කෑල්ලක් නැති මට ලෑලලත් සැපයි ..!!
අලුත් විදිහට දෙයක්
ලියන්න හිතුවා .. ඉතින් මම මේ ලගදි කියවපු ලිපියනකිනුත් කරණු ටිකක් අරන් මගේ
අදහසකුත් දාලා අලුත් විදිහේ එකක් ලියන්නයි හදන්නේ ..... චූන් පාන් කාරයා තරම් චුන් එකේ ඉන්න එකෙක් තවත්
නෑ . කන පැලෙන්න චුන් සද්දේ දාගෙන සසරක් නැතුව ඌ හැමතැනම යනවා . අපි ඉතිං වෙනම
වාහනයක් අරන් ඌ පස්සේ පන්නන්න ඕනේ මාළු නැති මාළු පාන් ගෙඩියක් ගන්න . අපි උගේ
පස්සේ දුවන්නේ මාළු බයිසිකලේ පස්සේ බල්ලෝ පන්නනවා වගේ. කොච්චර ප්රශ්න තිබුනත් චුන්
එකේ ඉන්න එකම එකා පොර වෙන්නේ ඒක නිසයි. ඔය කවුරු කොහොම හිටියත් මමත් ඒ කාලේ ඉදන්ම
හිටියේ චූන් එකේ තමයි. දැන් සමහරු අහයි උබත් චූන් පාන් විකුණනවද කියලා. නෑ මම චුන්
එකේ හිටියේ කෙල්ලෙක් set කරගත්තේ නැති නිසා . හැබැයි මගේ ඇති ජාති මිත්රයෝ නම්
එදා ඉදන්ම කිව්වේ කෙල්ලෙක් දා ගනින් දා ගනින් කියලා .. සමහරු ලියුනුත් ලියන්
හිටියා කෙල්ලන්ට දෙන්න මම දුන්න වගේ .. එක පාරක් දෙන්නම හැදුවා බොහොම අමාරුවෙන්
නවත්ත ගත්තේ .. ඒ මගේ චූන් ජිවිතේ ගැන ඉරිසියා හිතිලා කියලයි මම නම් හිතුවේ. ඒත්
දැන්නෙ තේරෙන්නේ චුන් ජිවිතේ තරම ..
කෑල්ලක් නැති මට ලෑල්ලත්
සැපයි කිව්වට කෑල්ලක් නැති ජිවිතෙත් පුහුලනේ නැති කජු ගෙඩිය වගේලු.ඉතින් මමත්
හිතුවා මගේ චූන් ජීවිතේට තිත තියන්න .. එහෙම හිතුවා කියලා හැම මගුලම හිතපු ගමන්
හරියනවායැ. ඉතින් මම හිතුව හිතේ ඉන්න
කෙල්ල ගැන පොඩි වචනයක් දෙකක් කියලා දාන්න ..
පළවෙනිම දේ තමයි මට ඕනි
කෙල්ලෙක් මිසක් කෙල්ලෙක් කියලා හිතන් ඉන්න ජාතියේ කෙල්ලෙක් නෙවෙයි.ඒ වගේම පාරේ
ගෙනියන්න පුළුවන් විදියේ කෙල්ලෙක්නම් තවත් හොදයි .. පාරේ ගෙනියන්න පුළුවන් වගේම
ගෙදර තියලා යන්නත් පුළුවන් වෙන්න ඕනි .. මොකද අපි ඇමරිකාවේ ඉදන් ඊයේ ලංකාවට ආපු අය
නෙවෙයි නෙ . ඒක නිසා ලංකාවේ සිස්ටම් එකට ගැලපෙන එකක් තමයි මම හොයන්නේ . කෙල්ල එක්ක
යාලුවෙන්න කලින් පොඩි අය වැය ලේකනෙකුත් තිබුනොත් වඩාත් හොදයි. නැත්නම් මට වෙන්නේ
වදින්න ගිය දේවාලෙට ගොනා ඇනල ගහෙන් වැටුන මිනිහගේ ඔලුවේ කඩාපාත් උනා වගේ වැඩක් ...
මෙන්න වැන්ඳා සුළු අත්වැරදීම් වලින් බබාලා එහෙම ඉන්න අය ඕනේ නෑ.. මොකද මම කැමති නෑ
අතු පිටින් ගෙඩි තියන ගහක් සල්ලි දිලවත් ගන්න .

සමහර කෙල්ලන්ට පුළුවන්ලු
කොල්ලෝ ලක්ෂපතියෝ කරන්න හැබැයි ඊට කලින් කොල්ල කෝටිපතියෙක් වෙන්න ඕනිලු. අනේ මට
ලක්ෂපතියෝ වෙන්න නම් ඕනි නෑ .. තියන තුට්ටු 2 පරිස්සම් කරන්න පුලුවන්නම් ඒ ඇති .
