Saturday, September 21, 2013

කෙල්ලන්ට කතා කරන විදිහ .......!!

ආදර කතා හැමතැනම. කව්ද අකමැති ආදරයෙන් කතා කරනවට. එක එක අය කතා කරන විදිහ වෙනස් ඒ වගේම ඒවාට තමන්ගේම අනන්‍යතාවක් තියනවා. කොහොම උනත් ඇන්ටන් චෙකොෆ් තමන්ගේ බිරිදට යවපු ලිපි වල ඔහු ඇයට ආදරයට කතා කතා කරලා තියෙන්නේ “මගේ සීදේවි කිඹුලි” කියන ආදර වදනින් . ඒත් ඔය ආදේශනය අද තමන්ගේ බිරිදට හරි පෙම්වතියට හරි කියන්න ගියොත් ඔයාල වැටෙන්නේ සුලුපටු අමාරුවක නෙවෙයි. වචන කියන්නේ කෙනෙක්ට ලංවෙන්න තියන ගොඩක් ශක්තිමත් මාධ්‍යක් ඒත් ඒ මාධ්‍ය හරියට බවිත කරනවා අඩුයි. ගොඩක් අය ඒක හොදින් පාවිච්චි කරනවා ඒත් එට වඩා වැඩි පිරිසක් ඒක හරි විදිහට බාවිතා කරන්නේම නෑ. කව්රු කොහොම කිව්වත් ආදරය කරන කාලයේ ආදරය කරන්න විදි හොයනවා, කතාකරන්න විදි හොයනවා බොහෝ දේ කතා කරනවා . ඒත් ආදරය කරන කාලයේ සිද්ද කරන ගොඩක් දේවල් විවාහයෙන් පස්සේ සිද්ද වෙනවාදැයි සැකයකුත් තියනවා .. ආදරවන්තයන් ලෙසින් සිටින දවස් වල ආදර කතා පසුවට නැතිව යනවා. .කොහොම උනත් අද කතාව ඒක නෙවෙයි. ඇත්තටම කෙල්ලෙක් සතුටු කරන්න පුළුවන් වචන මොනවද? ඒ වගේම ඇගේ හිත රිදෙන විදිහේ වචන මොනවාද? අද ටිකක් ඒ ගැන කතා කරන්න හිතුනා. Babe, Baby එසේ නැතිනම් සිංහලෙන්ම කියනවා නම් ‘බබා යනුවෙන් කතාකිරීම බොහෝවිට අද ලංකාවේ ආදරවන්තියන් අතර අසන්නට ලැබෙන වචනයක් වෙනවා. Babe, Baby කියන වචන ලෝකයේ පොදු සුරතල් නාමයක් උනත් ඔයාලා නොදන්නා කරණය වෙන්නේ ලෝකයේ සිටින කාන්තාවන්ගෙන් එහෙමත් නැතිනම් කෙල්ලන්ගෙන් බහුතරය ඒ නම් දෙකට අතිශයින්ම අකමැති බවයි.ඇත්තටම මෙහෙදී කෙල්ලන් කොල්ලන්ටද Babe, Baby යන වචනය බාවිතා වීම සුලබයි නමුත් කරණය වන්නේ ඔයා කියන දේට අනිත් කෙනා කැමතිද යන්නයි. ඔහු හෝ ඇය කිසිවක් නොකියා සිටින්නට පුළුවන් එහෙත් එයින් කියවෙන්නේ ඔහු ඇය එයට කැමති කියා නොවෙයි.

ඇත්තටම මේ කියන කතාව ලෝකයේ එක පරීක්ෂණයකින් ගත්තු කරුණු ටිකක්.එයින් කියවෙන විදියට ගැහැනුන් පොදුවේ අකමැති වචන කීපයක්ම තියනවා. එයින් Babe කියන වචනය මුල් තැනක් ගන්නවා ඊට අමතරව sweet cheeks, snookum, baby doll, baby girl , muffin , honey bun කියන වචන වලට මුල් තැන ගන්නවා මෙතනින් ගොඩක් වචන ලංකාවේ අපි පාවිච්චි කරන්නේ නැති වෙන්න පුළුවන් . ඒත් එහෙම නොවෙනවා කියලා කියන්නත් බෑ .

කාන්තාවන් පොදුවේ කැමැත්තක් දක්වන සුරතල් වදන් අතරට gorgeous, beautiful ,lovely, love ,darling ,honey ,sexy, sexy legs, angel ,dearest ,princess  යන වචන ඇතුලත් වෙනවා එහෙත්  sexy, sexy legs යන වචන බටහිර කලාපයේ කාන්තාවන් කැමති උනත් ලංකාව වගේ ආසියානු සංකෘතියක් තියන රටක කෙල්ලෙක්ට කියන එකනම් ඒ තරම් නුවනට හුරු දෙයක් වෙන්නේ නෑ.මෙයින් පැහැදිලි වෙන්නේ වෙනත් වස්තුවක ආහාරයක හෝ සතෙකුගේ නමක් සුරතල් නාමය ලෙසින් යොදාගන්නවට වඩා දයාබර වදන් ලෙසින් සම්මත වී ඇති beautiful ,lovely, love ,darling වැනි වචන වලට ඇය වැඩි කැමැත්තක් දක්වන බවයි. එසේම එම සුරතල් නාමය ඇයව මනා අගය කිරීමකට , ඇගේ සුන්දරත්වය ආකර්ෂණය ගැන කතාවක් පැවසෙන්නේ නම් එයද ඇගේ සතුටට කාරණයක් ලෙසින් දැක්වෙනවා .

සමහර විට ඔයා ඇයට කතා කරන විදිහ අමුතුම ආකාරයේ එකක් වෙන්න පුළුවන් ඒත් බොහෝ විට ඔබ ඇගේ ආදරය දිනාගන්න තැත් කරන්නකු නම් අයගේ ආදරය දිනා ගන්න ඔබ බාවිතා සුරතල් නාමය තීරණාත්මක සාදකයක් වෙන්න පුළුවන් .. එනිසා ඇගේ ස්වභාවය තේරුම් ගෙන ඇයට යොදන සුරතල් නාමය තීරණය කලෝතින් එය ඇයව ඔබට ලන්කරගැනීමට තිබෙන ලොකුම ආයුධය බවට පත්වෙයි.

1 comment:

  1. මේවා අත්දැකිමේන්මද කියන්නේ ?? :p

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...