Wednesday, June 3, 2015

බලාපොරොත්තු සමග ජීවිතය... !!!

දැන් ඉස්සර වගේ කතා ලියන්නේ නෑ .. කතා ලියන්න වෙලාවක් ඇත්තෙත් නෑ .. වෙලා තිබුනත් ඒවා ලියන්න හිතෙන්නෙත් නෑ .. අද කාලෙකින් එන්න හිතුනා මේ පැත්තට .. අලුත් බලාපොරොත්තුවක් එක්ක.. මිනිස්සු හැමෝටම බලාපොරොත්තු තියනවා . එහෙම නෑ කිව්වොත් ඒක බොරුවක් . ඒ අතරින් කවදාවත් ඉටු කරගන්න බැරි දේවල් නම් ඕනි තරම් ඇති .  ඒ අතර කවුරුත් නොදන්නා කාටවත් නොකිව්ව බලපොරොත්තුත් ඇති .. මොනවා උනත් කවුරු මොනවා කිව්වත් කවුරුත් කැමති ඒ බලාපොරොත්තු එක්ක ජීවත් වෙන්න .. ඒවා ඉටුවුනත් නැතත් ඒවා ගැන හීන දකින එක හැමෝම කැමති දෙයක් .. බලාපොරොත්තු මිනිස්සු ජිවත් කරනවා .. ඒක තමයි මිනිස්සුන්ට ඉස්සරහට යන්න තල්ලුවක් දෙන්නේ . ඒත් එක ප්‍රශ්නයක් තියනවා ඒ ඇත්තටම මිනිස්සු ඉස්සරහට ගෙනියන්නේ බලාපොරොත්තුමද කියන එක.


හැමෝගෙම බලාපොරොත්තු අහස උසට , ඒ උසට හදපු මාලිගා වල මිනිස්සු ජිවත් වෙනවා . ඇත්තටම මේ විදිය සාර්ථකද ? කාටද කියන්න පුළුවන් මේ විදියෙන් දිනන්න පුළුවන් කියලා .. ලෝකෙට ලොකුවට පම්පෝරි ගහන සමහර උන් ලෝකෙට කියන්නේ උන් කරන්න ගිහින් වැරදුනු දේවල් . ඒක වැරදුනත් උන් කැමති නෑ ඒක වැරදි කියලා පිලිගන්න . කාටද කියන්න පුළුවන් මේ විදිය කරලා ජීවිතය දිනන්න පුළුවන් කියලා . ඒ යථාර්ථය මෙය නොවේ ලෝකය එක දිශාවට දුවන කොට අපිට ඊට ප්‍රතිවිරුධව දුවන්න බෑ .. අපි අතර ගැටුම පටන් ගන්නේ එතනින් . අපේ හිතේ බලාපොරොත්තු වෙන කෙනෙක් කියන විදිහට කරන්න යනවා . ඒ කඹ ඇදිල්ල නිසා තමයි හැමදාමත් අපේ බලපොරොත්තු බලාපොරොත්තු විදිහටම තියෙන්නේත් ..අපි කරන උපකල්පන හැම වෙලාවකම සාදාරණ නෑ .. ඒ වගේම ඒවා බොහෝ වෙලාවට උපකල්පනම විතරක් වෙන්නෙත් ඒ නිසයි ..  ඕනිම දෙයක් ගැන ඕනිවට වඩා බලාපොරොත්තු තියාගන්න එක ඇත්තම හොද දෙයක් නෙවෙයි . මොකද ඒ බලාපොරොත්තු කැඩුනම හිතට දැනෙන දේවල් එච්චර හොද දේවල් වෙන්නේ නෑ. අද අපිට අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක ඒවා හොදින් වටහා ගන්න බෑ .. ආදර සබදතා බිදවැටෙන කොට එකිනෙකාට වෛර කරන , නිකාව මරණ තැනට ඇවිත් තියෙන්නෙත් ඒ නිසයි ..