එහෙම කියලා සල්ලි ඉතුරු කරන්න හිතන් කොට මොඩල් එකේ ලග පිකප් වෙන ඇදුම් ඇන්දේ
නැතුවට කමක් නෑ. මොකද අපේ ගමේ උන්ගේ නරි ටෝන් එක හොදට වැඩ. මමිලා ඩැඩීලා අපේ ගෙවල්
වල නෑ.. කොහොමත් මමිලා ඉන්නේ පිරමිඩ අස්සේ නෙ . ඉදල හිටලවත් දර ලිපේ උයන්නත්
කැමැති නම් හොදයි ..මොකද මමත් කැමති දර ලිපේ උයන කෑම වලට .. මගේ නම කන වාරියපොළ
style එකේ අය නම් වැරදිලාවත් ගෙට ගන්නේ නෑ. බියුටි සැලුන් අපේ ගෙදර open කරන්න නම්
මගේ අදහසක් නෑ .. ඔය වගේ කෙල්ලෝ නම් පොල්පිත්තකින් උනත් කපා ගන්න බැරියැ..
කොහොමින් කොහොම හරි සියට දෙසීයක් ආ වඩලා ඔය කොන්දේසි වලට නැවෙන්න පුළුවන් කෙල්ලෙක්
මම හොයන්නේ .. කෙටියෙන්ම කිව්වොත් සරල චාම් කෙල්ලෙක් .
දැන් කට්ටිය කියයි , මූ හෙන
පව් බන් මේ ලොවෙත් නැති කෙල්ලක් set වෙනකම් බලන් ඉන්නේ කියලා. ඇයි බන් අවාරෙටත් අඹ
හැදෙන්නේ .. තැඹිලි ගස් කාලයක් වෙද්දී පොල් ගස් වෙන්නේ .. ලංකවේ එක කොල්ලට කෙල්ලෝ
3ක්ද කොහෙද ඉන්නවලු ඒ අස්සේ එකෙක් ඇතිනේ කොහේ හරි කෙල්ලෙක් ..දෙන්නම එකවගේ පෙනුනට එකෙක් තාරාවෙක් එකෙක් පාත්තයෙක් නම් වැඩක් නෑ
දෙන්නා ගැලපෙන්නේ නෑ .. love කිරිල්ලත් ඒ වගේ තමයි.. කොල්ල තක්කාලි ගෙඩියක්නම්
කෙල්ල පරාල ඇනේ උනොත් එතන මහා අවුලක් වෙනවා .. අඩුම තරමේ කෙල්ල තක්කාලි හොද්දට දාන
කරපිංචා නැට්ටක් වත් උනොත් පොඩි හරි ගැලපීමක් තියනවා.. කවුරු හරි ඉන්නවා නම්
කියන්න . මොකද කොච්චර චූන් උනත් මේ චූන් ජීවිතෙත් මට එපා වෙලා තියෙන්නේ .. අයියලා
හිටියට මට අවුලක් නෑ .. කලින් කොල්ලෙක් හිටියත් අවුලක් නෑ .. මොකද කොල්ලෙක් හිටිය
නැති කෙල්ලෙක් දැන් 6 වසර පන්තියකින්වත් හොයන්න නෑ ..තියෙන්නේ එක ප්රශ්නයයි “ මේ එහෙම කෙල්ලෝ ඉන්නවද බන් ? ”
නෑ කියලා දෙයක් නෑ. එහෙම කෙල්ලොත් ඇති......... හැබැයි ඉතිං ගොඩක් මහන්සි වෙන්න වෙයි හොයන්න........ ඒ අතින් උඹ හෙන පව් තමා.........
ReplyDelete"මට කෙල්ලෙක් එපා" කියලා කියන්න මෙච්චර මහන්සි වෙලා ලියාපු පොස්ටුවක් දැක්කමයි....
ReplyDeleteදාහං මචං පහක්...!
Deleteමංගල දැන්වීම් එකට යන්න ඕනේ එකක් බ්ලොග් එකේ වැටිලද ?
ReplyDeleteඅතඅරින්න ඒපා මචං..................
ReplyDeleteහම්බවෙන්නම එපා.....
ReplyDelete"අහිංසකයි - රටක් වටියි
ReplyDeleteවිවාහයට කෙනෙක් සොයයි"
කියලා මැලේ රාළ දවසක් කිව්වා වෙන කොල්ලෙක් ගැන.