Sunday, November 2, 2014

කාලයත් එක්ක වෙනස් වෙන අපේ ඇත්තෝ... !!

කාලෙකින් පැත්ත පලාතවත් බැලුවේ නෑ .. ඉතින් කාලෙකින් ඇවිත් පොඩ්ඩක් කියවල යන්න හිතුණා.. කව්රු මොනවා කිව්වත් මොනවා කලත් තමන් කරපු කියපු දේවල් මතක් වෙනවා සමහර දේවල් වලින් සතුටක් ඇතිවෙනවා වගේම සමහර දේවල් වලින් ලොකු දුකක් ඇති වෙනවා .. ඒ ඔක්කොටම වඩා ගොඩ දෙනෙක්ට තියෙන්නේ ලොකු පසුතැවීමක් .. කෙනෙකුට පසුතැවීමක් එන්නේ එක්කෝ කරපු නරක දෙයක් මතක් උනාම, නැත්නම් මොනවා හරි හොද දෙයක් කරන්න බැරි වුන එක ගැන. අද කතාව පසුතැවීම ගැන නම් නෙවෙයි .. මාතෘකාවක් නැතුවම පටන් ගන්නම්..

 ඉවරක් නැතිව දුවන මිනිස්සු ඉන්න ලෝකයක බලාපොරොත්තු පොදිගහගෙන හැමෝම ඒ මේ අත දුවනවා. 2014 පටන් ගන්නකොට ගොඩක් අය හිතා ගත්තේ මේ අවුරුද්දේ මේ  මේ දේවල් කරනවා කියල. ඒ උනාට බලන් ගියාම කරලා තියෙන්නේ පරණ දෙවෙල්ම තමයි. සමහර අයට හරි ගියා සමහරුන්ට වැරදුනා . කරන්න දෙයක් නෑ ඒක වෙන්න තියන දේ කියලා බලන් හිටියොත් වෙන්නෙම ඒකම තමයි. කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා .. සමහරු අලුත් වෙනවා , සමහරු පොෂ් වෙනවා , සමහරු පල් වෙනවා , සමහරු වල් වෙනවා . කෙනෙක් උඩ යනකොට අනිකට ඒක අල්ලන්නේ නෑ . ඒක කොතනත් තියනවා ඉස්කෝලෙදි එකට කාපු එකා විභාගේ ලියන වෙලාවට මුණ දිහා බැලුවත් අහක බලනවා . හැමෝම නෙවෙයි සමහරු එහෙමයි . සමහරු කලින්ම ඉවරවෙලා ඉස්සරහ ඉන්න එකාගේ පුටුවට පයින් ගහනවා . රස්සාවකට ගියත් එකෙක් උසස් වෙනකොට අනිත් එකට ජෙල .. ඒ වෙලාවට සුබ පැතුවට “ මු අලුතෙන් ඇවිත් අපිටත් කලින් promotion ගත්තනේ  ” , කියලා හිතින් කියන බොරු යාලුවෝ ඕනි තරම් ..
 
