Thursday, November 14, 2013

සිහින ලොවේ පාවෙන අපේ අය .....

කවුරුත් කැමති සන්තෝසෙන් ඉන්න. ඒ උනත් එහෙම ඉන්න පුළුවන් කීයෙන් කීදෙනාටද. ඇත්තම කතාව ලෝකේ කවුරුවත් සන්තෝසයෙන් නෑ කියන එක . මේකට ඔයාලා එකග නොවෙන්නත් පුළුවන්. කොහොම උනත් අද කතාව සතුට ගැන .. සතුට කිව්වම කවුරුත් කියන්නේ “සතුට තියනවා දුක නැත්නම් ” කියලා . සතුට කිව්වම කාටත් මතක් වෙන්නේ දුක මොකද ඒ දෙක අතර ඒ තරම්ම බැදීමක් තියනවා . ඒත් දුක සතුට කියන මාතෘකාවන් ඈත් වෙලා සතුට සහ හීන ගැන කතා කරන්න හිතුවා. ගොඩක් අය හිතන්නේ මේ වචන දෙක අතර කිසි සම්බන්දයක් නෑ කියලා . ඒත් ලොකුම සම්බන්දය තියෙන්නේ මේ දෙක අතරේ කියලා මට නම් හිතෙනවා.

 හීන නැත්තේ කාටද . හැමෝටම හීන තියනවා. ඒක පුද්ගලයා අනුව වෙනස් වෙනවා .. කෙල්ලෝ වැඩියම කැමතියි ලස්සට ඉන්න . ඒ උනත් විවාහක කෙනෙක් නම් එයාටම කියලා ගෙයක් හදාගන්න ගොඩක් කැමති. ඒ වගේම හොද පවුල් ජිවිතයක් ගතකරන්නත් කැමැත්ත ගොඩක් වැඩියි. කොල්ලෙක් උනාම තියෙන්නේ ඔයිට හාත්පසම වෙනස් කාරණාවක් . ඇදුම පැලදුම කියන්නේ කොල්ලන්ට එච්චර දෙයක් නෙවෙයි. පිරිමි කියන්නේ “වෙඩින් එකට ඇදපු කෝට්එක මලමිනියටත් අදින කට්ටිය ” ඒ කොල්ලන්ගේ හැටි. ගොඩක් කොල්ලන්ට තියෙන්නේ වාහන පිස්සුව . හොද වාහනයක් ගන්න ගොඩක් කොල්ලෝ කැමති . හැම හීනයක්ම සැබෑ වෙනවනම් අපි කොච්චර කැමතිද? ඒත් අපේ සමහර හීන හැමදාම හීන විදියටම තියනවා. ඒ හීන සැබෑ කරගන්න අපිට අවදානමක් ගන්න වෙනවනම්? අපි කීයෙන් කී දෙනාද අපේ සුපුරුදු ජීවන රටාවෙන් මිදිලා ඒ අවදානම ගන්න කැමති වෙන්නේ? ඒ අවදානම ගන්න බැරි නිසාම හැමදාම අපේ ඒ හීන හීන විදියටම තියනවා.හීනත් එක්ක ජිවත් වෙන අය කොහොම හරි ඒ දේ ඉෂ්ට කරගෙනම තමයි පස්ස බලන්නේ. සමහර අය නම් බලන්නේ හීනම තමයි. කරන්න බැරි දේවල් ගැන හීන දකින අයත් නැත්තේම නෑ . ඒත් එහෙම කරන්න බැරි හීන සැබෑකරගන්න අය තමයි ලෝකයත් වෙනස් කරන්නේ .
 

Sunday, November 10, 2013

ආදරයට පෙරළෙන මිතුරුකම්....

මේ ලිපිය ලියන්න හිතුනේ ආදරය සහ යාළුකම හදුනා නොගැනීම වෙනුවෙන් .කොහොම වුනත් මේක නම් ලියල ඉවර කරන්න පුලවන් එකක් නම් නෙවෙයි. අපිට යාලුවෝ හැමතැනම.ස්කෝලේ යාලුවෝ Facebook එකේ tweet , Google හතර වටේම යාලුවෝ . කොච්චර යාලුවෝ හිටියත් හැමදෙයක්ම කියන්න විස්වාස කරන්න පුළුවන් යාලුවෝ ඉන්නේ අතලොස්සයි . මොකද අපි කාට හරි දෙයක් කියනවා නම් ඒ දේ කියන්න අපිට ඒ කෙනා ගැන විස්වාසයක් තියෙන්නම ඕනේ. මොකද සමහර වෙලාවට අම්මල තාත්තලට නොකියන දේවලුත් අපි කියන්නේ යාළුවන්ට . යාළුකම් වලට කන කොකා අඩන්නේ කෙනෙක් ආදරය කරන්න පටන් ගත්තම කියලා ගොඩක් අය කියන කතාවක් . මොකද කොල්ලෙක් කෙල්ලෙක් එක්ක හරි කෙල්ලෙක් කොල්ලෙක් එක්ක හරි යාලු උනොත් දෙන්නට දෙන්නා ඉන්නවා කියල යාළුවන්ට හෙන ගහල ගියත් කමක් නෑ කියලා හිතන නිසා. මම කියන්නේ නෑ යාලුවෝ එක්ක සම්බන්දේ නවතිලාම යනවා  කියලා . ඒ උනාට අඩු වෙනවා අනිවාර්යෙන්ම . මොකද එයාල හිතනවා ඒක එයාලට බාදාවක් කියලා. ඒත් සමහරු නම් දෙකම සමබරව කරගෙන යනවා. එතැන තව කතාවකුත් තියනවා. සමහර වෙලාවට අනිත් පාර්ශවය නීති පැනවීම. ඉතින් එයා අකමැති දේ කරලා එයා නැතිවෙයි කියල යාලුවෝ ඈත් කරන අයත් ඉන්නවා. ඒ වෙලාවට එයාව අත ඇරලා යාළුවා තෝරාගන්න අයත් නැත්තේම නෑ. ඒත් ඇත්තම කතාව කෙනෙක් තව කෙනෙක්ට වාරණයක් දානවා නම් එයාට ඔයාව විස්වාස නෑ කියන එකයි. මොකද ඔයා එයාට  ආදරය කරනවා කියල විස්වාස නම් මොනවා කලත් ඔයා එයාව අත අරින්නේ නෑ කියල එයාම තේරුම් ගන්නවා. මොනවා වුනත් ආදරයට පොල්ල වැටුනොත් එදාට  එන්න වෙන්නේ ඔයා අතහරපු යාළුවා ලගටමයි.  

සාමාන්‍යයෙන් කොල්ලෝ කෙල්ලන්ට තමන් ගැන කියන්න දගලවා වැඩි.කෙල්ලොත් එහෙමයි. එහෙම නෑ කියනවා නම් ඒ ඉතා සුළු පිරිසකට විතරයි. ගොඩක් කෙල්ලන්ගේ හොදම යාළුවා කොල්ලෙක්. ඒක එහෙම හැම කෙනාටම නැතත් ගොඩ දෙනකුට එහෙමයි. සමහර අය Facebook එකෙන් මිතුරු උන කෙනෙක්ට තමන්ගේ දේවල් කියනවා . මොකද දෙයක් තද කරගෙන ඉන්නවට වඩා  ලේසි ඒක එලියට දාන එක.

Related Posts Plugin for WordPress, Blogger...