අපේ බලාපොරොත්තු විවිධයි. ඒත් හැමෝම ගත්තම තියෙන්නේ ටිකක් සමාන බලාපොරොත්තු ටිකක් ..  හොදට ඉගෙන ගන්න , හොද රස්සාවක් , වාහනයක් ගන්න , හොද පෙම්වතෙක් / පෙම්වතෙක් ලබන්න , ඒ කෙනාම සමග විවාහ වෙන්න , ගෙයක් හදන්න , හොදින් ජිවත් වෙන්න. ගොඩක් අයගේ බලාපොරොත්තු තමයි  ඔය . ඒත් ඕවා ඒ විදිහට නොවෙනකොට කාට උනත් ඇති වෙන්නේ දුකක්. ගොඩක් අයෙගේ තියෙන්නේ ආදර බලාපොරොත්තු .. ඒවා ඉටු කරගන්න ගොඩක් අය දගලනවා . සමහරු සාර්ථකයි සමහරු අසාර්ථකයි .. කවුරුත් කැමති ආදරය ලබන්න, ආදරය කරන්න ඒ ඒවා ඒ විදිහට නොවෙනකොට ගොඩක් අය මානසිකව පහත වැටෙන්නේ ඉබේම. කෙනෙක් ආදරෙ නිසා ගොඩාක් සතුටින් ඉන්නවා ..තව කෙනෙක් ඒ ආදරෙ විදින ගමන් විදවනවා එයා බලාපොරොත්තු වෙන ආදරය ලෑබෙන්නෙ නැති නිසා පෙම්වතිය හො පෙම්වතාගෙ වෙනස් කම් රෑවටිලී දරාගෙන දලා යන්න බෑරි නිසා ඉවසන් ඉන්නවා. තව කෙනෙක් ආදරෙ කරලා ඒ ආදරෙ මොන විදිහකින් හරි  නැති වෙලා දුක් විදිනවා.. ආදරෙ කරන කෙනා වෙන කෙනෙක්ගෙ වෙනවා දකිමින් දුක් විදිනවා. අපිට මෙවලින් කෝක ලැබුනත් අපිට ඒ ඇත්තට  මුන දෙන්නම වෙනවා. ජිවිතෙන් පැනලා යන්න අපට බෑ.. මොකද මේ ජිවිතෙ අපට ලෑබුනෙ පිනට. අපිට මේ ජිවිතේ ලැබුනේ  පලක් ඇති දෙයක් කරල මැරිලා යන්න මිසක් විහින් නැහිලා යන්න නෙවෙයි. ආදරේ කරන ඒක රැක ගන්න උත්සහා කරන්න. රෑවටිල්ලක් විහිලුවක් කර ගන්න උත්සහා කර ගන්නෙපා. අද අපි ඒ කරන විහිලුව හෙට  වෙන කෙනෙකුගෙන් ලෑබෙන්න පුලුවන්. ඒක කෙල්ලෝ කොල්ලෝ  දෙපක්ශයටම පොදු දෙයක්.  ආදරයේ කරන කෙනා ඔයාව දාලා ගියා නම් ඇත්තම සතුටු වෙන්න මොකද ඒ ඔයාට ආදරය කරන කෙනා නොවෙන නිසා.  අපිට අවන්කවම ආදරෙ කරන කවුරුන් හරි කෙනෙක් අපිට ඉන්නවා මේ  ලෝකේ එයා අපිව හොයන් එයි අනිවාර්යෙන්. ආදරෙන් පරද වුනා කියලා අපි අපෙ ජිවිතෙන් පරාද වෙන්නෙ නෑ නෙ. යන්න ජිවිතෙ දිනන්න මාර්ගය හොයන්න.. එක බලාපොරොත්තුවක් කඩ වෙනකොට අනිත් බලපොරොත්තු වලට ඒක ශක්තියක් කරගන්න. ජිවිතේ අතර මග නෑවතුන සිහින බලාපොරොත්තු සාර්තක කර ගන්න මාර්ගය හොයා ගන්න...අවංක අයට වරදිනවා හැබැයි කවදාහරි හරියනවා නොවරදින්නම  ... රැවටුන තැන  මොකක්ද කියලා අදුන ගන්න හැබැයි ආයෙත් ඒ මෝඩ කම කරන්න එපා.. අනුන්ගේ  බලපොරොත්තු ඉටුකරගන්න ගිහින් තමන්ගේ බලාපොරොත්තු නැති කර ගන්න එපා. ලැබෙන දේ ලැබෙනවා නොලැබෙන දේ නොලැබෙනවා ..

 

කෙනෙක් රවට්ටලා , තව එකක්ට වල කපල ගන්න දේවල් වලින් වැඩක් නෑ .. කිසිදෙයක් බලෙන් ගන්න බෑ . ගත්තත් වැඩක් නෑ. ඒවායේ කිසි වටිනාකමක් නෑ . කාටත් බලාපොරොත්තු තියෙන්න ඕනි . හැබැයි ඒවා එක්කම ජිවත් වෙන්න ගියොත් අපි හැමදාමත් එකතැන පල්වෙනවා මිසක් ඉදිරියක් නෑ... හීන එක්ක ජිවත් වෙන මිනිස්සු ඒවත් එක්කම වැළලිලා යනවා කියල කතාවක් තියනවා .හීනත් එක්ක ජිවත් වෙන්න ගියාම ලෝකෙම ප්‍රශ්ණ අපේ ඔලුවෙලු . ඒක නිසා  හීන දකින්න ඒත් හීන ඇතුලේ ජිවත් වෙන්න ගියොත් ජීවිතෙත් හීනයක් වෙයි .




2 comments:

  1. ඉතා කැපවීමෙන් සකස් කරන ලද බ්ලොග් අඩවියකි. මෙම වෙබ් අඩවියට වැඩි වටිනාකමක් එක් කිරීමේ අරමුණින් පිණිස ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඒවා අයදුම් කිරීම සම්බන්ධයෙන් ඔබට ඇතිවන ගැටලු නොමිළේ නිරාකරණය කර දෙනු පිණිස අපගේ ලිපිනය මෙහි සනිටුහන් කරන්නෙමු. http://cardslanka.blogspot.com/

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...