කාලය මිනිස්සු වෙනස් කරනවා . ඉස්සර හොදට හිටපු එකා දැන් කතා කරන්නෙත් නෑ .. දැකලවත් නැති අය දැන් සහෝදරයෝ වගේ. කාලය මිනිස්සු විතරක් නෙවෙයි ගොඩක් දේවල් වෙනස් කරනවා කිව්වොත් හරි .. ගොඩක් අයට ජිවිතේ කිව්වම මතක් වෙන්නේ සතුට , සතුටු වෙන්න නොකරන දෙයක් නෑ .. ඒත් බලන් ගියාම ඒ කරන කිසි දෙයකින් සතුටක් ලබලත් නෑ. ගොඩ දෙනෙක් සල්ලි පස්සෙම යනවා .. සමහර අයට විනෝදය විතරයි . ජීවිතය තේරුම් ගන්න සමහරු බොලද වැඩිද නැත්නම් එයාලට ඕනිකමක් නැතිද කියලත් හිතෙනවා .. එකට හිටිය උන් කෙල්ලෙක් දා ගත්තම උට අන් එනවා . එකාගේ set එකට හෙන ගහලා love එක දළු දාන්න පටන් ගන්නේ එතකොට  .. කෙල්ල හොදයි නම් කමක් නෑ . ඒත් අද කෙල්ලෝ එකම විදිහක්. බූට් එකක් නොකාපු එකෙක් හොයන්නත් අමාරුයි . සමහර පොෂ් කියන කෙල්ලෝ ගෙවල් වල වෙන දේවල් මොනවද කියලවත් දන්නේ නෑ .. අම්මලා තාත්තලා දෙන සල්ලි වලින් රටේ නැති වන්නම් ගහලා ගෙවල් වලට එනවා .. ඒවා ඉතින් කියන්න ඕනිත් නැනේ.  කෙල්ලෝ එහෙමයි කියලා කොල්ලෝ හිනා වෙන්න එපා. කොල්ලෝ කරන අවජාතක වැඩ වලින් තමයි ගොඩක් අහිංසක කෙල්ලෝ විනාස වෙලා තියෙන්නෙත් .. කාටවත් ඇගිල්ල දික්කරන්න කාටවත් බෑ.. මේක ලියන මමත් මේක කියවන ඔයාලත් දැන හෝ නොදැන වැරදි කරලා ඇති .. ඒවා මොන මට්ටමේ ඒවාද කියන එක මම දන්නේ නෑ . කවුරු කිව්වත් දවසක එකට පසුතැවිලි වෙන දවසක් එනවාමයි

 

I LOVE YOU.  එහෙමත් නැත්නම් “ මම ඔයාට ආදරෙයි ” , ලොකු තේරුමක් තියන , ලොකු බලයක් තියන , අද තඹේකට ගනන් ගන්නේ නැති තුට්ටු දෙකේ වචන තුනක්  .. පන දෙන්න උණත් කැමති කියල පටන් ගන්න ලොකු ආදර කතාන්දර  නිකන් පපඩම පොඩි වෙනවා වගේ කුඩු වෙනවා. එහෙම නොවුනා නම් A/L කාලේ යාලු උන කෙනා campus එකේදී වෙන එකක් එක්ක යයිද .. හැමෝම නෙවෙයි බහුතරය ඒමයි . ගොඩක් අය කියන්නේ   “කෙල්ල / කොල්ලා campus ද ? එහෙනම් වෙන එකක් හොයා ගනින් ” . එකයි ඇත්ත කතාව .. ඉස්සර ආදර කතා පුරාවෘර්ථ වගේ උනෙත් අද නිකම් සුරංගනා කතා උනෙත් ඇයි කියලා හිතන්න කාලය ඇවිල්ලා .  කොහොම උනත් ගොඩක් අය “ මම ඔයාට ආදරෙයි ” කියන වචනෙට පිළිතුරු දෙන්නේ එක එක විදහට. හැමෝටම පෙන්න ප්‍රසිද්දියේ නටලා කෙල්ල ඉස්සහා දනගහලා ආදරය ප්‍රකාශ කරනකොට සමහර කෙල්ලට පිස්සු වගේ .. ඒත් සමහර කෙල්ලෝ බෑග් එකෙන් මුනට දමලා ගහන වෙලාවලුත් නැතුවම නෙවෙයි.

 කොහොම උනත් වයසත් එක්ක සිදුවෙන හැගීම වෙනස් වෙන හැටි ගැන තිබුණු පුංචි පොස්ට් එකක් මට හම්බ වුනා .. ටිකක් කියවල බලන්න.  

