Sunday, February 24, 2013

කැමති අකමැති ලිංගිකත්වය ....!!


ඔන්න අද ටිකක් වෙනස් කතාවක් . ලිංගිකත්වය ගැන පුංචි දෙයක් කියන්නයි අද සුදානම් වෙන්නේ . මම මේකට 18 + කියලා දාන්නේ නම් නෑ . මොකද එහෙම දැම්මාම වැඩිපුරම කියවන්නේ 18 - කට්ටියනේ .. ඇත්තම කතාව ලිංගිකත්වය කියන්නේ මිනිස්සු දැනගෙන ඉන්න ඕනේ දෙයක් . හැබැයි ඉතින් ලංකාවේ ඔය වචනෙට තියෙන්නේ බොහොම අඩු මානසිකත්වයක් .කෙනෙක් sex  කියලා කිව්වත් එකාව කන්න වගේ බලන සමාජයක් .. එහෙනම් ඉතින් මගේ කතාව පටන් ගන්නම්කෝ.
ලිංගිකත්වය  එහමත් නැතිනම් ස්ත්‍රී සහ පුරුෂයන් අතර සිදුවෙන ශාරීරික බැදිම එක ආකාරයකින් සමාජය තුල කුතුහලයක් ඇති කරවන තවත් එක මාතෘකාවක් . ලංකාව වැනි දකුණු ආසියනු රටවල ගොඩ දෙනෙකුට ලිංගිකත්වය ගැන මනා දැනුමක් නෑ. කලින් කිව්වා වගේම ලංකාව තුල නම් බහුතරයකට ලිංගික දැනුමක් ඇත්තෙම නෑ . සමාජයේ කතා බහට ලක්වියයුතුම එහෙත් කතා බහට ලක්වෙන්නේ නැතිම මතුකාවක් තමයි මේ ලිංගිකත්වය කියන්න මාතෘකාව .. ඒ ගැන කව්රුන් හෝ ප්‍රසිද්ද තැනක කතා කලොත් ඒ පුද්ගලයන්ට එතන සිටින අයගෙන් ඇතිවෙන්නේ අප්‍රසාදයක් ..


ලංකවේ පාසල් වල ලිංගික අධ්‍යාපනයක් නම් දෙන්නේ නැති තරම්. පාසල් විෂය නිර්දේශ වල ඒවා තිබුනත් එය උගන්වන්න ගුරුවරුනුත් මැලිකමක් දක්වනවා . මිනිස්සුන්ට ඒ ගැන දැනුමක් නොමැති වෙනකොට මිනිස්සු ඒ ගැන හොයන්නේ පෙලබෙනවා . ලංකාවේ ඒ පිලිබදව හොයන පිරිස ආසියාවෙන්ම පළමු තැන බව google සමාගම තහවුරු කලා කියලා ඔයාල කව්රුත් දන්නවනේ.. කවුරුත් ඒ ගැන දන්නවා නම් . හොද ලිංගික අධ්‍යාපනයක්  දෙනවා නම් කවදාවත් මිනිස්සු ඒ ගැන කතාවෙන්නේත් නෑ .. හොයන්නෙත් නෑ .. ඒ හැමෝම ඒ ගැන දන්නා නිසා .. බල්ලෙක් හරි පුසෙක් හරි පාරේ යනවා දැක්කොත්  කවුරුත් කියන්නේ නෑනේ “ අන්න බල්ලෙක් හෙළුවෙන් යනවා” කියලා ඒ මොකද ඌ එහෙම ඉන්නවා දැකල මිනිස්සු ඒ ගැන දන්න නිසා. යුරෝපයේ තත්වයත් එයාට සමානයි . බාගෙට ඇදගත්තු 

කෙල්ලෙක් පාරේ ගියත් ඒක සාමාන්‍ය දෙයක් . ලංකාවේ එහෙම ගියොත් එක ලෝක ප්‍රශ්නයක්. ලංකාවේ ස්ත්‍රී දුෂණ වැඩි වෙන්න ලොකුම හේතුවත් මේ ලිංගික අධ්‍යාපනය හරි හැටි නොදැනීමයි .. අවුරුදු 13 - 14 කෙල්ලන්ට ළමයි හම්බවෙන්නෙත් ඒ නිසයි. අනාරක්ෂිත ලිංගික සබදතා එයට ප්‍රධානතම හේතුවක් . ඒ දේ ගැන අවබෝදයක් තිබුනත් ඒවා වලක්වා ගන්න ක්‍රම දැන සිටියත් ෆාමසියකින් ඒවා ඉල්ලන්නේ කොහමද ? . මිනිස්සු මොනවා හිතයිද ? වගේ ප්‍රශ්න ඇතිවෙනවා වෙන්නත් පුළුවන්.. ඒ සමාජය මගින් අත්කර දී ඇති තතවයයි..කොහොමින් කොහොමින් හරි ලංකාවේ මිනිස්සුන්ට ලිංගික දැනුම නිවැරදි ආකාරයෙන් දෙන්න පුළුවන් නම් මේ සම්බන්දව ඇතිවෙලා තියන ප්‍රශ්න ගොඩක් වලක්වා ගන්න පුළුවන් වෙයි ..


