Tuesday, February 18, 2014

ලෝකෙට පේන්න කරන උදව්....


හොද කාලයක් වගේම නරක කාලයක් කාටත් තියනවා. එකෙක්ට හොද කාලයක් ලබනකොට තව කෙනෙක් නරක කාලයක් ලබනවා. ඒක ලෝක ස්වභාවය. අපිට උදව්වක් ඕනේ වෙලාවට උදව් කරන්නේ කීයෙන් කී දෙනාද. එහෙම කාල වලදි ගොඩක් අය කරන්නේ අහක බලාගෙන ඉන්න එක. ඒ වගේ උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ.කෙනෙක්ගේ සතුටක ඉදලා දුකකදී අහක බලාගෙන ඉන්න උන් ගැන නම් කතා කරන එක අපරාදයක්.


කොහොම උනත් එකා මොකා උනත් ඌත් මනුස්සයෙක් . උටත් උදව් ඕනේ වෙලාවල් එනවා. මොනවා උනත් සමහර අය උදව්වට එනවා. එහෙම අය ඉන්න එකත් වාසනාවක්.සමහර වෙලාවට ඒ උදව්ව සුළුපටු එකක් නොවෙන්න පුළුවන්. ඒත් තවත් සමහර අය උදවුවක් කරන්න එන්නේ උදවුවක් බලාගෙන.අර කතාවටත් කියන්නේ 'මීයක් කඩන්නේ අත ලෙව කන්න ද' කියලා.අන්න එහෙම උන්ගෙනුත් පරිස්සම් වෙන්න ඕනේ.

Friday, February 14, 2014

වෙළෙන්දන්ට සතුට ගෙනෙන ආදරවන්තයින්ගේ දිනය...

අද ලෝකයේ බහුතරයකට සාමාන්‍ය දවසක් .. ඒ වගේම ලංකාවේ බහුතරයකට අද පෝය දවසක්.  ඒ උනාට ආදරවන්තයින්ගේ දිනය කියලා එකකුත් අද තියනවා .. ඒත් ඒක සමරන්නේ නම් කීප දෙනයි . ආදරවන්තයින්ගේ දිනය එහෙමත් නැත්නම් වැලන්ටයින් දිනයත් ඒ වගේම අපේ සමාජය තුළ පිළිගත්ත දිනයක් බවට මේ වෙනකොට පත් වෙලා. අද මේ දවස සමරන අයට නම් ගොඩක් සතුටු දවසක්. සමහර අයට අද සාමාන්‍ය දවසක් . ඒ උනාට කතා නොකරනම පිරිස තමයි මේ දවසේදී දුක් වෙන පිරිස. දැන් ඔයාලට හිතෙයි කව්ද අද දුක්වෙන්නේ කියලා. දුක් වෙන්නේ මේ තරම් කාලයක් ආදරයෙන් ඉදලා වෙන් උන අය. එයාලට අද දවස පරණ දේවල් මතක් කරන තවත් එක දුක හිතෙන දවසක් විතරයි. එයාල ගොඩක්ම කරන්නේ අද දවසේ පරණ මතකයන් එක්ක කාලය ගත කරන එක. මතකයන් සමග ජිවත් වීම එක වෙලාවකට සතුටක් එක වෙලාවක දුකක් . දුක සතුට හැම වෙලේම තියනවා.මතකයන් එක්ක ජිවත් වීම ඒ තරම් හොද දෙයක් නෙවෙයි විශේෂයෙන් දුක්කිත මතකයන් . අපි දෙයක් අමතක කරන්න උත්සහ කලොත් අපිට එක මතක් වෙනවා ඉබේම .ඉතින් අමතක කරන්න දගලනවට වඩා හොද අමතක වෙන්න ඉඩ හරින එක. කවුරු කොහොම කිව්වත් ආදරයක බිද වැටීම දරා ගන්න අමාරුයි. ඒක දන්නේ ඒ කෙනාම තමයි. අද කතාව ඒ ගැන කියන්න හදන්නේ නෑ. කලින් කැඩුණු බිදුණු හදවත් කියන කතා වෙන් මම ඒ ගැන කිව්වා.

Valentine’s Day, ඇත්තටම ලෝකයේ සුන්දරම දිනයක්. මේක හරියට යෞවනයේ දිනය වගේ. මෙහෙම මම කියන්නේ මට යාළුවෙක් කියපු කථාවක් නිසා, එයා කියන්නේ මේක මචං එළකිරි වගේ celebrate කරන්නේ younger generation එකලු. ඒත් මේ එළකිරි වගේ සමරනවා කියලා අපි මුලා වෙනවා නේද? ලෝකයේ පාලක පන්තිය මෙදාට සැබැවින්ම කෝටි ගණන් මුදල් Ice Cream වලින්, රෝස මල් වලින්, චොකලට් වලින්, Garden වලින්, උපයනවා ලෝකයේ විවිධ වූ රටවල් මේ දිනය වෙනුවෙන් රෝස මල් ටොන් ගණන් වවනවා. ඒවායින් ඊට පස්සෙ යෞවනයත් වවාගෙන කනවා. මේ දිනය

Wednesday, February 5, 2014

කැඩුණු බිදුණු හදවත් ... !!!