  • අවුරුදු 5 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා ඇහුවා ''ආදරෙයි කියන්නේ මොකද්ද'' කියලා.
  • අවුරුදු 15 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා ලැජ්ජාවෙන් හිනාවෙලා බිම බලා ගත්තා.
  • අවුරුදු 20 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා ඔයාගේ මූණ මගේ පපුවට තද කරලා මගේ අත තදින් අල්ල ගත්තා.
  • අවුරුදු 25 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මට උදේ කෑම හදල දීලා නළලට හාදුවක් දීලා මට කිව්වා ''වැඩට යන්න පරක්කු වේවි, ඉක්මන් කරන්න'' කියලා.
  • අවුරුදු 30 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මට කිව්වා ''ඔයා මට ඇත්තටම ආදරෙයි නම් අද කලින් ගෙදර එන්න'' කියලා.
  • අවුරුදු 40 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මට කිව්වා ''මම දන්නවා අනේ, පුතාට home work කරන්න උදව් වෙන්න'' කියලා.
  • අවුරුදු 50 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මහමින් හිටපු ඇඳුම දිහා බලාගෙනම යන්තමට සිනා සුනා.
  • අවුරුදු 60 දී මම ඔයා මට ලියලා එවපු මුල්ම ලියුම අතේ තියාගෙන කියවන අතරේ ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මගේ අත් දෙක තදින් අල්ල ගෙන මගේ මූණ දිහා බලගෙන හිටියා.
  • අවුරුදු 70 දී මම රෝහලේ ඇඳේ ඉන්නකොට ඔයා ''මම ඔයාට ආදරෙයි'' කිව්වම මට මොනවත් කියාගන්න බැරුව ඇඬුනා.

අපි ගොඩාක් වෙලාවට අපි ආදරේ කරන කෙනා ''මම ඔයාට ආදරෙයි'' නැතිනම් ''I Love You'' කිව්වම පිළිතුරු විධියට ''මමත් ඔයාට ආදරෙයි'' හෝ ''I Love You Too'' කියල කියනවා බොහෝ දුරට අඩුයි. ආදරේ පෙන්නන ක්‍රම බොහෝමයක් තිබුනත් අපි කවුරුත් ආසයි අපි අනිත් කෙනාට ආදරෙයි කිව්වම ඒ කෙනත් අපිට ආදරෙයි කියලා කියනවා නම්. මේ දේ අත් විඳපු අයත් ඇති  කාලයත් එක්ක වෙනස් වෙන මිනිස්සු කාලයත් එක්කම මැරිලත් යනවා . තමන් කොහේ හිටියත් මොනවා කලත් කාටහරි තමන්ව මොන දේ නිසා හරි මතක් වෙනවා නම් ඒක තමයි වටිනාම දේ කියලයි මට හිතෙන්නේ.. 


2 comments:

  1. //අපි ගොඩාක් වෙලාවට අපි ආදරේ කරන කෙනා ''මම ඔයාට ආදරෙයි'' නැතිනම් ''I Love You'' කිව්වම පිළිතුරු විධියට ''මමත් ඔයාට ආදරෙයි'' හෝ ''I Love You Too'' කියල කියනවා බොහෝ දුරට අඩුයි. ආදරේ පෙන්නන ක්‍රම බොහෝමයක් තිබුනත් අපි කවුරුත් ආසයි අපි අනිත් කෙනාට ආදරෙයි කිව්වම ඒ කෙනත් අපිට ආදරෙයි කියලා කියනවා නම්. //\

    මේක නම් සහතික ඇත්ත මචන්,,,,
    ----------------------
    බොහොම පරන මතක ගොඩක් ආපහු ඇවිස්සුනා..

    ReplyDelete
  2. අගේ අැති බ්ෙලාගයක්........

    සුබම සුබ නව වසරක් වේවා..... ජයවේවා......

    බ්ලොගය දිගට ම ලියන්න පුළුවන් නම් සහ අපේ සින්ඩි වලට ඒකතු කරන්න පුලුවනි නම් තවත් අගෙයි....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...