ලිංගිකත්වය එහෙමත් නැත්නම් sex  කියන්නේ ශාරීරික බැදීමක් විතරක් කියලා බොහෝදෙනෙක් හිතුවත් අපි මේ කතාකරන මාතෘකාව ශාරීරික ගනුදෙනුව ගැන පමණක් නෙවෙයි. මේ සමගම බැදුණු මානසික බැදිම මානව ලිංගික ජිවිතයේ තවත් පරිච්චේදයක් පෙරලනවා. මිනිසාගේ ලිංගික අවයවය ස්ත්‍රිද පුරුෂද කියලා අගවන දෙයක් කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඒත් ඒකට ඊට වඩා වෙනස් අර්ථයක් දෙන්න පුළුවන් .මොකද මිනිසාගේ ප්‍රදනතම ලිංගික අවයවය මොලය නිසා.
සිතීම කියන දේ හදවතින් සිදුවෙන දෙයක් කියලා අපි හිතුවත් , එහි නියම ක්‍රියාකරු මොළයයි . මිනිසුන්ගේ ලිංගික කාර්යන් වලදී ශරීරය ක්‍රියාත්මක උනත් සියලුම අදහස් සහ උත්තේජනයන් ලබා දෙන්නේ මොලය විසිනුයි. ආකර්ෂණය ඇතිවීම ,ආසාව , උත්තේජනය , උත්තේජනය උපරිමයට පැමිණීම , ක්‍රියාත්මක වීම කියන සියලු දේ සදහා උපකාරී වෙන්නේ මොළයයි .


මිනිසාගේ මොලය එහෙමත් නැතිනම් කව්රුත් කියන විදියත් සිත ගොඩක් වෙලාවට තියෙන්නේ කලබලයෙන් . එහෙමත් නැත්නම් තරගෙන් . මිනිසාට තියන කාර්ය බහුලත්වය නිසාම මොලය දැඩි පීඩනයකට ලක්වෙලා .. ඉතින් හිත නිදහස් කරගන්නට බොහෝ අය බොහෝ දේවල් කරනවා . එතනින් බෝහෝමයක් දෙන කරන්නේ සිංදු අහන එක . නමුත් මනෝ විද්‍යාවට අනුව ලිංගිකත්ව කියන්නේ මානසික වශයෙන් තදබල පීඩාවකට පත්ව සිටින්නකුගේ පීඩනය අඩු කරන්නට හේතු සාදක සපයන කියාවලියක් බවයි. බොහෝ දෙනෙක් මානසික පිඩා  ආදිය ලබන විට නින්ද නොලබන අතර තම යුගල සම්බන්දතා පැවැත්වීම සම්බන්දයෙන් අඩු අවදනයකුත් යොමු කරයි. මානසික පීඩන ඇති අවස්ථාවන් වලදී එවැනි හැගීම් ඇති නොවෙන බවත් ඔවුන් තනි තනිව අදහස් දරා සිට එය හේතුවක් කරගෙන යුගල බැදීම් සිදු නොකර සිටීමත් නිසා ඔවුන්ගේ මානසික පිඩනයට පිළිතුරක් නොලැබේ.නමුත් එවැනි අවස්ථා වලදී යුගල බැදීම් සිදු කිරීම මගින් ශරීරයේ කියවලින් වෙනස් වේ. ඒ සමග මානසික පීඩනය අඩුවී නින්ද ලගාවීම සිදු වේ. කලින් කිවා සේම ලිංගිකත්වය යනු තම වර්ගයා බෝකිරීම පමණක්වත් , තවත් එක් ශරීර ක්‍රියාකාරකමක් වන්නේද නැත ..

5 comments:

  1. එල එල ඈ...
    බැන්ද දවසකට මෙවුවා වැදගත් වෙයි...
    ඒ කාලෙට මාත් දාන්නංකෝ දෛනිකව පෝස්ට්...

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් අපිට ඉන්න හම්බවෙන්නේ නෑ.

      Delete
  2. මේක තමයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමයෙන් නොලැබෙන දැනුම. අපේ එවුන්ට මැජික් වෙන්නේ මේ අධ්‍යාත්මය නැති වුන නිසා තමයි.

    දිගටම ලියපං ජය !

    ReplyDelete
  3. හර බර දෙසුමක්...ආයිමත් බදින්න හිතෙනවා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...