොන දේ කලත් මොන දේ උනත් හිනා වෙලා ඉන්න එක තමයි  දුක  දෑස් තුලම සඟවන්න පුලුවන් එකම ක්‍රමය . කඳුළු හිතේ හිරකරගෙන ලෝකෙට පේන්න හිනා වෙන මිනිස්සු කොයි තරම් ඉන්නවද? නිතර සතුටෙන් හිනා වෙන මිනිස්සු හිතේ දුක හිරකරගෙන ඉන්න කොටසක් කියලා සමහර අය හඳුන්වන්නේ ඒ නිසා වෙන්න ඕන. සිනහව කාගේත් හිතට ගේන්නේ අමුතුම හැගීමක් .අනෙක් අය රවටන්න සිනාවක් නොවෙයි. සියළුම දුක් වේදනා අමතක කරලා හදවතින්ම සිනා සෙන්න.ප්‍රයෝගිකව අපහසුම දේ ඒක. ඕනිම කෙනෙක්ට සිනහවකින් සංග්‍රහ කරන්න පුළුවන් නම් එක හොද  දෙයක් .

එහෙනම් අලුත් අවුරුද්දේ හිනා වෙමු .. නව වසරේ සිනා බෝවේවා .. lol
 

2 comments:

  1. ආයුබෝවන් ! සුබ අලුත් අවුරුද්දක් ! මාත් අලුත් අවුරුද්දේ කියලා ඉස්සෙල්ලාම අද ආවේ.

    ReplyDelete
  2. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...