කව්රුත් කැමති සතුටින් ඉන්නලු.. ඒත් ඒ සතුට ඇති වෙන්නේ නැති වෙන්නේ මහ පුදුම විදිහකට. සමහරකුට සතුටක් වෙන දෙයක් සමහරකුට දුකක් . ගොඩක් අය නම් කියන්නේ ඒක එයාගේ choices එක කියලා. ඒ උනාට ඔය කතාව ආදරය කියන මාතෘකාවදී වෙනස් වෙනවා. ඒත් කතාව පිළිගන්නේ නම් අඩු පිරිසක් .Choices එකට ගැලපෙන කෙනාව හොයාගෙන එයාට ආදරය කරන එක choices එක නෙවෙයි නම් වෙන මොකක්ද කියලයි ගොඩක් අය අහන්නේ.. අද මගේ කතාව ආදරයවත් choices ගැනවත් නෙවෙයි. අද කතාව ආදරයේ බිද වැටීම ගැනයි .


ආදරය කිරීම එකක් .. ආදරය ලැබීම තව එකක් .. ආදරය ජය ගැනීම තව එකක් .. ආදරයෙන් වේලීම තව එකක් .. ඔය ඔක්කොම අද සමාජයේ තියනවා . ඒත් ගොඩක්ම තියෙන්නේ ආදරයෙන් අන්ධ වෙන සිදුවීම්. ආදරය ලබලා ආදරය කරලා ඇති ඔයාල හැමෝම . ඒක පාර්ශික ආදරනම් හැමෝගාවම. එතනිනුත් කෙනෙක් හොයාගෙන ආදරය කරලා විවාහය දක්වා යන්නේ කීයෙන් කී දෙනාද? ආදරෙන් බැදලා විවාහය අසාර්ථක වෙන අයත් නැත්තේම නෑ. පාසල් කාලේදී ගොඩක් අය ආදරය කරනවා ආදරය ලබනවා. සමහර අය ඒවා දිගටම පවත්වාගෙන යනවා. බහුතරයක් නැති වෙනවා.. ඒවාට කියන වචනය අපි කව්රුත් දන්නවා. BOOT.  ඒ කාලේට boot කෑම සාමාන්‍ය දෙයක් වෙනවා .. කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනසක් නෑ boot තියන්නත් පැකිලෙන්නේ නෑ. ඒ උනත් සමහර වෙලාවට ඔය කතාව හැම කෙනාටම කියන්න අමාරුයි. මොකද මාසයක දෙකක . අවුරුද්දක ආදරයක් නම් ඒක කියන එක ලේසි .. ඒත් අවුරුදු 4ක් 5ක් පැවතුනු එකකට එහෙම කියන එක නම් සාදාරණ නැති වෙයි. මගේ යාලුවෙක් එයා කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා . AL කාලේ යාලු උනේ. කෙල්ල මොනවා කලත් යාලුවෝ එපා කිව්වත් ඒක ගණන් ගන්න උවමණාවක් තිබුනේ නෑ. මොකද කෙල්ලත් මෙයාට ආදරය කල නිසා. අවුරුදු ගෙවුණා. විභාග පාස් වෙලා කෙල්ලට Campus යන්න ආවා. ඒත් මගේ යාලුවට නම් යන්න බැරි උනා. Campus ගියත් සම්බන්දය කාලයක් තිබුණා. මේ කෙල්ල සෙට් උනේ දුර තිබුණු campus එකකට. එක්ක යන වැඩ, එක්ක එන වැඩ සේරම මෙයා කලත් අන්තිමට මේ කෙල්ල වෙන කෙනෙක් දිහාවට හැරුනා.. එක දවසක එක සිදුවීමයි . අවුරුදු 4ක සම්බන්දයක් ඉවරයි..යාලුවෝ සහෝදර සහෝදරියෝ , දෙමව්පියෝ සේරම දැනගෙන උන්නු සම්බන්දයක් . ඒක විනාසයි . එතකොට ඒක බූට් එකක්ද ? . ඔව් එක පැත්තකින් එහෙම තමයි . එහෙම නැත්නම් වැරදි වටහා ගැනීමක්ද ? මම හිතන්නේ නෑ . අවුරුදු 4ක් එකිනෙකා ඇදුනා ගන්න බැරි උනා කියලා . ඒක බූට් එකක් නම් ඒක කොහොම දැනෙනවා ඇතිද? . ඒක දැනෙන්නේ එයාට විතරයි. ආදරයෙන් සමුගන්න ඕනේ කියලා කලින් පිපියක් ලිව්වා. ඒත් ඒක හැමෝටම කරන්න බෑ. ඒක දන්නේ ඒ කෙනා විතරයි තුවාලේ වේදනාව දන්නේ ඒක තියන එකාලු.

Related Posts Plugin for WordPress, Blogger...